03.කොටස - ඇවකාඩෝ 🥑

719 145 19
                                    

අප්පා අපි දෙන්නා වෙනුවෙන් අරන් තිබ්බ නිවස තරමක් ලොකු උනා. දෙන්නෙක්ට ඒක ඕනවටත් වඩා වැඩී. ඒ උනත් ඒක හරි ලස්සන වටපිටාවකයි පිහිටල තිබුනෙ. ඉතිං ඒ පරිසරයට මං ආසා කලා. ජනාකීර්ණ නොවූ නිස්කලංක පැත්තක්. අපේ ගේ තරමක් ලොකු ඉඩමක තනිවම පිහිටල තිබුනා.

සර්වන්ට්ස්ලා කවුරුත් නැති නිසා ජන්කුක්ටයි මටයි කෑම බීම හදන එක මට කරන්න උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සර්වන්ට්ස්ලා කවුරුත් නැති නිසා ජන්කුක්ටයි මටයි කෑම බීම හදන එක මට කරන්න උනා. සර්වන්ට්ලා හිටියා ඒත් ජන්කුක් ඒ අයව ගෙදර යවල තිබුනා කියල තමා මට ආරංචි උනේ. එයා කැමති නිදහසේ ඉන්න වෙන්න ඇති. ඒ නිසා මාත් එයාගෙ තීරණයට බලපෑම් කරන්න ගියේ නැ. මගෙ හබී ගෙ වැඩ ටික මට කරන්න පුළුවන් ..

අපි දවල් ට මොකුත් කාලා හිටියෙත් නැති නිසා මට ලොකු බඩගින්නක් තිබුනා. දෙයියනේ ජන්කුක් ටත් බඩගිනි ඇති. දිගු ගමනක මහන්සිය වත් නොබලා මං කෙලින්ම කිචන් එකට ගියේ අපි දෙන්නට කන්න මොනාහරි හදන්න.

ෆ්‍රිජ් එකේ ඇවකාඩෝ ගෙඩි දෙක තුනකුයි සැන්විච් පාන් පෙතියි ඇරෙන්න වෙන මොකුත් ම තිබ්බෙ නැ. අනිවාර්යයෙන් ම නම්ජුන් හියොන්ග් තමා මේ ටික වත් ගෙනත් තියන්න ඇත්තෙ. එයා දන්නව මම ඇවකාඩෝ ටෝස්ට් වලට කොච්චර නම් ආස ද කියල . ඉස්සර ගෙදර ඉද්දි මහ රෑ ජාමෙට මං ඇවකාඩෝ ටෝස්ට් හදාගෙන කන්න ගිහින් දෙතුන් පාරක් ම හියොන්ග් ට මාට්ටු වෙලා තියෙනවා.

ඉතිං වෙන මොකුත් තිබ්බෙත් නැති හින්දා ආයෙ බඩු ගේන්න යන්නත් බැරි නිසා මං ඇවකාඩෝ ටෝස්‍ට් හදන්න ගත්තා. මට ලොකුවට කෑම බීම හදන්න බැරි උනත් හදන්න දන්න දෙක තුන හොදට හදන්න පුළුවන්. ඉතිං මේ හබීට මගෙ අතින් හදල දෙන පලවෙනි කෑම වේල නිසා මං මගෙ උපරිමය කරන්න හිතාගත්තා. කැපවීම කොච්චර ද කියනව මං දිවත් චුට්ටක් එළියට ඇවිත් කියල මට තේරුනෙ රස ගානට හදාගත්තු ඇවකාඩො පේස්ට් එක පාං පෙති වල ගාද්දි.

Inside you✅[Jikook]Where stories live. Discover now