CHAPTER 18 🏁

196 29 7
                                    

මිනිස්සුන්ගෙ ජීවිතෙ ලස්සන හැඟීම් වලින් පිරුනාම ඒ අයට දවස් ගෙවිලා යනවා තේරෙන්නෙ නෑලු. නාරාගෙ ජීවිතෙත් දැන් ඒ වගේ. ජොන්කුක් නිසා ලස්සනම ලස්සන හැඟීම් වලින් නාරාගෙ ජීවිතේම පිරිලා. ඉතින් නාරාට දවස් ගෙවිලා යනවා කියන එකත් අමතක වෙලා.
නාරා හිටියෙ ජිමින්ගෙයි කිආගෙයි රූම් එක ඉස්සරහ එහෙට මෙහෙට ඇවිද ඇවිද සක්මන් භාවනාව කරන ගමන්. එදා ජිමින් එක්ක රණ්ඩු වෙලා ගිය දවසෙ ඉඳන් අද වෙනකොට සතියකුත් ගෙවිලා ගිහින්. මේ සතියටම නාරා ජිමින් එක්කවත්, එයාගෙ අප්පා එක්කවත් කතා කලෙ නෑ. මොකද ඉතින් නාරාගෙ සිහිය දැන් ජොන්කුක් ගැන විතරයිනෙ.

" ඕහ් ශිට් මම ඔප්පා එක්ක කතා නොකර මෙච්චර දවස් හිටියෙ කොහොමද? "

නාරා ඇඟිලි ටික පොඩි කරන ගමන් රූම් එකෙ දොර ළග හිටගෙන කල්පනා කලා. රූම් එකෙ ජිමින් විතරක් හිටියා නම් නාරා මේතරම් කල්පනා කරන්නෙ නැති වෙන්න තිබුනා. කොහෙද ඉතින් කසාදයක් කරලා දුන්නනෙ. ඉස්සර වගේ රූම් එකට යන්න කලින් එකපාරක් නෙවෙයි දහ දොලොස් පාරක් ඒ ගැන හිතන්න ඕනෙ.

නාරා හිතලා හිතලා අන්තිමට දොරට තට්ටු කරන්න අත උස්සද්දිම කිආ රූම් එකෙ දොර ඇරියෙ නාරා ඇස් දෙක තද කරලා පියාගනිද්දි.

" ආහ් ළමාතැනී, මොකද පාර වැරදිලාද මේ පැත්තෙ "

රූම් එකේ දොර ළග හිටගෙන කිආ එකපාරටම එහෙම ඇහුවම නාරා ඇස් ඇරලා ලොකු හුස්මක් පාත දාලා කතා කරන්න ගත්තා.

" මේ කෝ අපෙ උතුමාණන් ඉන්නවද "

නාරා රූම් එකට එබෙන ගමන් අහද්දි කිආ දොර ළගින් එහාට වෙලා ජනේලෙ ළගට වෙලා එලිය බලාගෙන කල්පනා කරන ජිමින්ව පෙන්නුවා.

" තො⁣ට නම් හොඳක් වෙන්නෙ නෑ යකො මගෙ කසාද ජීවිතෙ විනාස කරන එකට නම් "

" ඇයි? "

" උබේ ඔප්පා උඹ කතා කරන්නෙ නැති දුකට මේ දවස් වල තපස් රකිනවා "

කිආ තරහෙන් වගෙ කියලා අහක බලාගත්තම නාරා තොල්පට තද කරගෙන හිනාවෙලා රූම් එක ඇතුලට ගියා. ටික වෙලාවක් එලිය බලාගෙන කල්පනා කරන ජිමින් දිහා බලාගෙන ඉදපු නාරා අඩියක් ඉස්සරහට තියලා ජිමින්ට ළං උනෙ ජිමින් නාරාට කතා කරද්දී.

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now