ඒ ඇස් අහිමිද??

1.1K 104 14
                                    

........................................................................................
මම එයාගෙ මූනට බර වුනා ඒත් එක්කම වේදිකාවෙ මෙච්චර වෙලා වහලා තිබ්බ තිරේ විවෘත වුනා.....
වේදිකාවෙන් වැටුනේ තද නිල් පාට ලයිට් එකක්
ඒ නිල් එලිය නිසා මම එයාගෙ ඇස් දෙක දැක්ක....
ඇස් දෙක ලොකු කරන් බලන් ඉන්න එයා දිහා මම බැලුවා.....අනෙ ඒ ඇස් මගේ වුනා නම් කියලා හිතුනා මම ඒ මූනට ටික ටික ලං වුනා
එයාගෙ මං එයාට ලංවෙන මොහොතක් මොහොතක් ගානෙ එයා එයාගෙ ඔලුව පිටි පස්සට ගත්තා..... මට හිනා ගියා ඒක නිකන් පොඩි ලමයි තරහයි උනාම කට දෙපැත්තට කර කර ඇද කරනව වගෙ එකක්...... එයා එකට ගැස්සුනා.... මම එයාගෙ මූනට තව ලං වෙද්දි එයා ඇස් දෙක පියා ගත්තා.....මගෙ හිත හරි නොසංසුන් මම එයාට නොසංසුන් කරන්න ගියාට එයාට වඩා මම නොසන්සුන්
මම එහෙම්ම එයාගෙ කනට බර වුනා මගෙ කම්මුලට එයාගෙ කම්මුල ගෑවෙන තරමට ලං වෙලා......

මම දන්නවා ඔයා කලුවරට බයයි කියලා......මගෙ අතින් අල්ල ගන්න ඒකට කමක් නෑ...හැබැයි එකක් මට ඔයාගෙ නමයි ෆොන් නම්බර් එකයි ඕනේ

එයා හයියෙන් හුස්ම ගන්නවා...තව මම එයා ගාව හිටියොත් එයා පුපුරලා යයි කියලා හිතුනෙ එයාගෙ කම්බුලේ උනුසුම නිසා ......
මෙච්චර වෙලා එයාට බර වෙලා ඉදපු මම ආයෙ මුකුත් නොවුනු ගානට මගේ ශීට් එකට ඇවිත් වේදිකාව දිහා බලන් ඉදිය මට පේනව එයා තාම ඇස් දෙක ලොකු කරන් මගේ දිහා බලන් ඉන්නවා....
මගෙ හිතට කුරිරු සතුටක් දැනුනා......ඒක හරි අමුතුයි......

එයා ෆෝන් එක අරන් ආයෙ ටයිප් කලා.... මගෙ අතට තට්ටුකලා..
මම එයා දිහා බැලුවා...

(මගේ නම ඩෙවොන්...මගෙ ෆොන් නම්බර් එක 074*******
ඔහොම මිනිස්සුන්ව බය කරන්න එපා🫥🫥)

මම බය කලාද??????

(නැතුව ඔයාගෙ නම මොකද්ද??)

එහෙනම් හැමදාම බය වෙන්න ලෑස්ති වෙන්න...මම උදාර.....උදාර ශෙවොන්.....

(මොකක්????)

ඩ්‍රාමා එක බලන්න ෆෝන් එක පැත්තකින් තියලා.....

එයා ඔලුව වනලා ෆෝන් එක පැත්තකින් තිබ්බා....
හරි හොද කොල්ලෙක් හැබැයි එක වතාව කිව්ව දේ අහනවා...මගෙ හිත කිව්වා
ටික වෙලාවකින් කුවේනි නාට්‍යයේ සංවේදීම කොටස දර්ශනවෙන්න පටන් ගත්තා කුවේනියගේ සාපය යන දෙබස කියද්දි එයා මගෙ අතේ සුලගිල්ලෙන් අල්ලගත්තා.....ඒ එක් ස්පර්ශයෙන් මගේ බඩ ඇතුලේ මොනාද මොනාද වෙනව වගෙව් දැනුනා....බඩ ඇතුලේ සීතලම සීතල වෙලා යනවා දැනුනා.... මේ හැගීම මොකද්ද......මට වචනෙන් විස්තර කරන්න බෑ.... හිත ආයෙම නොසන්සුන් වුන..... මම හිමින් එයාගෙ අනිත් ඇගිලි ටිකත් හිමින් සැරේ අල්ල ගත්තා...... ඊට පස්සේ අපි අපේ ඇගිලි එකින් එක අල්ල ගත්තේ හරිම හිමින්...හරියට නෙලුම් මලක් දිග අරිනව වගේ......මම ඒ අත අල්ල ගත්තා.....එයා අත හරිම සීතලයි.... නාට්‍ය දිහා ඇහැදා ගෙන ඉදියට මගෙ හිත තිබ්බෙ සැරින් සැරේ ඇගිල්ලෙන් ඇගිල්ල එයාගෙ අතේ පැටලෙන එකට.......
කුවේනි විජය වෙන කුල කුමරියක් ගේන එක දැන ගත්තට පස්සෙ කුවේනියගේ දුක කියද්දි එයා ගන්න හුස්මේ තෙත ගතියක් දැනුනා මට ඒක ඇහුනා....මම එයා දිහා බැලුවා ඒ ඇස් වල කදුලු පිරිලා ඒවා ලයිට් එලිය නිසා දිලිසෙනවා.......මනුස්සයෙක් අඩද්දි සනසන්න මම දන්නෙ නෑ අපි හිටියෙ පිටිපස්සෙම නිසා අපේ පිටිපස්සෙ කවුරුත් ඉදියෙ නෑ.....මගෙ හොදම යාලුවො දෙන්න හොදට නිදි.....ඉතිං තව මොනා බලන්නද මම එයාගෙ ඔලුව අරන් මගෙ උරහිසෙන් තියා ගත්තා.....එයා ගෙ විරුද්දත්වයක් තිබ්බෙ නෑ..... එයත් මගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා...... එයා කදුලු මගෙ උරහිස අස්සෙ හැංගුනා.....නාට්‍ය ඉවර වෙලා ලයිට් දැල්වෙන්න විනාඩියක් තියලා එයා මගේ උරහිසෙන් ඔලුව අරන් කදුලු ටිශූ එකකින් පිහිද ගත්තා...එයා මොන මොනාදෝ ආයෙ ටයිප් කලා

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now