පොරොන්දුව.

1.4K 137 6
                                    


අජුම්මට කන්න කිව්ව ආරි ජන්කුක් එනකන් මඟ බලන් හිටියත් ජන්කුක් ගෙදර ආවෙ නෑ. කොල්ලා බුසාන් ගියේ ඔෆිස් එකේ වැඩකට කියලා ටේහියුන් කිව්ව නිසා ආරි ජන්කුක්ට කෝල් කරලා කරදර කරන්න ගියෙත් නෑ. ආරි මඟ බලන් හිටියෙ ජන්කුක් කීයට හරි ගෙදර එනකන්. ඒත් කෙල්ල හිටියෙ ලොකු දුකකින්. ඒත් ඒ බවක් ආරි නොපෙන්වා හිටියා. 

පොඩි බේබි.

ජන්කුක් ගැන කල්පනාවක හිටිය ආරි ගැස්සිලා පියවි සිහියට එන්නෙ අජුම්මගෙ හඩින්.

අජුම්මා.

බේබි කන්නෙ නැද්ද? රෑ දහයත් පහුවෙලානෙ.

අජුම්මා කියනකොට ආරි කරේ උස්මක් පහත දාපු එක.

ජන්කුක් බේබි එන්න තව රෑ වෙයිද දන්නේ නෑ නෙ බේබි ඒ නිසා කාලා ඉන්න. අද දවසටම කාලා නෑ නෙ.

ඕන නෑ අජුම්මා කූ එන වෙලාවකට මන් කන්නම්. අජුම්මා ගිහින් නිදාගන්න.

දවසම නොකා නොහිටපු නිසා ආරිගෙ ඇගට පණ නැති ගතියක් තිබ්බත් ආරිට ඕන වුණේ ජන්කුක් එක්කම කෑම කන්න. ආරිට තව මුකුත් කියලා වැඩක් නෑ කියලා හිතුණ අජුම්මා එතනින් ගියේ ලිවිං රූම් එකේ ආරිව තනි කරලා. 

' ඇයි කූ ඔයා පරක්කු මට ලොකු බයක් දැනෙනවා. ඕ.ඔයා මාව දැන් ගණන් ගන්නෙත් නෑ. ඔයා මට්--- අනි අනි මන් මොනාද මේ හිතන්නෙ. ම්.මගේ කූ එහෙම නෑ දැන්. ක්.කූ ආදරේ මට විතරයි.'

හිතට එන එක එක විකාර සිතුවිලි එක්ක පොරබදිමින් හිටිය ආරිට වෙලාව යනවා තෙරුණේ නෑ. එන්න එන්න රෑ මැදියමත් පහුවෙනකොට ආරිගේ ඇස් පියවෙන්නේ එයාටත් හොරාමයි. සෝෆා එකේ ජන්කුක් එනකන් මඟ බලන් හිටිය ආරිට හොදටම නින්ද යන්නේ දවසේම තිබ්බ විඩාබර බවට. ඊටත් වඩා ආරි හිටියෙ මනසින් ගොඩක් වැටිලා.
.

.

.

.

සෝෆාව මත නිදන් හිටිය ආරි ගැස්සිලා නැගිටින්නේ උකුළ උඩ තිබ්බ ෆෝන් එක වයිබ්‍රෙඩ් වෙනවා දැනුණ නිසා. කලබලෙන් ෆෝන් එක අතට ගත්ත ආරි ෆෝන් ස්ක්‍රින් එක දිහා බැලුවම ලොකු හිනාවක් යන්නෙ ඒ ජන්කුක් නිසා.

SHE IS MINE <||JJK||> [completed] Tempat cerita menjadi hidup. Temukan sekarang