08.කොටස - වෙනස🥰

824 136 25
                                    

"ආර්ශ්... පුදුම රස්නයක් නෙ තියෙන්නෙ."

ජිමින් තමන්ගෙ කමිසය තෙත් කරගෙන පහලට රූටන දාඩිය බින්දු වලට පිඹින ගමන් වීල් චෙයා එකේ රෝද අතින් කරකවගෙනම රැක් එක ලගට ගිහින් ජන්කුක් ගෙ දම් පාට තුවායෙට එහායින් ඈත් කරල නවල එල්ලලා තිබුනු එයාගෙ කහ පාට ටවල් එක ගත්තා.

වෙලාව හවස හයටත් ළගයි. තව ටිකකින් අදුර වැටෙන නිසා ලයිට්ස් දාගන්න ඕන උනත් ජිමින් ට මතක් උනා වීල් චෙයා එකේ ඉදන් එයාට ඒක කරන්න බෑ කියල . ඉතින් ජිමින් ට ඕනි උනා කලුවර වෙන්න කලින් ගිහින් වොශ් එකක් දාගන්න.

හිමින් සීරුවෙ බාත් රූම් එක ලගට ගිහින් බාත් ටබ් එකේ ටැප් එක ඇරල ඒකට වතුර පිරෙන්න ඇරපු ජිමින් එයාගෙ කමිසයේ බටන් නම් එකින් එක ගලවගෙන ඒක අහක් කලා. ජිමින්ට ට්‍රව්සර් එක ගලවගන්න නම් සෑහෙන්න ඔට්ටු වෙන්න උනා. මොකද දැන් ජිමින් ගෙ කකුල් දෙක ම පන නෑනෙ. පැය කාලක් විතර ම ඔට්ටු වෙලා කොහොම හරි ඒක අහක් කරගත්තු ජිමින්ට බොක්සර් එක තනියම අයින් කරගන්නව කියන එක නම් හීනයක්. ඒක තේරුම් ගත්තු ජිමින් ඒ අදහස අතෑරල දාලා බොක්සර් එක පිටින් ම බාත් ටබ් එකට බහින්න තීරණය කලා.

"ඒත් කොහොමද ? ඇවිදගන්න බැරුව කොහොමද තනියම බාත් ටබ් එකට බහින්නෙ. මං දැන් නිකං මලකදක් වගේ. අනේ පැටියො.. මෙහෙම ඉදන් මං කොහොමද ඔයාට හොද පපා කෙනෙක් වෙන්නෙ. ඔයාගෙ පපා ට හෙල්ප් කරන්න අප්පත් නැ. ඔයාගෙ අප්පා පපාට කැමති නෑනෙ. ඔයාගෙ අප්පට මේ පපාව කරදරයක් වෙයි නේද පැටියො.?"

ජිමින් එයාගෙ නිරාවරණ කිරිපැහැ බණ්ඩියට එයාගෙ චූටි අතක් හරි පරිස්සමට තියාගෙන මුමුණනව. ජිමින් ගෙ කම්මුල් දිගේ රස්නෙට කදුලු බින්දු දෙක තුනක් ගලාගෙන යනව දැනෙද්දි ජිමින් ඒවා අත්ලෙන් පිහිද ගෙන හිත හයිය කර ගත්ත.

"මෙච්චර දේවල් ඉවසගත්තු ඔයාගෙ පපාට තනියම නාගන්න බැරිද පැටියො.. ම්ම්... අපි උත්සාහ කරමු.. පපාට පුළුවන් හොදද ?"

මෙච්චර දවස් මේ වහල යට දවසම තනියෙන් ඉදපු ජිමින් ට දැන් තනි නැ. එයාට උත්තර නොලැබුනත් අඩු ම තරමෙ එයාට කතා කරන්න , එයා කියන එක අහන් ඉන්න අවසරයක් නැතිව ම එයාටත් හොරෙන් ඉක්මනින් ම ආව චූටි මිනිකුකි එයාගෙ බණ්ඩියෙ ඉන්නවනෙ.

Inside you✅[Jikook]Où les histoires vivent. Découvrez maintenant