ජීවිතේ සමහර දවස් තියනවා හරිම අමාරුවෙන් ගෙවලා දාන්න සිද්ධ වෙන. කාලෙ ඉක්මන්ට ගෙවිලා ගිහින් හැම ප්‍රශ්නයක්ම ඉවර වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරන්න වෙන. ජොන්කුක් හිටියෙත් ඒ වගෙ අමාරු දවස් කීපයක් ගත කරන ගමන්. එදා හදිසියේම ජිමින් එයාව හම්බවෙලා කියලා ගිය කතාව, ඒ මදිවට නාරා හැමදේම දැනගෙන කියලා මින්ග්යු කතා කරලා කියපු එක ජොන්කුක්ට තිබුන ප්‍රශ්න තව තවත් වැඩි කලා. දවස් දෙකක ඉඳන් නාරාගෙන් මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් නැති එකත් කොල්ලගෙ හිතට සෑහෙන්න වද දුන්නා.
" මොකක්ද බන් උඹට වෙලා තියෙන්නෙ "
බැල්කනි වැටට බර වෙලා අහස දිහා බලාගෙන සිගරට් එකක් බොන ගමන් බර කල්පනාවක ඉදපු ජොන්කුක් ළගට එන ගමන් ටේ එහෙම ඇහුවම ජොන්කුක් කෙලින් වෙලා ටේගෙ පැත්තට හැරුනා.
" තියන ප්‍රශ්නයක් අපිටත් කියපන්කො "
ටේ ආපහු කතා කරද්දී ජොන්කුක් ඇගිලි අතර තිබුන සිගරට් එක තොල් අතරින් තියාගෙන එක පාරක් සිගරට් එක ඉහලට ඇදලා දුම ටික පිට කලේ ටේ අත් දෙකත් බැඳගෙන ජොන්කුක් කතා කරනකන් බලාගෙන ඉද්දි.
" ජිමින් ආවා මාව හම්බවෙන්න "
" ජිමින්? "
ටේ පුදුමෙන් වගේ අහද්දි ජොන්කුක ඔව් කියන්න ඔළුව වනලා අතේ තිබුන සිගරට් එක ඈශ් ට්‍රේ එක උඩින් තියලා ආපහු බැල්කනි වැටට බර උනා.
" එයා කියනවා මේක කලේ එයා නෙවෙයි කියලා "
ජොන්කුක් එයාගෙ ලිප්ස් ළග තිබුන කැළල පෙන්නන ගමන් කියද්දි ටේ නළල රැලි කරගෙන ජොන්කුක්ගෙ මූණ දිහා බලාගෙන හිටියේ ජොන්කුක් කියන දේ එකපාරටම තේරුම් ගන්න බැරි උන නිසා.
" ඒ කියන්නේ "
Flashback
" ඔයා කතා කරන්නෙ මේක ගැනද? ඔයා හිතනවද දැන් මේක ගැන කතා කලා කියලා මට නැති උන දේවල් ආපහු ලැබෙයි කියලා? ඔයා නිසා මට නැතිඋන මගේ ළමා කාලේ ආපහු ලැබෙයි කියලා? මිනිස්සු මාව රිජෙක්ට් කරපුවා හරියයි කියලා? මාව දැක්කත් මිනිස්සු මාව පිලිකුල් කරපුවා ඒවා නිසා මගේ හිත රිදුන ඒවා ඔක්කොම හරියයි කියලා?
මගේ හිතේ තමුන් ගැන තියන තරහ අඩුවෙයි කියලා? කවදාවත් නෑ මිස්ටර් පාක් ජිමින්.කවදාවත් නෑ. ඇත්ත මම තමුන්ගෙ නංගිට ආදරෙයි. මගෙ පණටත් වැඩිය ආදරෙයි හැබැයි එහෙමයි කියලා මම තමුන්ගෙන් පලිගන්න එක කවදාවත් නතර කරන්නෙ නෑ. මම තමුන්ව විනාස කරනවා "
YOU ARE READING
JERSEY NO.01 [ JJK ]
Fanfiction" ඔයාට පුළුවන් උනාට ඕනම දේකින් සතුටු වෙන්න. මට සතුටු වෙන්න පුළුවන් එකම දේ ඔයා විතරයි " ʟᴏᴠᴇ ᴄʜᴀɴɢᴇs ᴇᴠᴇʀʏᴛʜɪɴɢ ❤️