CHAPTER 12 🏁

117 24 9
                                    

නාරා හිටියෙ තනි කළුවර අඳුරුම අඳුරු සුදුපා⁣ට එලිය තියන පුංචි බල්බ් එකක් විතරක් තිබුන කාමරේක. මුළු රූම් එකටම නාරා හුස්ම ගන්න සද්දෙයි රූම් එකේ හයි කරලා තිබුන AC එකේ සද්දෙයි ඇරුනම වෙන කිසිම සද්දයක් තිබුනෙ නෑ. රූම් එකේ තිබුන ඇඳ උඩ නිදාගෙන ඉදපු නාරා අමාරුවෙන් අමාරුවෙන් ඇස් අරින ගමන් ඔළුවත් එක අතකින් අල්ලගෙන ඇ⁣ඳෙන් ඉඳගත්තා. යාන්තමට ඇරිලා තිබුන ඇස්වලින් රූම් එක පුරාම ඇස් යවපු නාරා නුපුරුදු තැනක ඉන්නෙ කියලා දැනුන ගමන්ම සම්පූර්ණ ඇස් ඇරලා වටපිට බැලුවේ ඇ⁣ඳෙන් ටික ටික පස්සට යන ගමන්. ඇ⁣ඳෙන් බැහැලා රූම් එකේ දොර ළගට ගිහින් දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා තිබුන නිසා නාරා ඔළුවට අත තියාගෙන පස්සට උනේ ඒසි එකේ ඉදලත් නාරාගෙ නළල දිගෙ දාඩිය බිංදු බේරෙද්දි.
නාරා කලබලෙන් එයාගෙ සාක්කු දෙක අතගගා එයාගෙ ෆෝන් එක හෙව්වත් ෆෝන් එක නෑ කියලා දැනගත්තම නාරා අතේ තිබුන ස්මාට් වොච් එක තියනවද බැලුවා. වොච් එකත් නෑ කියලා දැනගත්තම නාරා අත් දෙකෙන්ම එයාගෙ කොණ්ඩෙ ඇදගන්න ගමන් ඇ⁣ඳෙන් ඉදගත්තා.

<>

Meanwhile Park Mansion

📞 " උඹේ ඔය මාෆියා ගැන්ග් එක ගෑනුන්ගෙ වළං හෝදන්න යවපන් !! "

ජිමින් මුළු මැන්ශන් එකම දෙදරන්න කෑගහලා අතේ තිබුන ෆෝන් එකත් පොලේ ගහලා දැම්මෙ කිආ ගැස්සිලා පිටිපස්ස⁣ට විසි වෙද්දි. මින්ග්යු, හෝශි, ඩීකේ තුන්දෙනාම පෝලිමට හිටගෙන බිම බලාගෙන හිටියෙ මිස්ටර් පාක් සෝෆා එකට වැටිලා ඔළුවට අතගහගෙන ඔහේ කල්පනා කරද්දි.

නාරා අතුරුදන් වෙලා මේ වෙද්දි පැය 17කුත් විනාඩි 20ක් ගතවෙලා ගිහින් තිබුනත් මේ වෙනකන් නාරා ගැන කිසිම ආරංචියක් හොයාගන්න බැරි උනා. නාරා ක්ලබ් එකෙන් එලියට ආවට පස්සෙ මින්ග්යු කෝල් ගත්තත් නාරා ආන්සර් කලේ නැති නිසා කොල්ලො තුන්දෙනාම රූම් එකෙන් එලියට ඇවිත් ක්ලබ් එකෙයි, නාරා යන්න පුළුවන් හැම තැනකමයි නාරාව හෙව්වේ ඒ කිසිම තැනක නාරාවත් නාරාගෙ හෝඩුවාවක්වත් හොයාගන්න නැති වෙද්දි. නාරාගෙ කාර් එක පාකින් එකෙ තිබුන විදිහටම තියෙද්දි මින්ග්යු දැනගත්තා අනිවාර්යයෙන්ම මොකක්හරි වෙලා කියන එක. මින්ග්යු පුළුවන් තරම් ඉක්මනට ජිමින්ට මැසේජ් එක දුන්නෙ ඒ නිසා. ජිමින් ඒ ගැන දැනගත්ත වෙලාවෙම කිආවත් අරගෙන සෝල් ආවේ සැරින් සැරෙ සුගාටත් කෝල් ගන්න ගමන්.

JERSEY NO.01 [ JJK ] Where stories live. Discover now