06.කොටස - දෙන්නා තුන්දෙනා🙍?💁‍♂️

785 136 36
                                    

"මෙයාට මේ තරම් දෙයක් වෙන්න තමුසෙ මොනාද ජන්කුක් කලේ ආහ් ... මට ඔක්කොටම කලින් කියපන් තමුසෙ තිරිසනෙක් ද කියල ?"

"අප්පා ඔයාට අයිතියක් නැ මගෙ පව්ල් ජීවිතේ ටත් ඇගිලි ගහන්න. "

"එහෙමයි කියල උබ කියන්නෙ මට මේ කොල්ලා මැරෙන්න ඇරෙල උබ ට ඕන දෙයක් කරගන්න අරින්න කියල ද ?"

"මට වැඩක් නෑ ඌ මැරුනත් "

"මිනිහො.. මේ මිස්ටර් පාර්ක් ගෙ පුතා . ඒ මනුස්සයා හීරීමක් වත් වෙන්න නොදී මේ කොල්ලව හැදුවෙ. දන්නවද ඩොක්ටර් කියපු දේ?"

"මට දැනගන්න ඕන නෑ මොනා කලත්.. මැරෙන්න නම් යන්නෙ මැරිච්ච දෙන් එතකොට මට මගේ ජෙනී බේබි එක්ක ලයිෆ් එක එන්ජෝයි කරන්න පුළුවන් "

"උබ හිතන් ඉන්නෙ උබ ඔය රගන මගෙ සල්ලි බලේ නැති උනාම උබෙ ඔය හොර ගෑනි උබ එක්ක ඉදී කියල ද ආහ්.. ? "

"අප්පා.. "

ජන්කුක් අඩිය හප්පලා හොස්පිටල් බෙඩ් එකට එහායින් තිබ්බු ටේබල් එක උඩට පාරක් ගහද්දි සිහිය ඇවිත් ටික වෙලාවක් උනත් ඇස් පියාගෙන ම ජන්කුක් ගෙයි ජන්කුක් ගෙ අප්පගෙයි කතාවට කන් දී ගෙන හිටපු මාත් ගැස්සුනා.

" ජෙනීට එහෙම කතා කරන්න එපා මං ඉස්සරහ ආයෙ . එයා මට ආදරෙයි . මං ඒක දන්නව."

එහෙම කියපු ජන්කුක් අඩියට දෙකට හොස්පිටල් රූම් එකෙන් එළියට ගියා .

මට දැනුනු තෙහෙට්ටුව නිසා ම මං ඇස්පියාන ම හිටියා. සේලයින් බෝතලෙන් මගෙ ඇග පුරා දුවන බෙහෙත් සැර මට දැනෙනව . හොස්පිටල් එක සුඛෝපභෝගී ප්‍රයිවට් එකක් උනත් බේත් ගද නාස් පුඩු වලට දැනෙනව. ඒ ගමන් ම මං කල්පනා කලේ ජන්කුක් ගෙ අප්පා ජන්කුක් ට කියන්න ගිය ඩොක්ටර් මං ගැන කියපු දේ මොකක්ද කියල . එයා ඒක අප්පාගෙන් අහගන්නෙ නැතුව එළියට ගියානෙ.

ඒත් වැඩි වෙලා යන්න කලින් ම මට ඒක දැන ගන්න පුළුවන් වුණේ මගෙ රූම් එකට ආව ඩොක්ටර් කෙනෙක් ජන්කුක්ගෙ අප්පා එක්ක කතා කරන දේවල් ඇහුණු නිසා..

"මිස්ටර් ජියෝන්"

"ඩොක්ටර්?"

"කෝ පේශන් ගෙ හස්බන් ආවද ?"

Inside you✅[Jikook]Where stories live. Discover now