05.කොටස - පැරලයිස් 🙂

788 139 38
                                    

උදේ මං ඇස් අරිද්දි මගෙ ඇගේ නූල්පොටක් වත් තිබ්බෙ නැ. මගෙ තුවාල පාරවල් වලින් ගලපු ලේ සුදු පාර ඇද ඇතිරිල්ලෙ හැමතැන ම. මට දැනුනෙ රෑ සිහිනැති උනා කියල. එහෙම වෙන්න ඇති. ඒ වේදනාවත් එක්ක නැත්තං මනුස්සයෙක් ට නින්ද යන්නෙ කොහොමද. මං හිමින් සීරුවෙ නැගිටින්න උත්සාහ කලා..

"ආහ්.. කුකි..."

මට කෑ ගැස්සුනේ මට නැගිටගන්නවත් බැරි තරම් වේදනාවක් දැනුනු නිසා. මට දැනුනෙ මගෙ ඉනෙන් පහල පණ නෑ වගේ. මට වොශ් රූම් යන්නත් ඕනි.. ඒත් මං කොහොම ද යන්නෙ.. දෙයියනේ මට තනියම නැගිට ගන්නවත් බෑනෙ. මං වට පිට බැලුවෙ ජන්කුක් වත් ඉන්නවද බලන්න. එයා පේන්න හිටියෙ නැ. හැමදාම වගේ එයා මට නොකියම යන්න ඇති. මොකද තෙත ටවල් එක ඇද උඩ දාලා ගිහින් තිබුනා.

ඇදෙන් නැගිටලා වොශ් රූම් එකට ඇවිදන් යන්න බැරි උනත් මට තිබුන අවශ්‍ය තාවය හින්දම මං හිත හයිය කරන් ඇදෙන් බැස්සා. කාමරේ තිබ්බ බඩු මුට්ටු වලටයි බිත්තියටයි වාරු දීගෙනම බාත් රූම් එකට ගිය මං එළියට ආවෙ කොහොමෙන් කොහොම හරි වොශ් එකක් දාගෙන මයි.

ජන්කුක් ගහපු නිසා ඇති උනු තැලුම් පාරවක් නිල් පාට වෙලා. සීරිලා ලේ ගලපු තුවාල පාරවක් වතුර වැටෙද්දි දුන්නු වේදනාව මං ඉවස ගත්තෙ ඒ වේදනාවට වඩා මගෙ හිතට දැනුන වේදනාව වැඩි නිසා. ශෝටක් දාගන්න නැමී ගන්න වත් මට අමාරුයි.ඒ හින්දම ඒ අදහස අතෑරලා ඇගම වැහෙන තරමට සෑහෙන ලොකු බැගී ටී එකක් ඇගට දාගෙන ලේ පැල්ලම් වලින් නාස්ති වෙලා තියෙන බෙඩ් ශීට් එක ගලෝලා අහක් කරල දැම්ම. අලුත් ඇද ඇතිරිල්ලක් දාන්න ඕනි උනත් ඒ තරම් දෙයක් ඒ වෙලාවෙ කරන්න මර පණ තිබ්බෙ නෑ.

කකුල් වෙව්ලද්දින් පඩිපෙල බැහැල කිචන් එකට ගිහින් ෆ්‍රිජ් එකේ තිබ්බු ෆ්‍රෙශ් මිල්ක් එකෙන් ටිකක් වීදුරුවකට දාගත්තෙ මට දරාගන්න බැරි තරම් බඩ ගින්නක් තිබුනු නිසා. කන්න මොනාහරි හදාගන්න මට ඔට්ටු වෙන්න බැ දැන්. ෆ්‍රෙශ් මිල්ක් වීදුරුව එක හුස්මට බීලා ඉවර කරපු මං පේන් කිලර් එකකුයි ස්ලීපින් ටැබ්ලට් එකකුයිත් බීල ආයෙම කාමරයට ගිහින් ඇද ඇතිරිල්ලක් වත් නැති මෙට්ටෙට ම වැටිලා ඇස් පියා ගත්තා.



















Inside you✅[Jikook]Donde viven las historias. Descúbrelo ahora