10.කොටස - පොරොන්දුව 🧚‍♀️

755 135 33
                                    

Jungkook p.o.v

උදේම මට දැනුනා මගෙ හිස කෙස් අතරින් කාගෙ හරි ඇගිලි තුඩු හරි පරිස්සමට යනව. කාගෙ හරි කියන්න දෙයක් නැ. මං දන්නව ඒ ජිමින් කියල. මොකද මං කලින් දවසෙ හිටියෙ අසිහියෙන් නෙවෙ. හොද සිහියෙනු යි මං හිටියෙ. ඒ හින්දා ඒකෙ කිසිම සැකයක් නැ.

මං අච්චර වද දීලත් කොහොමද ඔය තරම් ආදරේ කරන්නෙ මට . ඔය හිත ඔච්චර ආදරෙන් බැදෙන්න තරම් මං කලේ මොනවද ? මට ඔයාට ආදරේ කරන්න බැ. කොහොමත් බැ. මං දැන් ආදරේ කරන්න බයයි. ඒ ඇරත් මට දැන් ආදරේ කියන දේ ..අහ්...ම්ම්ම්..ඒක වචනයක් ද හැගීමක් ද? මොකද්ද මං දන්නැ. මොකක් උනත් මට ඒක විස්වාස නැ. මට බෑ ආයෙම ඒ දේ විස්වාස කරල මෝඩයෙක් වෙන්න. කා අතින් වත් පාවිච්චි වෙන්නෙ ඇයි මං ..

ඒත් මට පුළුවන් වගකීම් ඉටු කරන්න . ආදරයක් තියෙන්න ම ඕනි නැ නේද ඒ දේ කරන්න. ඔයි තරම් එයාගෙ ජීවිතේ ට අවදානමක් තියාගෙන අපෙ පැටියගෙ ජීවිතේ නැති නොකර ඔයා ගාව තියාගන්න තීරණය කලේ මං වෙනුවෙන් නේද ? ඉතිං මට තවත් ඔයාට නපුරු වෙන්න බැ.

කවද හරි හිතන්න එපා මං ඔයාව බලාගන්න ගත්තෙ, ඔයාට නපුරු නොවී ඉදියෙ ජෙනී මාව රවට්ටපු නිසා කියල . ඒකි එහෙම නොකලත් මං මේ පැටියා ගැන හිතන්න ඕනි. මොකද ඒ දේ ඔයාගෙ කැමැත්තට උනු දෙයක් නෙවෙ නිසා. මේ දේ ආදරෙත් එක්ක හරි විදිහට ලබන්න ඔයා කොයි තරම් ආස වෙන්න ඇති ද ? ඒකට මට සමාවෙන්න. ඒත් මේ දේට දැන් මං වගකියන්න ඕනි.. ඇත්තටම. අපි මැරි කරල නිසා ඒක වැරැද්දක් නොවුනත් ඔයා ඉන්න තත්වෙ ගැන දැනගත්ත ම මට මං ගැන මහ වරදකාරී හැගීමක් ඇති උනා. ඒත්.. ඔයා දන්නවද. මට ඔයා එක්ක මේ හැමදේම කියන්න ඕනි. එත් මට බැ. මට බෑ ඔය මූණ දිහා කෙලින් බලාන කතා කරන්න . කොහොමද මං එහෙම කතා කරන්නෙ.

මං ඊයෙ හවස ඔයා ප්‍රෙග්න්ට් කියල දැනගද්දී.. මං මං .. මට දැනුනෙ මං සම්පූර්ණ උනා වගේ. මේ නපුරු මිනිහට ඔයා ඒ සතුට දුන්නා. පිරිමියෙක් වෙලත් ඒ සතුට අරන් ඔයා මා ලගට ඇවිත්. ඔයා ඒනජල් කෙනෙක් ද ජිමින් ?? මට නම් සැකයි. මට ඕනි උනා කවද හරි දවසක මගෙයි ජෙනීගෙයි දරුවෙක් දකින්න.. ආදරෙන් හුරතල් කරන්න . ඒත් ඒ හීනෙ දැකල තියෙන්නෙ මං විතර යි කියල දැනගද්දි ගොඩක් පරක්කු වැඩී. කරන්න දෙයක් නෑ සමහර විට ඒක මගෙ ලැබීම වෙන්න ඇති. ඒ සතුට ජෙනී ගෙන් මට නොලැබුනත් මං ඉල්ලන්නත් කලින් ඔයා මට ඒ සතුට ගෙනාව ජිමින්. ඉතිං මං කෝමද ඔයාට නපුරු වෙන්නෙ තවත්...ආහ්..?කොහොමද ?

Inside you✅[Jikook]Donde viven las historias. Descúbrelo ahora