එයා දැන් මේ ලෝකෙ නෑ.....

986 101 13
                                    

එදා මම ගෙදර එද්දි වෙනදට වඩා පොඩ්ඩක් විතර පරක්කු වුනා...පුස්තකාලෙ මිස් එනකන් ඉදියා වගේම....ආපු ගමන් රශ් ගෙ කියවිල්ල නිසා....උගෙ හැකර කටේ සද්දෙත් අහන් ඉදලා...කැන්ටිමෙන් කන්නත් අරන් දෙනකන් ඒඒඒ මාර පැටව් දෙන්නගෙන් මට බේරුමක් නම් වුනේ නෑ.....

"හම්බෝ හරිම මහන්සි....."
අපාර්ට්මන්ට් එකේ දොර ඇරන් ඇතුලට එද්දිම......

"අහ්හ්හ් හෙඩ් ප්‍රිෆෙක්ට්....දැන් ද ගෙදරට වාර්තා කරන්නෙ....."

"අහ් ලොකු බොසා......"

වෙන කවුරුත් නෙවෙයි ඒඒඒ මගෙ අයියා.....මම බෑග් එකත් පැත්තකින් එල්ලිලා දාලා අනිත් පැත්ත හැරෙද්දි අයියා අත් දෙකත් දික් කරන් ඉන්නවා....

"අහ් පොඩි එකෝ දැන් අයියව ගානක් වත් නෑ නේ වෙනදට තමා දුවගෙන ආපු ගමන් කරේ නගින්නෙ...."

"කවුද එහෙම කිව්වෙ..."
එහෙම කියලා මම අයියව හග් කලා.

"හම්බො දැන් මෙ පොඩි එකා හුගක් උස ගිහින් නේ මගෙ සයිස් එකටම ඉන්නවා....."

"ආයෙත් අහලා එන්න එපා දැන් කොටා කොටා ගාන්න.."

"නෑ නෑ දැන් කොටා නෙවෙයි දිගන්චියෙක්..."

"දිගන්චියෙක්...මරු හැබැයි..."

"ඉතිං පොඩි මෑන් මොකො දැන් තත්වේ...."

"විශේෂයක් නෑ අයියෙ....ඉස්කොලෙ වැඩ අද නම් සිංදුවක් කිව්වා....
ඒ වගේ තමා.."

"එහෙමද...අද ඩිනර් අවුට් එකක් යනවද නැත්නම් ....."

"අයියා ඔයා හොදින් ද..."

"ඇයි එහෙම්ද් ඇහුවෙ....වට්ස් රෝන්ග්"

"නෝමලි ඔයා ඔහොම හැසිරෙන්නෙ නෑ.....ඔයා අද හෙන වෙනස්...මොකක් හරි ලොකු දෙයක් හිතේ තියන් ඉන්නව වගේ..."

අයියා වෙනදට වඩා වෙනස් බව මට එයා මාව හග් කරපු විදියෙන් ම තේරුනා....එයාගෙ වෙනසට හේතුව දැන ගත්ත වෙලාවෙ...කවදාවත් නැති තරමෙ දුකක් මට දැනුනා.....

"මල්ලි....තාත්තා...."

"ඇයි....ඇයි අයියේ තාත්තා අසනීපෙන් ද??????"

එයා අසනීපෙන් නම් මම එයාව මේ වෙද්දි බේරගෙන....ඒත්.....එයා...එයා දැන් මේ ලෝකෙ නෑ මල්ලි.....

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now