අයියව බලාගන්න.....

919 88 2
                                    

ඩෙවොන් ඇස් අරිද්දිත් එයා හිටියෙ ශෙවොන් ගෙ පපුව උඩ.අඩපු නිස ඇස් දෙක ඇරගන්න අමාරු වෙන්න තරමටම ඇස් පිල්ලම් වල බර ගතියක් ඩෙවොන් ට දැනුනා....ඒත් එයාගෙ හිතේ තවම ශෙවොන් අමාරුවෙන් බවයි...ඉතිං කදුලු අලුත් වුනේ නොදැනුවත්වමයි....

"ඇඩුවා මදිද???"
ඒ කටහඩින් ඩෙවොන් ගැස්සිලා ශෙවොන් ගෙ මූණ දිහා බැලුවා හිනා වෙවී තමන් දිහා බලාගෙන ඉන්න ශෙවොන් ව දැක්කම ඔලුව කෙලින් කර ගත්තා......
ෆෝන් එක අරන් ආයෙම ටයිප් කරන්න ගත්තා....

"මට කියවන්න අමාරුයි කැමති නම් ඔයාට කතා කරන්න පුලුවන් නැත්නම් මම ගෙදර ගියාම ම කියන්න...."

(එහෙම කියන්න එපා)
ඒ ක්ශනිකෙන් ඩෙවොන් තම ෆෝන් එකේ  තම හැගීම් සටහන් කලේ ඒ විදිහටයි....
ශෙවොන් ඇද පත්තට හේත්තු වුනේ කතාවකට මුල පුරන්න හිතා ගෙනයි.....

"අහන්න ඩේව්..."
ශෙවොන් ඩෙවොන් ගෙ අත් දෙකෙන් අල්ල ගන්න ගමන් කතා කරන්න පටන් ගත්තා.....
"මට ඔයාට තව ලං වෙන්න ඕනෙ....මට ඔයා ගැන දැන ගන්න ඕනේ...ඒ නිසා මාත් එක්ක කතා කරන්න වුන හැමදේම මට කියන්න...මගෙ එකම ඉල්ලිම ඒක විතරයි....."

ශෙවොන් කියන වචනයක් වචනයක් පාසා ඩෙවොන් ඒ අත් තව තදින් අල්ල ගත්තා.....හැම වචනෙකටම ඔලුව වනපු ඩෙවොන් ශෙවොන් ගෙ ඇස් දෙක දිහා කෙලින්ම බලන් ඉදියා.....දෙන්නට දෙන්න ටික ටික ලං වුනා....ඒත් එක්කම....

"ඩේව්...."
"පොඩි මෑන්....."

හදිසි ආක්‍රමණය නිසා දෙන්නටම දෙන්නගෙන් ඈත් වෙන්න වුණා....ඩෙවොන් එහෙම්ම ම නැගිටලා ගියේ ඇන්ඩෘ ගාවටයි....තමන්ගෙ අයියට තුරුල් වුන ඩෙවොන් ඊලග තප්පරේ අයියගෙ අතේ එල්ලිලා එලියට ගියා.....

"ඔයාට දැන් කොහොමද මල්ලි...."

"මම හොදින් පොඩ්ඩක් ඒ වෙලාවෙ මෙන්ටලි ස්ඩේබල් නැති වුනා....."

"අනික ඔයාට ගෑස්ටික් වගේම ප්‍රශර් පොඩ්ඩක් වැඩි වෙලා....අද ඩිස්චාර්ජ් කරයි...."

"අයියා ඇයි ඩේවින් ව මට බලා ගන්න කිව්වෙ...."

"ඇන්ඩෘ අම්මයි...එයයි ආයෙ රට යන්න වෙලා එයාලගෙ බිස්නස් වැඩ වලට...මෙච්චර කාලයක් ඩෙවොන් නිසා එයාගෙ අම්ම ගෙදර නතර වෙලා ඉදලා...මිස්ටර් ෆර්නැන්ඩුලා අපේ බිස්නස් එකත් එක්ක ජොයින්ට් වෙන්න හදන්නෙ ඒ නිසා ඒ දෙන්නටම රට යන්න වෙනවා...."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now