Jimin p.o.v
මාව ඇදෙන් හාන්සි කරවපු ජන්කුක් ක්ලෝසෙට් එක ගාවට ගිහින් මගේ ඇදුම් ගොඩෙන් කලින් දවසක මං එයාගෙ ඇදුම් ගොඩෙන් අර ගත්තු එයාගෙ බැගී ටී එක අතට ගත්තා. ඒක ඇන්දම ශෝටක් ඕනි ම නැති තරම්. වැහෙන්න ඕනි තැන් වැහෙන තරම් ප්‍රමාණවත් දිගකට ඒක තිබුනා.
ඇද මත මං පොඩි එකෙක් වගේ ඇගේ නූල්පටක් වත් නැති ව ජන්කුක් ඇදුමක් අරන් එනකම් බලාන හිටියා. බොක්සර් එක විතරක් ගත රැදිලා තිබුනු නිසා ක්ලෝසෙට් එක ගාව ඉදන් ඇවිදන් එන එයාගෙ කඩවසම් රුව හොදින් කැපිල පෙනුනා.
මා ගාවට ආව එයා මගෙ ඇගේ වදින නොවදින ගානට වාඩි වෙලා එයා අරගෙන ආව බැගී ටී එක මට ඇන්දුව. ටී එක අන්දද්දි ඒකෙ කර මගේ මූණෙන් පහලට වැටෙද්දී මගෙ මූණට ආව කෙහෙරැලි ටික මගෙ මූනෙන් ඈත් කරල එහෙම්ම ම හීන් සීරුවෙ දෙතුන් පාරක් මගෙ ඔලුව අත ගලා එයා එතනින් නැගිටලා කාමරෙන් එළියට ගියා.
"මොනාද මේ වෙන්නෙ.. ජන්කුක් අද හරි අමුතුයි. මට නම් හිතාගන්න බෑ මොනා වෙලා ද කියල . වෙනදට ඒ මූණ දිහා කෙලින් බැලුවත් මොකක් හරි හේතුවක් අල්ලන් කෑ ගහන එයා කී පාරක් නම් මගෙ ඇස් වල පැටලුනා ද. නිරුවත් මං දිහා මෙච්චර නෝමල් විදිහට බලනව මං දැකල ම නැ. අනික මේ වගේ පරිස්සමක්? එයා දැනගෙන වත් ද මං ප්‍රෙග්නන්ට් කියල . සමහර විට අංකල් ජියෝන් කිව්ව වත් ද. එක්කො කමක් නැ. කොහොමත් මට ඕක කියන්න විදිහක් හිතාගන්න බැරුව නෙ හිටියෙ. "
හිතට ආව ප්‍රශ්න දාහක් අස්සෙ මං හිමින් සීරුවෙ ඇදේ උඩට පැත්තට රූටලා ඇවිත් හෙඩ් බෝඩ් එකට හෙත්තු කරල තිබුනු කොට්ටෙට පිට දීලා ඇස් පියා ගත්තා.
"මේහ්.. නැගිටින්න. ජිමින් .. හේයි."
මට යාන්තමින් ඇහුනා ජන්කුක් ගෙ නිමුණ කටහඩ. ඒත් මට ඇස් අරින්න ලෝභ හිතුනා. මං ඇස් ඇරියොත් එයා කතා කරන එක නවත්නව කියල මං දන්නව. මට ඕනි එයා මා එක්ක දිගටම කතා කරන්න.
"මං දන්නව නැගිටල ඉන්නෙ කියල , මේක කන්න මං යනව."
එය යනව කිව්ව . මට ඉක්මනට ඇස් ඇරුනා. කොහෙද අනේ යන්නෙ. යට ඇදුම පිටිං ? 😒 එයා මාව පිහ දාපු එයාගෙ ටවල් එක අරන් බාත් රූම් එකට ගියෙ. අහ් .. මෙයා වොශ් දාන්නද යනව කිව්වෙ. මං බය උනා. හහ්...
KAMU SEDANG MEMBACA
Inside you✅[Jikook]
Romansaසෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -