වෙඩින් එක.

1.3K 156 10
                                    


මුළු ජෙයෝන් මන්දිරයම රතු සුදු රෝස මල් වලින් සරසලයි තිබුණෙ. ගොඩක් සරල විදියට සරසලා තිබ්බ ජෙයෝන් මැදුර කාගෙන් සිත් ගන්නා සුළු වුණා.

මේ අතර ආරි හිටියෙ තමන්ගෙ කාමරේ තිබෙන කණ්ණාඩියෙන් පේන තම ප්‍රතිබිම්බය දෙස දෑස් නොපියා බලා සිටිය එක.

ඔයා අද හරි ලස්සනයි ආරි.

තමන් පිටුපසට වී සිටින ජිවුන් ආරිට කියනකොට කෙල්ල ජිවුන් දිහා බැලුවේ කඳුලු පිරුණු දෑසින්.

අයිගෝ මොකද කෙල්ලෙ මේ ඇස් වල කඳුලු?

ඔන්නි ම්.මට බයක් දැනෙනවා.

තමන් ළඟට ආව ජිවුන්ගෙ අතින් අල්ලගෙන ආරි කියනකොට ජිවුන් කරේ ආරිගේ ඔලුව අතගාන ගමන් කෙල්ලව සන්සුන් කරපු එක.

අද වගේ දවසක බය කියන දේ සාමන්‍යයි ආරි. ඩොන්ට් වොරි. ඕකේ.

ආරිගේ ඔලුව අතගාන ගමන් ජිවුන් කියනකොට ආරි කරේ ඔලුව උඩ පහල කරලා ජිවුන්ගේ කීමට එකඟ වුණ එක.

කෝ මගේ දොන්සේන්.

ජිවුන්ගෙ වගෙම ආරිගෙත් අවදානය ගනිමින් කාමරය ඇතුලට ආවෙ ටේහියුන්. තද නිල් පාට ඇඳුමකින් සැරසී සිටි ටේහියුන් වෙනදට වඩා කඩවසම්ව පෙනුණා.

ටේ ඔප්පා. 

තමන් ඉදිරියේ කුමාරයෙක් සේ සැරසී සිටින ටේහියුන් දිහා බලන් ආරි මිමිනුවා.

ඕ මයි ගෝඩ්! මේ මගේ දොන්සේන් ආරිද? ජී මේ මගේ ආරි නෙමෙ. මේ ප්‍රින්සස් කොහෙන්ද ජී මෙහෙට ආවෙ. කෝ මගේ ආරි. 

කාමරේ ඇතුලේ දිග සුදු සරල මංගල අඳුමින් සැරසී සිටින ආරි දිහා බලන් ටේහියුන් විහිළු කරන්න ගත්තෙ ආරිගෙ කම්බුල් ලැජ්ජාවටම රතුවෙනකොට.

අද ආරි වෙනදට වඩා ගොඩක් ලස්සනට පෙවුණා. සුදු මංගල ඇඳුමට ටේහියුන් කිව්වා වගේ ආරි අද හරියට මිහිපිට වාසය කරන සුරඟනක් වගෙ තමා පෙව්නෙ.

අම්මෝ මේ කෙල්ල රතුවෙන තරම.

ආරිගේ රතුවෙච්ච මුණ දිහා බලාගෙනම ටේහියුන් ඇවිත් කෙල්ලගේ ඔලුව අතගෑවේ ගොඩක් ආදරේන්. 

SHE IS MINE <||JJK||> [completed] Hikayelerin yaşadığı yer. Şimdi keşfedin