නාරා එයාගෙ ඔප්පා එනවා දැකපු නිසා හිතේ තිබුන බය සැක දුරු කරගෙන එයාගෙ වැඩ ටික කරන්න ගත්තා. සැරින් සැරේ එයාගෙ ගැන්ග් එකෙන් එන මැසෙජ් නිසා ෆෝන් එක වයිබ්‍රේට් වෙද්දි නාරා ෆෝන් එක සයිලන්ස් කරලා ස්ක්‍රීන් එක පේන්නෙ නැති වෙන්න අනිත් පැත්ත හැරෙව්වා.
නාරා කැමති නෑ වැඩ කරන වෙලාවට වෙන කිසිම දේකට අවදානෙ දෙන්න.ටික වෙලාවකට පස්සෙ නාරාගෙ රූම් එකෙ දොර ඇරෙන සද්දෙට නාරාගෙ මූණේ හිනාවක් ඇඳුනෙ මේ වෙලාවෙ එන්නේ කවුද කියලා හොඳටම දන්න නිසා.
රූම් එකෙ දොර ඇරෙන සද්දෙ ඇහුනත් කිසිම කෙනෙක් ඇතුලට එනවා ඇහුනෙ නැති නිසා නාරා කර කර ඉදපු වැඩේ නතර කරලා ඔළුව උස්සලා රූම් එක පුරාම ඇස් යැව්වා.
මනුස්සයෙක් තියා හෙවනැල්ලක්වත් රූම් එකෙ නැති වෙද්දි නාරා ශීට් එකෙන් නැගිටලා ඉස්සරහට ඇවිදගෙන ආවේ චූටි කළුම කළුපාට බලු පැටියෙක් නාරාගෙ කකුල් දෙක ළඟම දැවටි දැවටි කෙඳිරිගාද්දි." ඕහ් මේ කවුද මේ "
නාරා එයාගෙ කකුල් දෙක ළග ඉදපු බලු පැටියව වඩාගෙන වටපිට බලන ගමන් එලියට යන්න හදද්දිම වගේ නාරාගෙ ඔප්පා රූම් එක ඇතුලට ආවා.
නාරා එයාගෙ ඔප්පා දිහායි එයාගෙ අතේ ඉදපු බලුපැටියා දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ ඔප්පා හිනාවීගෙනම නාරා දිහා බලන් ඉද්දි." ඔප්පා ඔයාද? "
නාරාගෙ ඔප්පා කන්පෙති දෙක අල්ලගෙන තොල් හොලවලා සොරි කිව්වාම නාරා හිනාවෙලා ගිහින් එයාගෙ ඔප්පට තුරුල් උනේ මොනා උනත් වැඩි වෙලාවක් ඔප්පා එක්ක තරහ වෙලා ඉන්න බැරි නිසා. මේ ඉදපු පැය ගානත් නාරා ගෙවලා දැම්මෙ හරිම අමාරුවෙන්
" සොරි ටින්කබෙල් "
" ඉට්ස් ඕකෙ ඔප්පා.... මෙයා මටද? "
නාරා එයාගෙ ඔප්පගෙන් ඈත් වෙන ගමන් එහෙම ඇහුවාම නාරාගෙ ඔප්පා ඔව් කියන්න ඔළුව වනලා නාරාගෙ අතේ ඉදපු බලුපැටියගෙ ඔළුව අතගෑවා.
" දැන් ඉතින් ඔයාට මෙයා එක්ක ඉන්නත් වෙලාවක් හොයාගන්න වෙයි "
නාරා හිනාවෙලා බලුපැටියට කිස් එකක් දීලා රූම් එකේ ඉදපු ගාඩ් කෙනෙක්ගෙ අතට දුන්නා. ගාඩ් බලු පැටියව අරන් රූම් එකෙන් එලියට ගියාම නාරාගෙ ඔප්පා ගිහින් නාරාගෙ ශීට් එකෙන් වාඩි උනා.
YOU ARE READING
JERSEY NO.01 [ JJK ]
Fanfiction" ඔයාට පුළුවන් උනාට ඕනම දේකින් සතුටු වෙන්න. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ ඔයා විතරයි " ʟᴏᴠᴇ ᴄʜᴀɴɢᴇs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤️