🏁🏁🏁
" තරඟ ආරම්භයෙ සිටම අංක 1 දරණ ධාවකයා අනෙක් සියලු ධාවකයින් අභිවවා ප්‍රථම ස්ථානයේම ගමන් කරනු ලබන්නේ ප්‍රේක්ෂකයින්ගෙ අවදානයත් ඔහු දෙසටම යොමු කරගන්න ගමන්. පිට පිට වසර තුනක් පුරාවටම ජයග්‍රාහී කුසලානය තමා සතු කරගත් " JERSEY NO 1 " එහෙමත් නැතිනම් කොරියානු තරුණියන්ගෙ උන්මාදය ජොන් ජොන්කුක් මේ වසරේදිත් මෙම කුසලානය තමා සතු කරගනීද? "
" JERSEY NO 1, JERSEY NO 1 "
" Jungkook, Jungkook "
මුළු ග්‍රවුන්ඩ් එක පුරාම දෝංකාර දුන්නෙ ජොන්කුක් කියන නම විතරමයි. එහෙමත් නැති නම් jersey no 1.
40000ක විතර පිරිසකට එකපාර ඉඳගෙන තරඟ බලන්න පුළුවන්කම තිබුන කොරියාවේ ලොකුම ග්‍රවුන්ඩ් එක මේ වෙද්දි ජොන්කුක්ගෙ ෆෑන්ස්ලගෙන් පිරිලා ගිහින් තිබුනා. හැමෝගෙම අතේ 01 ගහපු කොඩි වගේම වැඩිපුර කොටසක් හිටියෙ 01 ගහපු ටී ශර්ට් ඇඳගෙන.
මේ අතරෙ අනිත් තරඟකාරයින්ට චියර් කරන්න ආපු අය නැතුවාමත් නෙවෙයි." jungkook, jungkook "
මුළු ග්‍රවුන්ඩ් එක පුරාම ජොන්කුක්ගෙ නම කියලා කෑගහන ගෑනු ළමයි දිහා අත් දෙකත් බැඳගෙන කිසිම රියැක්ට් එකක් නැතුව නාරා ඔහේ බලාගෙන හිටියෙ බරට හුස්ම කීපයක්ම පිට කරන ගමන්. නාරාගෙ එහා පැත්තෙන් ඉඳගෙන ඉදපු කිආ කම්මුලට අතකුත් තියාගෙන පහල වේගෙන් යන බයික්ස් ටික දිහා බලාගෙන හිටියා.
විනාඩි ගානකින් තරඟෙ ඉවර වෙනවත් එක්කම හැමෝගෙම සද්දෙ ඩබල් ට්‍රිබල් වෙලා ඇහෙද්දි නාරා තප්පර ගානක් ඇස් දෙක පියාගෙන ඉදලා ඇස් ඇරලා එතනින් යන්න නැගිට්ටා.
" උබ කොහෙද යන්නේ? "
කිආ නාරාගෙ අතින් අල්ලලා කිව්වාම නාරා තරහෙන් පුපුරන ගමන් කිආ දිහා බැලුවේ කිආ නාරාගෙ අත අතෑරලා නැගිටිද්දි.
" යස්සනි වගේ කෑගහන්න තියාගන්න නම් එපා උබ "
" කෑගහන්නෙ නැතුව හුරතල් කරන්නද උබ කියන්නෙ? මොන ලැජ්ජාවක්ද? "
නාරා කිආටත් ගස්සගෙන එතන ඉඳගෙන ඉදපු කෙල්ලො දෙතුන් දෙනෙක්ගෙම කකුලත් පාගලා එතනින් යන්න ආවා. ඒත් එක්කම වගේ නාරාගෙ අතින් කවුරුහරි ඇදපු නිසා නාරා නතර වෙලා ඒ දිහා බැලුවේ අතින් ඇදපු ගර්ල් නාරා දිහා බලාගෙනම නැගිටිද්දි.
YOU ARE READING
JERSEY NO.01 [ JJK ]
Fanfiction" ඔයාට පුළුවන් උනාට ඕනම දේකින් සතුටු වෙන්න. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ ඔයා විතරයි " ʟᴏᴠᴇ ᴄʜᴀɴɢᴇs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤️