____jimin pov____මන් දවල් ආරිත් එක්ක කතා කරන්න උත්සහා කරත් මට ඒක කරන්න බැරි වුණා. ජන්කුක් සර් ආරිට කතා කරපු නිසා එයා මාත් එක්ක හරි ලස්සනට හිනාවෙලා යන්න ගියා.
ඒ හිනාව ඇබ්බැහිවෙන සුළුයි.
මන් ආදරේයි ආරිට. මටවත් හිතාගන්න බෑ මන් කොයිවෙළෙඳ ආරිට ආදරේ කරන්න පටන් ගත්තෙ කියලා. ආරි ඔෆිස් එකට ආව දා ඉදන් එයා දිහා දුර ඉදන් බලන් හිටියෙ ආරි එක්ක කතා කරන්න හයියක් නොතිබ්බ නිසයි. මන් එයා එක්ක කවදාවත් කතා කරලා තිබ්බෙ නෑ. ඒත් කොහොමද මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති වුණේ.
මන් දන්නේ නෑ මන් මීට කලින් ගෑණු ළමයෙක් ගැන මෙච්චර උනන්දුවෙලා නෑ. ඒත් ආරි?. එයා දැක්ක දවසේ ඉදන් මගෙ හිත මටත් හොරා ඒ හිනාව හොයන්න පටන් අරන්. ඒත් මුළු කම්පැනි එකේම යන කට කතා එක්ක මට මාව පාලනේ කර ගන්න බැරි තරම් ලොකු දුකක් දැනෙනවා.
ජන්කුක් සර්ගේ අලුත් සෙල්ලම් බඩුව මින් ආරි!!!!
එයා එහෙම කෙනෙක් නෙමෙ. ආරි ගොඩක් හොඳ කෙනෙක්. ඒත් ඇයි මේ මිනිස්සු එයාට එහෙම කතා හදන්නෙ. අනික ඇයි ආරි ජන්කුක් සර් එක්ක එකට ඉන්නෙ?. ඒක මට ලොකු ප්‍රශ්නයක්. ආරි වගේ අහිංසක කෙල්ලෙක් ජන්කුක් සර් වගේ කෙනෙක් එක්ක ඉන්න එක ලොකු පුදුමයක්.
මන් අද දවසම ආරි ගැන හිත හිත ඉන්නකොට මට කතා කරෙ අපෙ කම්පැනි එකේ එකවුන්ට් පැත්ත බාරව ඉන්න අපෙ හෙඩ් මිස්ට ජන්ග්.
සර්.
ජිමින් ඔයාට මේ දැන්ම ජන්කුක් සර් එයාගෙ රූම් එකට එන්න කියලා පණිවිඩයක් එවලා තියෙනවා.
මිස්ට ජන්ග් කියනකොට මන් කරේ ඔලුව වැනුව එක. ජන්කුක් කියන නම ඇහෙන තරමට මගේ හිතේ එයා ගැන තිබ්බෙ ලොකු තරහක්. ඒත් මට කිසිදෙයක් කරන්න හයියක් නෑ. මන් මෙතන සේවය කරන සාමන්‍ය සේවකයෙක් විතරයි.
ජන්කුක් සර්ගේ රූම් එක ළඟට ගිහිං කීපවතාවක්ම කතා කරත් ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් තිබ්බෙ නෑ. ආශ් මගේ ඇග ඇතුලේ මාලු නටනවා. මේ මනුස්සයට මට දෙක තුනක් අයින්න පුළුවන් වුණානම්.
VOCÊ ESTÁ LENDO
SHE IS MINE <||JJK||> [completed]
Fanficරාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08