13.කොටස - මින්කුකී 👼

790 120 24
                                    

ජන්කුක් ගෙ ඇස් මොහොතකට වත් ජිමින් ගෙන් අහකට උනේ නැ. ජිමින් ගේ හදගැස්ම නැවතිලා තිබුනත් ජන්කුක් ගෙ වේදනව බලන් ඉන්න බැරි තැන මිසිස් ජියෝන් දිගෙන් දිගටම ජිමින් ගෙ හුස්ම වෙනුවෙන් සටන් කලා.

"ඔම්මා... ඔම්මා... එයා හුස්ම ගන්නව ඔම්මා"

ජන්කුක් කලබල වෙලා.. ජිමින් හුස්ම ගන්නව. ටිකක් දුර්වල උනත් ජිමින් හුස්ම ගන්නව. කදුලු අතරින් ජන්කුක් ගෙ මූණෙ මැව්නෙ කවදාවත් ම නැති තරම් ආදරණීය සතුටු හිනාවක්.

ජිමින් ඇස් පියන් ඇරිය. ඒ ඇස් දිලිසෙනව හැමදාම වගේ ජන්කුක් ඉස්සරහ දී.

"මගෙ මැණික මට සමාවෙන්න රත්තරනේ."

ජිමින් ට ඕන උනා ඇයි කුකී සමාව ඉල්ලන්නෙ ඔයා වැරැද්දක් කරල නෑ මට කියල කියන්න. ඒත් එයා එහෙමම නිසොල්මනේ හිටියා ජන්කුක් දිහා බලානම.

නර්ස් ජිමින් ළගට ආවෙ චූටි රෝස කැටියවත් අතේ දරාගෙන. එයාව ජන්කුක් අතට දෙන දිහා ජිමින් බලාගෙන හිටියෙ හැම වේදනාවක් මැද්දෙන් ම හරි ආදරෙන්. ජිමින් ඉස්සි ඉස්සී උත්සාහ කරනව චූටි පැට්ටගෙ මූණ දකින්න.

ජන්කුකී චූටි රෝස මලී ව ජිමින් ගෙ පපුව උඩින් තිබ්බා. එයා චූටි දගකාර කෙලි පැංචෙක්.ජිමින් ට දැනුනා ඒ උණුසුම. එයා දැන් පපා කෙනෙක්.

"ඔයා වගේ එයා.."

ජන්කුක් ජිමින් ට කිව්වෙ චූටි පැට්ටා දිහා මිනිත්තු කීපයක් හරි උනන්දුවෙන් බලාන ඉදල.

"නෑ කුකී . එයා ඔයා වගේ "

ජිමින් කෝම හරි වචන ගැටගහන් කිව්ව.

"හරි හරි මැණික . කව්රු වගේ උනත් එයා අපි දෙන්නගෙනෙ ."

චූටි රෝස මලීට තිබ්බෙ ජන්කුක් ගෙ වගේ ම තද කලු පාට බෝල ඇස්. ජිමිනි වගේ ම රෝස ෆ්ලෆී කම්මුලුයි චූටි ඇගිලි යි. ඒ චූට්ටන් ඇගිලි වලින් ජන්කුක් ගෙ අතේ චූටි ඇගිල්ල එයා තද කරල අල්ලගනිද් දි ජන්කුක් ට දැනුනෙ එයාට මුලු ලෝකෙ ම ලැබුන වගේ . චූටි කෙලී පුංචි පුංචි සද්ද දාන ගමන් ජන්කුක් දිහා ව බලා ගෙන ඉන්නව. එයා හුරතල් මැණිකක්.

ජන්කුකි කෙලීගෙ සෝස කම්මුලකින් චූටි පෙක් එකක් තියල ජිමිනි ගෙ සීතල වෙලා තිබ්බු තොල් වලටත් උණුසුම් හාදුවක් තිබ්බා.

Inside you✅[Jikook]Where stories live. Discover now