CHAPTER 15 🏁

145 22 15
                                    

" මගේ ආසම මල, හැමවෙලාවකම හිනාවෙලාම ඉන්න..."

උදේම ඔෆිස් එකට ඇවිත් තිබුන නාරා ආසම ටියුලිප් මල් පොකුරත් එක්ක තිබුන චූටි චිට් එක කියවන ගමන් නාරා හරිම ආදරණීය විදියට හිනාවුනෙ චිට් එකේ ලියලා තිබුන දේ තමන්ගේ කණ් ඇතුලෙ දෝංකාර දෙනවා වගේ දැනෙද්දි. නාරාට දැනුනෙ ජොන්කුක් එයා ළගම ඉන්නවා වගේ. ජොන්කුක්ගෙ ආදරෙන් නාරාගෙ ජීවිතේම මල් යායක් වගේ ලස්සන එකක් වෙනවා කියන එක නාරාට මේ දවස් දෙකට දහස් වතාවක් හිතුනා.
ජොන්කුක් කියන්නේ කලින් මොන තරම් සෙල්ලක්කාර දඟකාර කොල්ලෙක් උනත් නාරාට පුළුවන් උනා ජොන්කුක් ඇතුලෙ හැංගිලා ඉදපු ආදරණීය කොල්ලා ආපහු එලියට ගන්න.

ලස්සනම ලස්සන මලක⁣ට පුළුවන්ද කෙනෙක් ආදරෙන් මත් කරන්න? මටනම් හිතෙන්නේ පුළුවන්..
මල් කියන්නේම ආදරේ ප්‍රකාශ කරන්න පුළුවන් ක්‍රම වලින් ලස්සනම, වැඩිපුරම දැනෙන ක්‍රමය කිව්වොත් හරී...

නාරා මල් බොකි එක අතට අරන් ඒකෙ සුවඳ බලලා හරි පරිස්සමෙන් ආපහු ටේබල් එක උඩින් තියලා චිට් එක එයාගෙ හෑන්ඩ් බෑග් එකට දාගත්තා. ඒත් එක්කම වගේ ජිමින් රූම් එක ඇතුලට ආවේ නාරා ගැස්සිලා වගේ ජිමින් දිහා බලද්දි.

" ටින්කබෙල්? "

එකපාරටම ගැස්සිලා බයවෙලා වගේ තමන් දිහා බලාගෙන ඉන්න නාරා දිහා මූණ අමුතු කරගෙන බලන ගමන් ජිමින් ඇහුවම නාරා අමාරුවෙන් වගේ ජිමින් එක්ක හිනා උනා.

" ඔප්පා? "

" මොකද බය වෙලා වගේ? "

ජිමින් ටේබල් එක උඩ තිබුන මල් පොකුර දිහා බලන ගමන් නාරාගෙන් ඇහුවම නාරා පුටුවෙන් නැගිටලා ජිමින් ළගට ඇවිත් හිටගත්තා

" එකපාරටම ආවම මම ගැස්සුනා ඉතින් "

" ම්ම්ම් කොහෙන්ද මේ මල්? "

" ඇහ්? ආහ් මේ මම ඕඩර් කලෙ "

නාරා කියද්දි ජිමින් හරිම තියුනු බැල්මකින් නාරා දිහා බැලුවේ නාරා ඉක්මනට බිම බලාගනිද්දි.

" ටින්කබෙල්, මම ජිමින් හරිද. පාක් ජිමින්. ඒක මතක තියාගෙන වැඩ කරන්න "

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now