"මොකද අප්පා නිකං බය වෙලා වගේ කව්ද කතා කලෙ ?"
නම්ජුන් ගෙට ගොඩ වෙනවත් එක්ක මිස්ටර් පාර්ක් ෆෝන් එක දිහා බලාන කලබල වෙලායි හිටියෙ. ජූන් ට නිකමට හිතෙන්න ඇති ආව කෝල් එකක් නිසයි මේ කියල .
"නමූ... අපෙ ඒන්ජල්..."
"මිනීට මොකෝ අප්ප.. එයාට කරදරයක් ද ..ආහ්.. කියන්න කො අප්පා මාව කලබල නොකර."
"ඒනජල්.. ප්‍රෙග්නන්ට් නමූ.."
"වාහ්.. ඉතිං ඒක කොච්චර ලොකු දෙයක් ද අප්පා.. කොච්චර සතුටු වෙන්න තරම් දෙයක් ද .. එයාලට එයාලගෙම කියල දරුවෙක් අතරමැදියෙක් නැතුව මිනීගෙන් ම ලැබෙන්න තරම් එයාල කොයිතරම් වාසනාවන්තද. එහෙම කොට මොකෝ මේ බය වෙලා වගේ ? අනික බලන්නකො අප්පා.. අපේ මිනීගෙ චූටි මිනිකුක් බබා මිනී වගේම දගයෙක් වෙයි. ජන්කුක් වගේ නපුරු නොවී හිටියොත් නම් හොදයි. ඒ මිනිහගෙ මූණෙ හිනාවක් වත් තියෙන එකක් යැ... මගෙ මිනීගෙ චූටියා මිනී වගේ ම හිනා වෙන කොට ඇස් චූටි වෙන ලස්සන ම ලස්සන රෝස බෝලයක් වෙයි. එයා ලොකු උනාම අම්මි කුක්කු බීලා ඉවර උනාම අපි එයාව සතියට දවසක් මෙහෙ එක්කන් එමු. දෙයියනේ ... රූම් එකක් වෙනම ඩෙකරේට් කරමු. පැට්ටව හම්බුනාම කොහොමත් මාස තුනක් මෙහෙ නේද අප්පා තියන්න ඕන..? සිරිත ඒම නේද... මං දැන්ම ම මේ කම්පැණි එකේ ගොඩ ගැහිල තියෙන ප්‍රොජෙක්ට් ටික ඉවර කරන්න ගන්න ඔන. චූටියා ආවම කාර්‍ය්බහුල වෙලා බෑනෙ.. මං ඉන්න එපැයි එයා එක්ක. ආහ්... තව එයාට චූට් චූටි ඇදුම් පොඩි.. සෙල්ලම් බඩු අප්පා ලෑස්ති වෙන්නකො අපි ශොපින් යමු..."
නමූ අන්තිම ටික කියල ඉවර වෙනවත් එක්කම මිස්ටර් පාර්ක් ඔච්චර වෙලා ඇස් කෙවෙනි වල හිර කරන් උන්නු කදුලු බින්දු වලට ගලාගෙන යන්න දීලා දෑත් අස්සෙ මූණ හංගන් සෙටියට බර උනා.
"අනේ ඇයි අප්පා මේ... ආහ්... ?"
"ඒන්ජල් අනතුරේ පුතා ?"
"මොකක් මොනාද අප්පා කියන්නෙ ?"
"එයා හුගක් දුර්වලයි පුතා.. ඒන්ජල්ට ප්‍රෙග්නසි එකක් දරා ගන්න තරම් පුළුවන් කමක් නැ. "
"මොනාද අප්පා ඔයා මේ කියන්නෙ "
" මං ඒ ගැන වැඩිය හිතුවෙ නැත්තෙ එයාලා සාමාන්‍යයෙන් අනික් අය කරනව වගේ එයාලගෙ දරුවෙක් හදන්න ලේඩි කෙනෙක් ව යූස් කරයි කියල . ඒත්... මං හිතුවෙ වත් නැති තරම් ඉක්මනට මේ වගේ දෙයක් ?"
VOCÊ ESTÁ LENDO
Inside you✅[Jikook]
Romanceසෘතුවෙන් සෘතුවකට හාදු වල රස වෙනස් දරාගත නොහැකි වූ සිසිරයේ නුබේ හාදු වල තිබුනේ සැර මත් බවක් හිත පාරවන ... මේ ප්‍රේමණීය වසන්තයේ දැනුනේ මා මත් කල කෝපි සුවදක් හිත ලෝභකම් කරන... හිමිව අහිමිව යලිත් හිමි වූ ප්‍රේමය ද මේ කියන්න ? - පාර්ක් ජිමින් -