ආරිව උස්සගෙන ඇවිත් කාර් එකෙන් ඉන්දෙව්ව ජන්කුක් ඩ්රයිවින් ශිට් එකේ ඉදගත්තේ ආරි දිහා නොබලමයි. ජන්කුක්ට තරහයි ආරි එක්ක. ජන්කුක් ආසම නැත්තෙ තමන් එපා කියන දේ කරන මිනිස්සුන්ට.ඒත් එහෙමයි කියලා ජන්කුක් ආරිට බනින්න ගියේ නෑ. වේදනාවෙන් කකුල අතගගා ඉන්න කෙල්ල දිහා ඇස් කොනින් බැලුව ජන්කුක්ට තමන් ගැනම තරහක් ආවා. වැටිච්ච පාරෙ සැරට ආරිගෙ දකුණු කකුලේ වළලු කර ළඟ ගොඩක් ඉදිමිලා තිබ්බෙ.
" ආශ් ඇයි මන් එයාව තල්ලු කරේ. එයාගෙ කකුල ගොඩක් ඉදිමිලා." තමන්ටම දොස් පවර ගන්න ගමන් ජන්කුක් ඩ්රයිව් කරා.
ඒ අතර ආරි හිටියෙ ගොඩක් කලබලෙන්. කෙල්ලගේ හිත කිව්වේ ජන්කුක් බනි කියලා වුණත් කිසි කතාවක් නැතුව යන ජන්කුක් දිහා බැලුවම ආරිට පුදුම හිතුණා. ඒත් එක අතකින් ආරිට ඒක ලොකු සහනයක් වුණා.
..
.
.
.
විනාඩි ගාණක් ඇතුලත ජන්කුක් ආරිත් එක්ක ගෙදර ආවා. ආරි වෙනදා විදියටම වාහනෙන් බහින්න හැදුවත් කෙල්ල දිහා ඔරෝලා බැලුව ජන්කුක් කෙල්ල ඇරපු වාහනේ දොර ආයිමත් වැහුවා.
ඔහොම ඉන්නවා!!!
ජන්කුක්ගෙ කේන්තියෙන් පිරුණු ඇස් ආරි දිහාට එල්ල වෙනකොට ආරිත් මුකුත් නොකියා ජන්කුක්ගෙ අණට කීකරු වුණේ කොල්ලගෙන් බැනුම් අහන්න බැරිකමට. වාහනෙන් බැහැලා වටෙන් ආව ජන්කුක් ආරි ඉන්න පැත්තෙ දොර ඇරලා කෙල්ලව අත් අතරට ගත්තෙ ආරි ජන්කුක්ගෙ බෙල්ල වටේ අත් ඔතාගන්නකොට.
කෙල්ලව උස්සගෙන ගෙට ඇතුලු වෙනකොටම එයාලා ඉස්සරහට ආවෙ කිචන් එකේ රෑ කෑම හද හද හිටිය අජුම්මා.
දෙයියනේ බේබි මොකද මේ?
ආරිව උස්සන් එන ජන්කුක්ගෙන් අජුම්මා කලබලෙන් ඇහුවා.
කලබල වෙන්න ඕන නෑ අජුම්මා. මට උණු වතුර ටිකක් පොඩි බොල් එකකට දාන් අරන් එන්න.
ආරිව උස්සගෙන් රූම් එකට යනගමන් ජන්කුක් අජුම්මට කිව්වම ඔලුව වැනුව අජුම්මා කිචන් එකට ගියේ වතුර එකක් රත් කරන්න.

BẠN ĐANG ĐỌC
SHE IS MINE <||JJK||> [completed]
Fanfictionරාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08