CHAPTER 07 🏁

109 21 20
                                    

පැය, දින ගනන් ගෙවිලා ගිහින් සතියක් උනෙ හැමෝටම කාලෙ ගෙවෙනවද කියලවත් ගානක් නැති වෙද්දි. මේ සතිය පුරාම නාරා කලේ ඔෆිස් එකෙන් ට්‍රැක් එකට, ට්‍රැක් එකෙන් ගෙදරට, ආපහු ගෙදරින් ඔෆිස් එකට යන එකම විතරයි. ඔෆිස් එකේ වැඩ වලට කොච්චර බිසී උනත් නාරා ප්‍රැක්ටිස් කරන එකනම් අතපසු කලේ නෑ. මොකද ජොන්කුක් එක්ක තියන රේස් එක නිසා.
මේ සතියටම ජොන්කුක් හිටියෙත් වැඩිපුරම ඔෆිස් එකේ වැඩ වලට හිර වෙලා. ටයිම් එකක් තිබුන හැම වෙලාවකම ට්‍රැක් එකට ගිහින් ප්‍රැක්ටිස් කරන්නත්.ජොන්කුක් අමතක කලේ නෑ. ඒත් මේ සතියටම ජොන්කුක්ට නාරාගෙ හෙවනැල්ලක්වත් දකින්න නැති උනා. නාරා එයි කියලා හිතාගෙන ට්‍රැක් එකට, ක්ලබ් එකට යන හැමවෙලාවකම ජොන්කුක්ට උනේ එයාගෙ බලාපොරොත්තු අතෑරගන්න.

" මොකද නිකන් උඹ නයා මැරුන අහිකුණ්ඨකයා වගේ කල්පනා කරන්නෙ? "

ට්‍රැක් එකට ඇවිත් ප්‍රැක්ටිස් ඉවර කරලා බයික් එක පැත්තක නතර කරගෙන ඔහේ කල්පනා කරන ජොන්කුක් දිහා බලලා ටේ ඇහුවාම ජොන්කුක් ඇස් කරකවලා ටේ දිහා බලලා අහක බලාගත්තා.

" හෙට උදේ කීයටද රේස් එක "

" 10ට කියලා තමයි කිව්වේ "

ජොන්කුක් බයික් එකෙන් බැහැලා බයික් එක උඩ තිබුන ෆුල්ෆේස් හෙල්මට් එක දාගෙන බයික් එකට නැග්ගාම ටේත් එයාගෙ බයික් එකට නැගලා බයික් එක ස්ටාට් කරගත්තා.
ජොන්කුක් බයික් එක රේස් කරලා ට්‍රැක් එකෙන් එලියට දාද්දිම නාරාගෙ බයික් එක ට්‍රැක් එක ඇතු⁣ලට දැම්මෙ ජොන්කුක් එයාගෙ බයික් එකේ වේගෙ අඩු කරලා නාරා දිහා බලද්දි.
නාරා ජොන්කුක්ව ගනන් ගන්නෙ නැතුව ඉස්සරහ බලාගෙනම ඇතුලට යද්දි මින්ග්යු, හෝශි, ඩීකේ තුන්දෙනත් නාරාගෙ පිටිපස්සෙන් ට්‍රැක් එකට ආවා.
ජොන්කුක් ගේට් එක ළගම බයික් එක නතර කරලා බෙල්ල හරවලා බයික් එක වේගෙන් රේස් කරන නාරා දිහා බැලුවේ ටේ රවාගෙන ජොන්කුක් දිහා බලද්දි.

ජොන්කුක් ටික වෙලාවක් නාරා දිහා බලාගෙන ඉදලා බයික් එක රේස් කරගෙන ගේට් එකෙන් එලියට ගියා.

සතියකට විතර පස්සෙ නාරාව දැකපු නිසාද මන්දා ජොන්කුක්ගෙ හාට් එක ගැහෙන වේගෙත් වැඩිවෙලා. බයික් එක පදින ගමන්ම ෆුල්ෆේස් හෙල්මට් එක අතරින් පෙනුන නාරාගෙ අහංකාර අළුපාට ඇස් ජොන්කුක්ගෙ හිත ඇතුලෙ සක්මන් කරද්දි ජොන්කුක්ට නොදැනිම ජොන්කුක්ගෙ මූණේ ලස්සන හිනාවක් ඇදිලා මැකිලා යනවා. ජොන්කුක් මෙච්චර කාලයක් දැකපු හැම කෙල්ලෙක්ම වගේ තමන්ව දැක්කාම දෙපාරක් හැරිලා බලලා එහා පැත්තෙන් ඉන්න කෙනා එක්ක කසුකුසු ගාන ජාතියෙ කෙල්ලො. ඒ අතරෙ නාරා කියන්නෙ ජොන්කුක්ව සතපහකට ගනන් ගන්නෙ නැති කෙල්ලෙක්.ඉතින් ජොන්කුක් නාරාට මේ තරම් කැමති වෙන්නත් ලොකුම හේතුව ඒක වෙන්න ඇති.

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now