හනිමුන් එක.

2.1K 148 15
                                    


ඔයා වොෂ් එකක දාන් එන්න ඩෝල්.

වෙඩින් එක ඉවර වුණ සැණින් අන්තිමට තිබ්බ නයිට් පාර්ටි එකත් ඉවර කරලා ජන්කුක් ආරිව එක්කන් ආවෙ එයාගෙ රූම් එකට.

අ.අපි දෙන්න ඉන්නෙ එක රූම් එකේද?

ජන්කුක්ගෙ මුළු රූම් එක වටෙම ඇස් යවන ගමන් ආරි අහනකොට ජන්කුක් කරේ හිනා වුණ එක.

අපි දැන් මැරි කරලා ඉන්නෙ ඩෝල්.

කෙල්ලගේ ඔලුවට එකක් අනින ගමන් ජන්කුක් කියනකොට ආරිගෙ මුණ ලැජ්ජාවෙන් රතුවෙලා ගියේ එයා අහපු ගොන් ප්‍රශ්නෙට.

ම්.මන් වොෂ් කරන් එන්නම්.

හ්ම්ම්.

ජන්කුක් එක්ක රූම් එකේ ඉන්න යම්තාක් අපහසුතාවක් දැනෙනකොට ආරි ඇඳුනුත් අරන් වොෂ් රූම් එකට ගියා. ආරි යන දිහා බලන් හිටිය ජන්කුක් එයා ඇදන් ඉන්න සුදු කොට් එක ගලෝලා ඊට යටින් ඇදන් හිටිය සුදු පාටම කමිසෙ අත් වැලමිට ළඟට නවන ගමන් ඇඳෙන් ඉදගත්තේ ලොකු සතුටකින්.

අන්තිමට ඔයා මගේ වුණා ඩෝල්. මන් ඔයාට ගොඩක් ආදරෙයි. 

කමිසෙ බොත්තම් කීපයක් ගලෝන ගමන් ජන්කුක් එයාටම මුමුණ ගත්තා.

' ජන්කුකා මන් මේ උඹට කියන්නේ ගොඩක් හොදින් කොල්ලො. මන් ආරිගෙ හිතේ උබ වෙනුවෙන් පුළුවන් විදියට ආදරයක් ඇති කරා. ඉතුරු ටික තියෙන්නේ උබට. මට විශ්වාසයි උබ පරණ ජන්කුක් වෙන එකක් නෑ කියලා. හැබැයි උබ පරණ පුරුදු අතාරින්නේ නැතුව අර පොඩි කෙල්ලට දුකක් දුන්නොත් අන්න එදාට උබෙයි මගෙයි තියන බැදීම එදාට ඉවරවෙයි ජන්කුකා. මන් ආරිට සලකන්නෙ මගේම දොන්සෙන්ට වගේ උබම හිතහන් මොන ඔප්පටද පුළුවන් තමන්ගෙ දොන්සෙන් දුක් විදිනවා බලන්න. උබ මගේ කෙල්ලට දුකක් දුන්නොත් එදාට ඇවිත් මන් ආරිව එක්කන් යනවා උබ ඉස්සරහම. මට ඒ කෙල්ලව බලා ගන්න පුළුවන් ජීවිත කාලෙම.'

' මන් එයාට දුකක් දෙන්නෙ නෑ හියුං. ආරි මගේ පණ.'

මන් ඔයා වෙනුවෙන් වෙනස් වෙනවා ඩෝල්. ආයිමත් දැන් ඉන්න ජන්කුක්ගෙන් පරණ ජන්කුක්ව ඔයාට දකින්න හම්බෙන එකක් නෑ.

SHE IS MINE <||JJK||> [completed] Tahanan ng mga kuwento. Tumuklas ngayon