6th moment

148 19 2
                                    

(edited)

"සංසාරා..මං ඔයාව ඇඬෙව්වද...ඇයි මේ..?"

හයිවේ එකේ වාහනේ නවත්තන්න කියලද ....අක්කා ඒ අස්සෙන් බය වෙලා...

"නෑ අක්කෙ...නිකං.."

"මං ඔයාව රිද්දුවා නං සමාවෙන්න සංසාරා,.."

"පිස්සුද අනේව්...ඇත්තටම එහෙම නෑ...මට නිකං ඇඬුනා..."

අක්කා මුකුත් කිව්වෙ නෑ...එක අතකිං ඩ්‍රයිව් කරන ගමන් අනික් අතින් මගෙ අත අල්ලගෙන මහපටැගිල්ලෙන් ඒ අත පිරිමැද්දා....මං දිහා බැලූවෙ නෑ..එයාගෙ අත රස්නෙයි...ඒ සී එක නිසා සීතල වෙලා තිබ්බ මගෙ අත් එයාගෙ අත අතාරින්න එපා කියලා කෑ ගැහුවා..

"ඔයා ලොකු දෙයක් හිතේ තියන් ඉන්නෙ දරුවො...පුලුවන් කියලා හිතුනම මට කියන්න...මට නැතත් යාලුවට කියන්න...තේරුණාද...?"

මං කඳුලු ටික පිහන ගමං ඔලුව වැනුවා...

"අපි ඊලඟ එක්සිට් එකෙන් එක්සිට් වෙන්නෝනා....සීට් බෙල්ට් දා ගන්න "

"මං හිතුවෙ එහා එක කියලා..."

"නෑ අපි මෙතනිං යමු...මගෙ යාලුවා ගාල්ලට ඇවිත් ඇත්තෙ දැං..."

එක්සිට් වෙලා අපි අක්කගෙ යාලුවා ගන්න ගියෙ බීච් රිසෝට් එකකට...කා එක පාක් කරලා මං ගිහින් සෙව් ව ඇහැරෙව්වා.. අපි දෙන්නා ඉස්කෝලෙ ඇඳුම පිටිං අවුලක් නැද්ද මන්දා...අපි ගිහින් වාඩි වුනාම අක්කා කෑම ඕඩර් කලා..සෙව්වගෙ පගාව දෙන්නෙපැයි මොනා නැතත්....මට නං කන්න ප්‍රියතාවයක් තිබ්බෙම නෑ...

අක්කගෙ යාලුවා ආවෙ අපි ආවට පස්සෙ.....එයාෆෝස් අක්කා කෙනෙක් එයා..එයාව දැක්කම මට වාව් කියලා හිතුනා...එයා  උසයි සුදුම සුදුයි...කළු පාට ස්පෙක්ස් දාලා ලොකු කලු බෑග් එකක් පිටේ එල්ලන් තව බෑග් එකක් අතේ අරං හිනා වෙවී ආවෙ...එයා ඇඳං හිටියෙත් එයාගෙ යුනිෆෝම් එක...අම්මෝ කෝච් අක්කගෙ යාලුවා ගැම්මක් තමයි...මායි සෙව්වයි කට ඇරං බලං හිටියෙ...මං නං ඒ අක්කා එක්ක හිනා වෙලා කන්න ගත්තා...සෙව්වා නිකං භූතයෙක් දැකලා වගේ බලං ඉන්නවා...මං ඌට අතිං ඇන්නා...එව්ව් මූ නං හරිම අපහාසාත්මකයි...මටත් එක්ක විලි ලැජ්ජයි....මට තිබ්බ ප්‍රශ්න සේරම අමතක වුනා සෙව්වගෙ මූණ දැක්කම...කෝච් අක්කා එයාෆෝස් අක්කා එක්ක බෑග් ටික කා එකට දාලා එනකං මං කලේ සෙව්වාගෙ මූණට අතිං තට්ටු කරපු එක....

 Once(Still Ongoing)Where stories live. Discover now