උදේ ම ගෙදර ඩෝ බෙල් එක වැදුනා.
"කව්ද මේ උදේම?"
ජිමින් එවෙලෙ හිටියෙ සාලෙ. ජන්කුක් කිචන් එකේ. තාම එයාලා සර්වන්ට් කෙනෙක් අරන් තිබුන්නැ. ජිමින් සාලෙ හිටියත් වීල් චෙයාර් එකේ ඉදන් දොර අරින්න තරම් එයාට උස නැනෙ.. ඉතින් ජිමින් ට සිද්ද උනා එළියෙ ඉන්නෙ කොච්චර කලබල කාරයෙක් උනත් ජන්කුක් දොර අරිනකල් ඉන්න.
"හි.. හියොන්ග්.."
ජන්කුක් ට ගොත ගැහුනෙ ඒ ඇවිල්ලා හිටියෙ නම්ජුන් හියොන්ග් නිසා. නාහෙටත් උඩින් තිබ්බු මල් කන්දරාව යි තෑගි ගොඩයි නිසා වීල් චෙයා එකේ ඉදපු ජිමින්ව තාම දැක්කෙ නෑ නම්ජුන්.
"ඔන්න මං අපෙ මිනිකුක් පැට්ටටයි පැට්ටගෙ ලස්සන ම ලස්සන ඒන්ජල් පපාටයි මල් ගෙනාවා.. තව තෑගි ගොඩා__
ජූන්ට ඉතුරු ටික කියාගන්න බැරි උනේ තෑගි ටික මේසෙ උඩින් තියනවත් එක්ක ජිමින් ව දැකපු නිසා.
"යහ්... මිනී වට්ද#ක්.. "
හරි කලබලෙන් ජිමින් ගාවට දුවගෙන ආව නම්ජුන් ජිමින් ගාව දණ ගහගෙන මිනීගෙ පණ නැති කකුල් දිගේ හීන් සීරුවෙ අත් ගෙනියන්න උනා. ජූන් ගෙ මූනෙ තිබුනෙ ප්‍රශ්නාර්තයක්.
මිනී ප්‍රෙග්නන්ට් කියල දැනන් හිටියට ජූන් දැනන් හිටියෙ නැ මිනී පැරලයිස් වෙලා කියල . එදා අප්පාට කෝල් කරපු වෙලේ මිනී කිව්වෙත් එයාගෙ චූටි පැටියා ගැන විතරයි නෙ. ඒ ඇරෙන්න මේ දේ ගැන නොකියා ඉන්න ජිමින් වග බලා ගත්තෙ ජන්කුක් ගෙ අප්පාගෙ ඉල්ලීම නිසා. ජන්කුක් ගෙ අප්පා දැනන් හිටියා ඒක දැනගත්ත්ත් ජන්කුක් ට ප්‍රශ්නයක් වෙයි කියල . ඒත් දැන් කරන්න දෙයක් නැ.
ඇස් වල පිරිල තිබුන කදුලු කැට කම්මුල් දිගේ ගලන් යද්දී පියවි සිහියට ආව නමූ අඩියට දෙකට ගියෙ ජන්කුක් ගාවට . ජන්කුක් ගෙ බෙල්ලෙන් ම අල්ලගත්තු නමූ ජන්කුක්ව බිත්තියට තියල හිර කරගත්තේ එයාගෙ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න.
"යකෝ.. උබ මොනාද මගෙ ඒන්ජල් ට කලේ ...ආ?? උබ දන්නවද අපි ඒන්ජල් ව,බලාගත්තෙ කොහොමද කියල. සීරිමක් වත් වෙන්න දෙන්නෙ නැතුවයි මං මගෙ ඒන්ජල් ව බලාගත්තෙ. උබ මහ තිරිසනෙක්... මගෙ කොල්ල ඉන්න තත්වෙ වත් නොදැන බඩට ළමයෙක් දීලා ... දැන් උබට සතුටුද අහ්... කියපන් ..මට කියපම් මිනිහො.. උත්තර දීපන්"
YOU ARE READING
Inside you✅[Jikook]
Romanceසෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -