හරිම සාමාන්‍ය විදිහට දවස් ගෙවිලා ගිහින් ජිමින්ගෙයි කිආගෙයි වෙඩින් එකත් ළං වුනේ හැමෝම වෙඩින් එකේ වැඩ වලට බිසී වෙද්දි. කොරියාවේ මේ අවුරුද්දේ සිද්ධ වෙන දැවැන්තම මංගල්‍යය මේක කිව්වොත් හරි. මොකද ඉතින් ජිමින් කියන්නේ කොරියාවේ ලොකුම කෝටිපතියගෙ පුතානෙ. ව්‍යාපාරික ලොකේ හැමෝම වගේ කතාවෙන එකම මාතෘකාව ජිමින්ගෙ වෙඩින් එක ඒ වගේම වෙඩින් එකෙන් පස්සෙ පාක් ගෲප් එකේ චෙයාමන් ජිමින් වෙන එක ගැන.
ජිමින් නම් හිටියෙ ඔය කාරණා දෙකම ගැන ටිකක් කලබල වෙලා. බිස්නස් එකේ සම්පූර්ණ වගකීම භාරගන්නවටත් වඩා ජිමින් කලබල උනේ කිආගෙ වගකීම භාරගන්න එක ගැන. මොකද ඉතින් කිආ කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක්ට වඩා හාත්පසින්ම වෙනස් ආසාවල් තියන කෙල්ලෙක්නෙ. අනිත් එක එයාටම ගැලපෙන කෙනෙක් ජිමින්ගෙ ගෙදරම ඉන්න නිසා ජිමින්ට එයාගෙ අනාගත ජීවිතේ ගැන චුට්ටක් විතර බය හිතුනා.මේ අතරේ නාරා නම් හිටියෙ මේ දවස් ගානටම දවසක්වත් වරදින්නෙ නැතුව නාරාටත් කලින් නාරාගෙ ඔෆිස් එකට එන මල් බොකි එකට වශීවෙලා. මල්බොකි එකත් එක්ක එන චූටි චිට් එක පරිස්සමට අරන් තියාගන්නත් නාරා අමතක කලේ නෑ.
" උබේ මල් කුමාරයා අද මල් එව්වෙ නැද්ද? "
වෙඩින් එකට කලින් දවසෙ රෑ නාරා, කිආව බලන්න ගිය වෙලාවේ කිආ නාරාගෙන් එහෙම ඇහුවම නාරා බිබී ඉදපු කෝෆි එකෙන් උගුරක් බීලා කිආගෙ පැත්තට හැරුනා. නාරා තප්පර ගානක් කිආ දිහා බලාගෙන ඉදලා නෑ කියන්න ඔළුව වැනුවම කිආ අමුතු විදියට හිනා උනා.
" ම්ම්ම් ඒක තමයි එහෙනම් මූණ මැලවිලා තියෙන්නෙ"
" අද ඉතින් ඉරිදනෙ මම ඔෆිස් යන දවසක් නෙවෙයිනේ "
" ආහ්හ් ඔව්නෙ.මේ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද? "
නාරා ඔළුව වනලා හා කිව්වාම කිආ නාරාගෙ ළගට ඇවිත් නාරාව බදාගෙන නාරාගෙ උරහිසෙන් නිකට තියාගෙන කතා කරන්න ගත්තා.
" ඇයි උඹ ඔය කොල්ලට ඔච්චරම කැමති. "
" ඇයි එහෙම අහන්නෙ? "
" මොකද මම දන්න නාරා කවදාවත් කවුරුත් වෙනුවෙන් මේ වගේ බලාගෙන ඉඳලා නෑ. "
YOU ARE READING
JERSEY NO.01 [ JJK ]
Fanfiction" ඔයාට පුළුවන් උනාට ඕනම දේකින් සතුටු වෙන්න. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ ඔයා විතරයි " ʟᴏᴠᴇ ᴄʜᴀɴɢᴇs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤️