උන් නිකන් ගියෙ නෑ.......

877 92 14
                                    

අම්මවයි යෙහස්වයි ඇන්ඩෘ වයි ෆලයිට් එකට දාලා වාහනේ drive කරන් එන වාඩේ පැවරුනේ ශෙවොන්ටයි....
එයාර්පෝර්ට් එකෙන් එන වෙලාවෙදි ඩෙවොන් අඩන්න ගත්තා.....ඉතිං ශෙවොන් කලේ ඩෙවොන් ගෙ කරට අත දාගෙන ආවේ වාහනේ පාර්ක් කරන තැනට....වාහනේ ඇතුලට ලගට ගිහින් වාඩි වුනාට පස්සෙත් ඩෙවොන් කලේ අඩන එක විතරයි....මම වාහනේ start කරා... A/C එකත් on කරලා මම මුකුත් නොකියා වාහනේ ගෙනිච්චේ බීච් එකට....වාහනේ නවත්තලා දාලා එයාගෙ අතින් අල්ලන් එක්කන් මම එයාව බීච් එකට...තාම වෙලාව 3:30 කවුරුවත් නැති නිසා නිදහසේ මුහුද දිහා බලන් ඉන්න මම එයාට ඉඩ දුන්නා....එයා වැල්ලෙන් වාඩි වෙලා ඈත බලාගෙන ඉදියා.....මම එයාට පොඩ්ඩක් ඈති වාඩි වුනා....

"දන්නවද ඩේව් අපි හැමදේටම පුරුදු වෙන්න ඕනෙ...අනික අපි දැන් පොඩි ලමයිනුන් නෙවෙයි නේ.....අපි ජීවත් වෙන්ම ඕන විදිය අපි හදා ගන්න ඕනෙ.....මම දැනට ඔයා එක්ක ඉන්නවා ඉස්සරහට මම ඉදියෙ නැති වුනොත්.....ඒ නිසා හැමදේටම දැන්මම ඉදන් ලෑස්ති වෙන්න......"

"හැම වෙලාවෙම හිතට තැන දෙන්න යන්න එපා මොලේට තැන දෙන්න...එතකොට අපිට ජීවත් වෙන්න ලේසි වෙයි....."

ඩෙවොන් මුකුත් කිව්වෙ නෑ....එයා කලේ ඒ වෙනුවට ඈත මුහුද දිහා බලන් ඉන්න එක විතරයි.....

"ඔයාට යන්න ඕන වෙලාවට මට කියන්න.....අද අපි ඉස්කොලෙ යන්නත් ඕනෙ....තව ඔයාගෙ බඩු ටික අපාර්ට්මන්ට් එකට ගෙන්න ගන්නත් ඕනෙ ගෙදර අයට්....."

ඩෙවොන් කරපු වැටෙන් මගේ ඇගපුරා සීතලක් දැනුනා....එයා මගේ උරහිසෙන් නිකට තියා ගත්තා...එයා හයියෙන් හුස්ම ගන්නවා.....එයා හුස්ම ගන්න එක මගෙ කන් පෙති වෙලටයි බෙල්ලටයි දැනෙන්න ගත්තා....ඉතිං මගෙ ඇග පුරාම හිරිගඩු පිපෙන්න විනාඩියක් වත් ගියෙ නෑ......

දන්නවද ශෙවොන්.....

මගෙ පපුව එක තැන නතර වුනා වගේ මට දැනුනා.....ඒ කටහඩ..... මම ජිවිතේටම ඇහුව ලස්සනම කටහඩ....සියුමැලි කටහඩක් කියනත් බෑ ඒකේ ගැබුරු හඩක් තිබ්බට ඒ තරමටම ඒක සියුම් කොල්ලෙක්ට ගැලපෙන ලස්සන voice එකක්.....

"මම දන්නවා....ඔයා දැන් පුදුම වෙලා ඇති මම කතා කරන නිසා....ඔයා කිව්ව නේ මට ලං වෙන්න ඔනෙ කියලා....මම ඒකට බයයි ශෙවොන්....මම කැමති දේවල් මගෙන් හරි ඉක්මනිම් ඈත් වෙනවා.....ඒ නිසා ඈත් වෙනවට වඩා මට ලං නොවී ඉන්න....."

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬🔞Where stories live. Discover now