CHAPTER 19 🏁

223 27 13
                                    

" ඒ මේ අරූ උබේ වටේ කැරකෙනවා වැඩී හරිද..මම දැන් පැය ගාණක් තිස්සෙ බලාගෙන ඉන්නේ "

" කවුද බන් ? "

" අර වේටර් කාරයා බන්. මම උදේ කිව්වේ "

" ආහ් මමත් බලාගෙන තමයි හිටියේ පොර එන පොට නම් එච්චර සෙට් වෙන්නෙ නැහැ. "

" කෝකටත් උබ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉදහන්. දන්නවානේ ඕකා උබේ දිහා බලනවා අර පුප ගිනිගත්තු පැස්බරා දැක්කොත් එහෙම ඊලග දවසෙ ඌට දත් නැතුව තමයි බත් කන්න වෙන්නෙ "

ඩීකේ කොක්ටේල් ග්ලාස් එක ඇගිලි දෙකකින් එහෙ මෙහෙ කරන ගමන් කියනකොට ටේයි ජිමිනුයි එක්ක බර කතාවක ඉන්න ජොන්කුක් දිහා එකපාරක් හැරිලා බලපු නාරා ඩීකේ දිහා බලලා හිනාවුනා..නාරා වයින් වීදුරුව හිස් කරනවත් එක්කම කොහෙදෝ ඉදලා ආපු මනුස්සයෙක් නාරගෙ ඉස්සරහෙන් මතුවුනේ නාරාව වගේම ඩීකේවත් නොහිතා වුන දේට ගැස්සිලා යද්දි..

" තමුසෙට මොලයක් නැද්ද ඕයි ඔහොම එකපාරටම කඩා පනින්නෙ "

" සොරි සර් "

" සොරි ? සොරි කිව්වාම ඔක්කොම හරිද "

" අඩෝ කෑගහන්න එපා බන් ඔප්පලාත් ඉන්නවා "

නාරා ඩීකේගෙ අතින් අල්ලලා කියද්දි වේටර් කොල්ලා දිහා රවාගත්තු මූණෙන්ම එකපාරක් බලපු ඩීකේ නාරාගෙ අතිනුත් ඇදගෙන ජිමින්ලා ඉන්න පැත්තට ගියා..ජිමින්ලාගෙ කිට්ටුවට එද්දිම වගේ නාරාගෙ අතින් අල්ලගෙන ඉදපු ඩීකේ අත අතෑරලා කලින් පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කරගත්තෙ මොනාහරි ප්‍රශ්නයක් කියලා දැන ගත්තොත් ජිමින් මෙතන පිස්සු නටයි කියලා අත් දැකීමෙන් දන්න නිසා..

" ආහ් ඔය ආවේ මතක් කරද්දිම "

" ඔප්පා "

" දැන් මෙතන ඔප්පා ගාගෙන ඇගේ එල්ලුනාට අපිට හොරෙන් නේද කරන තරමක් මගෝඩි වැඩ කරන්නෙ.. අහ් ටින්කබෙල් "

" ආහ් ? "

හිනාවෙවී ඇහුවත් ජිමින් අහපු ප්‍රශ්නෙන් නාරාගෙ මූණෙ ඇදිලා තිබුන හිනාව මැකිලා එකපාරටම ඒ කලබල වුන ඇස් හතර වටේම දුවන්න ගනිද්දි කියන්න දෙයක් හිතාගන්න බැරි වුන නාරා ජිමින්ගෙ කටහඩින් දෙවෙනි පාරටත් ගැස්සිලා ගියා..

You've reached the end of published parts.

⏰ Last updated: Apr 29 ⏰

Add this story to your Library to get notified about new parts!

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now