ඉන්න මම එන්නම්.....(බොනස් කතාංගය)

941 107 5
                                    

"ගෙදර ගියාද"

ඒ ඩෙවොන්....ෆෝන් එක අතර අරන් තල්ලරයක් වත් ගියෙ නෑ එයාගෙන් මැසේජ් එකක් දකිද්දි මට හැම දේම අමතක වුනා...

"ඔව්"

"කොහොමද දැන් අඩුද...බෙහෙත් ගත්තද....බෙහෙත් බිව්වද...ගෙදට කවුද ඉන්නෙ....කෑවද"

හෝව් හෝව් ඩෙවොන්.....මම මොකටද දැන් ඔයාට උත්තර දෙන්න ඕනෙ...."

"සොරි ඔයාට මහන්සි නේද...."

"නෑ ලමයෝ...මම හොදින්...."

"හොදින් නම් මට ඔයාව අරන් හොස්පිටල් යන්න වෙන්නෙ නෑ නේ...නේද ශෙවොන්..."

"මොකො....මොකෝ මේ ඩෝං ගිහින්...."

"එහෙම එකක් නෑ..."

"ලොකු හොදක් නෑ තාම පපුව රිදෙනවා....වැඩිය නෑ බෙහෙත් බොන්න තාම කෑවෙ නෑ කන්න කෑම හදා ගන්න විදියක් නෑ...අයියා එනකන් ඉන්නවා...."

"අනෙ ලමයො..."

"ඇයි?"

"ඉන්න ඉන්න මන් එන්නම්...."

"කොහෙද?"

මම ඒ මැසේජ් එක යැව්වට බලන්න ඕන කෙනා ඔන්ලයින් නෑ මම හිතන්නෙ එයා වැඩක් වෙන්න ඇති...මට නැගිටින්නත් ඕනේ...ඇගට පන තිබ්බට හිතට පනක් නෑ....මම එහෙම්මම ඇදට වෙලා ඉදියා...ඒ කාලෙ තාත්තා එක්ක සරුංගල් ඇරපු විදිය හැම දේම මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා....විනාඩි පහලොවක් විතර යද්දි.
ඩෝර් බෙල් එක වදින සද්දෙ ඇහුනා.....මම් ඇදෙන් බැහැලා ගිහින් දොර ඇරියා දොර ඉස්සරහ අර ලස්සන ඇස් දෙකේ අයිතිකාරයා හිටගෙන ඉන්නවා......

එයා කෑම එකකුත් අරන් දොර ඉස්සරහ හිටන් ඉන්නවා....

"ඩෙවොන් ඔයා මොකද කරන්නෙ...ඇයි මෙ....හරි මුලින්ම ඇතුලට එන්න... "

ඩෙවොන් මුකුත් කිව්වෙ නෑ....ආපු ගමන් ගියෙ කුස්සියට ගිහින් කෑම ටික පිගානකට දාගෙන ආවා...ඇවිත් මගෙ අත උඩින් තිබ්බා...ආයෙ ලියලා මගෙන් අහනවා....

(බෙහෙත් කොහෙද??)

"ෆ්‍රිජ් එකේ"

එයා මට කන්න දීලා බෙහෙතුත් දුන්න.....මාත් හ්ම් සද්දයක් නැතුව එයා කරන දේවල් වලට ඉඩ දුන්න.....ටික වෙලාවකට පස්සෙ එයා මං ගාවින් වාඩි වුනා.....වාඩිවෙලා මගෙ ඇස් දෙක දිහා කෙලින් බලන් ඉදියා.....මම ඒ ඇස් දෙක දිහා බලන් ඉදියා එයා මගෙ ඔලුව අත ගෑවා....අතගාලා එයා එයාගෙ නෝට් බුක් එකේ මොනාද ලිව්වා....

(හිතේ දුක හිර කරන් ඉදිය ඇති නේද....ඔය හිතේ තියන දේ දැන් වත් පිට කරන්න....ඔය ඇස් දෙක බැලුවම ඔය දුක පෙනවා)

මට දුක කියන්න කිව්ව එයා ඒ ඇස් වල කදුලු පුරවන්.....එයා නැගිට්ට....ඉදගෙන ඉදපු මාවා එයා එයාගෙ පපුවට තුරුල් කර ගත්ත.....මෙච්චර වෙලා හිර කරන් ඉදිට හැම කදුලක් ම තව දරන් ඉන්න බෑ කියලා කිව්වා....ඇස් වලින් කදුලු බිංදු එකින් එක වැටෙදෙදි එයා මාව තවත් තුරුල් කර ගත්තා.....
මම තව එයාව තුරුල් කර ගත්තා...එයාට තුරුල් වෙලා කොච්චර වෙලා ඉදියද මට මතක නෑ හැබැයි මට දැනුන සැහැල්ලුව කොච්චර ද කියන්න මටම තෙරෙන්නෙ නෑ.....

එයා මගෙ නලලට හාදුවක් දුන්නෙ දැන් ඔය ඇති කියන්න වගේ....
ඒ හාදුව මගෙ ඇග පුරාම කූල්මත් කලා....මගෙ ලස්සන ඇස් දෙකේ හිමි කාරයා එක බැල්මකට මගෙ හැගීම් සසල කරන්න පුලුවන් වුන එකම කෙනා මාව තුරුල් කරන් මගෙ නලලට හාදුවකුත් තියලා...දැන් මගෙ ඇස් දිහා බලන් ඉන්නවා......

"මට හැමදේම අමතක කරන්න ඕනෙ ඩෙවොන්....හැමදේම....."
මම එයාව මගෙ කලවා උඩින් වාඩි කර ගත්තා.....වෙනදට මම මේ වගෙ කලොත් ඇස් ලොකු කරන් බලන් ඉන්න එයා....අද හරි සංසුන් විදියට මගෙ දිහා බලන් මගෙ ඔලුව එයාගෙ පපුවෙන් තියා ගත්තා.....එයාගෙ හදවතේ සද්දෙ ඇහෙන දීල වගේ එයා මගෙ ඔලුව එයාගෙ පපුවෙ තියා ගෙන එයාගෙ අත් දෙකෙන්ම මගෙ ඔලුව බදාගෙන එයාගෙ මූන මගෙ ඔලුව උඩින් තියා ගත්තා.....ටික වෙලාවක් එහෙම ඉදපු එයා මගෙ උකුලෙන් නැගිට්ටා....
නැගිටලා එයා සෝෆා එකේ කෙලවරෙන් වාඩි වෙලා.... මම එයා දිහා බලන්න ඉද්දි....එයා එයාගෙ කකුලට ඔලුව තිටා ගන්න කිව්වා....මම හ්ම් කියන්නෙ නැතුව එයාගෙ කකුල් දෙක උඩින් ඔලුව තියාගෙන සෝෆා එකේ දිගා වෙලා ඇස් දෙක පියා ගත්තා....එයා එයාගෙ ඇගිලි තුටු මගෙ හිස කෙස් වල යවමින් මගෙ ඔලුව සැහල්ලු කර ගන්න උදව් වෙන්න music track එකකුත් දැම්ම.....

මම ඇස් දෙක පියාගත්තා......

--------------------------------------------------------------------------

ඊයේ සිදුවූ ප්‍රමාද දෝශය කරණ කොට ගෙන බෝනස් එකක් දුන් මා හට ඔබගේ වටිනා comment එකක් සහ vote එකක් ලබා දී ඔබගේ වටිනා අදහස් උදහස් ලබා දෙන මෙන් ඉල්ල සිටිමි......

Zendy

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now