CHAPTER 16 🏁

127 19 7
                                    

නිල් පාට අහස පිරෙන්න සුදු පාට වලාකුළු තැනින් තැන වැටිලා අහස හරිම ලස්සනට පෙනුනා..වටපිටාව හැම තැනම වගේ ලා කොළ පාටට හුරු ලස්සන ගස් පිරිලා තිබුනාත් බිල්ඩින් වලින් වහගෙන තිබුන සෝල් නගරේ හිතේ හැටියට ඒ ලස්සන විදගන්න තරම් අසමත් වුනා.. බාත්‍රොබ් එක විතරක් ඇදගෙන තෙත කොණ්ඩේ පිටින් බැල්කනි වැටට බරවෙලා උදේ පාන්දර ඇල්කොහොල් බෝතලේකට වැඩේ දුන්න ජොන්කුක් බෝතලේ බාගයක් වෙන්න ඉතුරු කරලා ඉතුරු ටික බැල්කනි එකේ තිබුන පුන්චි ටේබල් එකෙන් තිබ්බා..

" මොකද කුකී අද ඔෆිස් යන්නෙ නැද්ද උදේ පාන්දරම කහට කෝප්පයක් අතට අරගෙන තියෙන්නෙ "

ලොකු කල්පනාවක හිටපු ජොන්කුක් හේවොන්ගෙ කටහඩට ගැස්සිලා පියවි සිහියට ඇවිල්ලා කොන්ඩේ අතින් ටිකක් ගසලා හේවොන්ට ලාවට හිනාවුනා..

" මගෙ එනර්ජි ඩ්‍රින්ක් එකට අනං මනං කියාගෙන එන්න එපා නූනා මට තරහා යනවා "

ජොන්කුක් බොරු තරහක් මවාගෙන කියද්දි හේවොන් ටවල් එක අරගෙන ජොන්කුක්ගෙ තෙත කොණ්ඩේ පිහිද්දාන්න ගත්තා..

" මොකද උනේ කුකී ? මොකක්ද ප්‍රශ්නේ "

" එහෙම එකක් නෑ "

" එහෙම එකක් නෑ නෙමෙයි..එහෙම එකක් තියෙනවා මට අදුර ගන්න බැරිද ඔයාගෙ වෙනස "

" එහෙම දෙයක් නෑ නූනාට විකාර "

" මේ අහන්න කුකී ඔයා මගෙ මල්ලි. පොඩි කාලෙ ඉදන් මම තමයි ඔම්මා අප්පාටත් වඩා ඔයා එක්ක හිටියෙ ඔයා ගැන හොයලා බැලුවේ. ඉතින් එහෙම මට ඔයාගෙ පොඩි වෙනසක් හරි අදුරගන්න බැරි වෙයි ඔයා කියලා හිතනවාද ? "

හේවොන් ජොන්කුක්ගෙ පපුවට ඇගිල්ලකින් ඇනලා කතා කරද්දි ජොන්කුක් අත් දෙක මිට මොලවගෙන අහක බලාගත්තෙ නූනා එයාගෙ වෙනස අදුන ගත්තු එකටත් ජිමින් එක්ක තරහෙන්..කලින් දවසෙ ජිමිනුයි සුගායි එක්ක කතාවුන දේවල් ජොන්කුක්ට තාමත් එයාගෙ ඔලුවෙන් අයින් කරගන්න පුලුවන් උනේ නැහැ.. ඒ නිසාම ඊයෙ ජිමින්ව හම්බවෙන්න කලින් නාරා එක්ක කතා කරාට පස්සෙ මේ වෙනකම් ජොන්කුක් නාරාට අඩුම මැසේජ් එකක්වත් දැම්මේ නැහැ..

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now