මං උදේ නැගිටිද්දි උදේ 7 විතර වෙලා තිබුනා. මං නැගිටලා කිචන් එකට යනකොටත් ඊයෙ රෑ හදල වහල තිබුනු කෑම තවමත් මේසෙ උඩ. කුකී කෑවෙ නැති නිසා මම කෑවෙත් නෑනෙ. අනික මට කන්න තරම් මානසිකත්වයක් කොහෙත් ම තිබ්බෙ නැ.
ඊලගට මං ගියෙ මාස්ටර් බෙඩ් රූම් එකට. ඔව් ඔව් ජන්කුකුයි ජෙනියෙ ඊයෙ අඩව්වක් ඇල්ලුවෙ. අන්න ඒකට. ජෙනී කොයි වෙලේ ගියාද දන්නෙ නැ. එයා පේන්න හිටියෙ නැ. ඒ විතරක් නෙවෙ ජන්කුක් පේන්න හිටියෙත් නැ. මං ඉක්මනට බැල්කනියට ගිහින් බැලුවෙ ජන්කුකී ගෙ කාර් එක තියෙනවා ද බලන්න. නෑ එයාගෙ කාර් එක නැ. එයා ගිහින්. ඔෆිස් යන්න ඇති..ඒත් එයා බලාගන්නෙ එයාගෙ අප්පගෙ ඔෆිස් එක්ක ම වෙච්ච කොට මොකටද මෙච්චර උදේ ම යන්නෙ.
ජන්කුකී ගැන හිත හිතා මං ඊයෙ ඒ දෙන්නා යකා නටල තිබ්බු මාස්ටර් බෙඩ් රූම් එක අස් කලා. මට ඉරිසියයි ඇත්තටම. මගෙ වෙන්න ඔනි දේවල් නේද එයා ආදරෙන් ජෙනීට දුන්නෙ. කවදාවත් ම ඔය ආදරේන් දශමයක් වත් මට ලැබෙන් නැති වෙයි ද කුකී...
එක එක මනස් ගාත හිත හිතම මං කාමරේ අස් කරල ගෙදර ට ඕනි කරන බඩු ටිකක් ගන්න එළියට යන්න ලෑස්ති උනා. ජුනී හියොන්ග් මගෙ කාර් එක ගෙනල්ලා තිබ්බ නිසා මට ඒක අව්ලක් උනේ නැ. ජන්කුකීට ගේන්න කියන්න ත් බැරි නිසා හිතල හිතල දිගම දිග ලිස්ට් එකකුත් ලියාගෙන මං පිටත් උනා.
ඉරේ තියෙන රස්නෙට මාව දිය වෙන ගානයි. ෆෑලෑශර් එකක් ගහල වගේ එළිය. අනේ මන්දන්නෑ මේ දවස් වල ජල වාශ්ප වෙනුව ගිනිකදු අස්සෙ තියෙන ලෝදිය උරා ගන්නවද කියල අහස. ඒ තරම් රස්නෙ. දවල්ට වැක්කෙරෙන්න රස්නෙ. රෑට ඇකිලෙන්න සීත.😒 (ඇකිලෙන්න සීත උනාට රත් කරන්න හබියවත් ළග නෑනෙ දෙයියනේ ඌ යනවනෙ වෙන වෙන ගෑනු හුරතල් කරන්න .)
ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එකකුත් ලොව ලොවා මං මුලු මාකට් එකේ ම ඇවිද්දා. අන්තිමේ දිගම දිග ලිස්ට් එකේ අන්තිම අයිටම් එකත් අරගෙන මං ගෙදර ආවා.
වෙන කරන්න වැඩකුත් නැති එකේ මං කලේම දවසට දෙතුන් පාර නාපු එක. හවස් වෙනකම් ම ෆෝන් එකේ බැට්රි බහිනකල් ම ඔබල ඔබල අන්තිමට රෑ කෑමත් ලෑස්ති කරල අතේ දිය සීරා මතුවෙලා ඇගිලි තුඩු රැලි ගැහෙනකම් ම ආයෙ පාරක් නාගෙන ම මං රූම් එකට ඇවිත් ඇදට පැන්නෙ අද නම් මොන සක්කරය ආවත් ඇදෙන් නම් බහින්නෑ කියල හිතා ගෙන.
YOU ARE READING
Inside you✅[Jikook]
Romanceසෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -