අමන්ද!!!!!!!

771 73 5
                                    

"ශෙවොන්...."

"කියපන් රශ්....."

"උබට හිතෙනව ද බන් මට අමන්දව බලාගන්න පුලුවන් කියල...."

මුහුදේ රැල්ල පාග පාග ඉන්න අමන්දයි ඩෙවොන් දිහා නෙත් යොමාගෙන ඉන්න ගමන් උදාර දිහා නොබලම රශ් උදාරගෙන් ඇහුවේ රශ්ට කොන්දේසි විරහිතව රශ් ආදරය කරන්න අරන් බව තමන්ටම දැනෙන්න ගත්ත නිසයි.

"රශ් මුහුද හත්ගව්වක් තියාගෙන අමුඩ ගහන්න එපා..."

"මුහුද ලග වෙලත් ඒකට ලං වෙන්න මම බයයි බන්; මුහුද නිසා දැනෙන පහසුව වගේම සුනාමියටත් මම ලෑස්ති වෙන්න ඕනෙ; මුහුදු රැල්ලට ආදරේ කරලා සුනාමියක් වුනොත්...එතකොට...."

"සුනාමියට අහු නොවී ඉන්න බලපන්.....මොකද කොච්චර විනාසයක් වුනත් පොඩි වෙලාවකින් ඒක ආයෙම යතාතත්වෙට පත් වෙන බවත් හොදට උබ මතකතියා ගනින්..."

"රශ්.........උදාර..........ඔතන හිටන් ඉන්නෙ නැතුව මෙහාට එන්න...........මෙතන හරිම ලස්සනයී.....ඉක්මනට එන්න....."

"අන්න උබේ මුහුද ලගට උබ දැන් ගියෙ නැත්නම් ඒ මුහුද ගොඩ ගලයි...."

මායි රශුයි අඩිය ඉක්මන් කරලා ඒ දෙන්න ලගට ගියා....රශ් අමන්ද ගාවට යද්දි මගේ ලස්සන ඇස් දෙකේ හිමි කාරයා මුහුදට වශීවෙලා වගෙ බලාගෙන ඉන්නවා ඇත්තට ඒ වෙලාව හරිම සුන්දරයි මනෝ ලොකේ ඉන්න වෙලාවෙ එයා මගේ පැත්ත හැරුනා ඇත්තටම මාව ගැස්සුනා ඇග දිගේ හිරිගඩු පේලියට පිපුනාවගේ දැනුනා....ඉර බැහැගෙන යන වෙලාවේ මුහුදත් රන් පැහැයට හැරවිලා ඒ ඇසුත් ඒ රන් පාටට දිලිසෙනවා; දුරින් බලන් ඉද්දි ලස්සන මේ ගැටවරයා ඇත්තටම අයිති උදාර ශෙවොන් නැමති මටම නේද කියලා මතක් වෙද්දි මුවගට නැගෙන සිනහව වචන සියදහස් ගානකින් හෝ විස්තර කල හැක්කක් නොවේ.මම හින වුන වෙලාවේ එයාගෙ උරහිසට එයාගෙ මූණ ඇල කරල ඇස් දෙක්ත් හීනි කරන් මන් දිහා බලන් දුන්න හිනාවට බඩ ඇතුලේ දගල හැගීම් ගොන්නක් එලියට පනින්න දැගලුවා.මේ කොල්ල චිත්‍රයක් කියන්න බෑ ඒකට පණ තියනවා.ඒ වගේම.........ඒ චිත්‍රේ නිර්මාණකරු කවුරු වුනත් අයිතිය සම්පූර්ණෙන්ම මගේ එයා ඒක මට තවත් තහවුරු කලේ මගේ අතේ එල්ලිලා......

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now