38th moment

37 9 1
                                    

"ඔයාට කොහෙන්ද එහෙම ෆොටො එකක් රූ..මං දන්නෙත් නෑ එහෙම එකක් ගත්තා කියලා..."

සෙව්මිණි හිටියෙ රුෂි එක්ක වීඩියෝ කෝල් එකක....කෙල්ල රුෂිට හැන්ග් අප් වෙන්න නොදෙද්දි බැටරි ප්‍රසන්ටේජ් එක කොච්චර අඩුද කියලා පෙන්නන්න යවපු ස්ක්‍රීන්ෂොට් එක නිසා ඇදිලා ආව කතාවක් තමයි ඔය....එදා සංසාරා එක්ක කට්ටිය දෙව්න්දර ගියපු වෙලාවෙ රුෂි ගත්ත ෆොටෝ එක....ඒක දැක්කෙත් සංසාරා විතරයි..

"දෙව්න්දරදි ගත්තෙ...ඔයා දැක්කෙ නෑ බබා...සුදු නං දැක්කා...."

"චූටි අනේ පුතේ....චූටි...."

"මං තියන්නං රූ...අම්මා කතා කරනවා..."

කෝල් එක එහෙමම ඉවර වෙද්දි සෙව්මිණි පහළට දිව්වා...

"ඇයි අනේ..."

"මේ අංකල් කියනවනෙ සුදු ලයිබ්‍රි එකේ නෑ කියලා..."

"මොකද්ද...?"

"මං ගිහින් බැලුවා මිස්, සුදු මිස් එතන හිටියෙ නෑ. පුස්තකාලෙ මිස් කිව්වා ආවෙ නෑය කියලා..."

සංසාරා පැය තුනකට විතර කලින් ගෙදරින්ඉයෙ ලයිබ්‍රි යනවා කියලා පොත් දෙකකුත් උස්සගෙන...සෙව්මිණිටත් එන්නෙපා කියලා තනියමයි ගියෙ..

සෙව්මිණි ගැහෙන අත් වලින් අතේ තිබ්බ ෆෝන් එකෙන් සංසාරාට කෝල් එකක් ගත්තත් ගේ ඇතුලෙ රින්ග් වෙන ෆෝන් එක ඒ හිත් වල තිබ්බ බය වැඩි කරා...

"අම්මා අප්පච්චිට කතා කරන්න....මං රුෂි අක්කට කියන්නං...."

එහෙමම උඩහට දිව්ව සෙව්මිණි රුෂිට කතා කරලා විස්තර කියන ගමන් ගියෙ සංසාරාගෙ කාමරේට....ඒ කාමරේ පුදුම තරං පිළිවෙලයි...ඔක්කෝම අස් කරලා....ඒ ඇඳ උඩ කොට්ට දෙක ළඟ සංසාරාගෙ හුරතලා වෙච්ච රතු බබාගෙ නිදා ගන්න බූල් රෙද්ද නවලා තියලා තිබ්බා වගේම මේසෙ උඩ ෆෝන් එක තිබ්බා....ෆෝන් එක අතට අරන් නිකමට එක ඕන් කරද්දි සෙව්මිණි දැක්කෙ ඒකෙ ලොක් එක අයින් කරලා කියලා....ඒ වගේම ඒකෙ උඩින් රෙමින්ඩර් එකක් ඇවිත් තිබ්බෙ නෝට් බුක් එක බලන්න කියලා....

"බය වෙලා මාව හොයන්නෙපා... හැමෝම හොඳින් ඉන්න...මං ඉන්න තැන හොඳින් ඉන්නවා...බුදු සරණයි සෙව්....අනිත් අයටත් පරිස්සමින් ඉන්න කියන්න...."

 Once(Completed)Where stories live. Discover now