බණ්ඩාරවෙල...
ඇසට ප්රිය, ගතට වුණත් සිසිලසක් ගේන ප්රදේශයක්....සීසීටීවී නොතිබ්බ තැනකින් බණ්ඩාරවෙල පැත්තට යන බස් එකක නැගපු සංසාරාව සති තුනකට පස්සෙ හරි හොයා ගන්න පුලුවන් වුනේ ධර්මකීර්ති සූරියබණ්ඩාර කියන හැම තැනම සම්බන්දතා තියන හැමදේම දිහා නිහඬව පරීක්ෂාකාරීව බලන් උන්න මනුස්සයට විතරයි.....
යන්තමට ඇඟේ හිරිගඩු මතුකරන් එහා මෙහා යන සීතල මීදුමට චානක්යාගෙ ඇස් යොමු වුණා....පටු තාර පාරක ගිය වාහනේ දැන් දැන් කඳුකර පාරක යන්න අරං....පාර දිගට වැවිළා තිබ්බ පුංචි මල් පිපුණ මල් ගස් එක්ක පුදුම ලස්සන පරිසරයක් තිබ්බට ජනගහනය හරි සීමිතයි වගේ...
සීයා අප්පච්චි කිව්වට මොකද මේ ගමණෙ ගමනාන්තය කොහොම තැනක්ද කියන එක චානක්යා අනුමාන කරලා තිබ්බෙ නෑ....ඒක ඥාති නිවසක් වෙන්නැති කියලයි හැමෝම හිතුවෙ....ඒත් ලාවන්යා සහතික කරලම කිව්වා ඒ යාලුවෙක් වුණොත් මිසක්කා ඥාති නං නෑ මෙහෙ කියලා....
රුෂියි සෙව්මිණියි එක්ක චානක්යා මේ යන්නෙ ඕනම දේකට මුහුණ දෙන්න බලාගෙන....
ගැස්සි ගැස්සි කඳු තරණය කරං ආව වාහනේ මෙතනින් එහාට යන්න බැරි බව කාටත් වැටහුණේ ඉස්සරහ තිබ්බ ගල් තැනින් තැන බිඳුණ පටු පඩිපෙල් මාර්ගය නිසා...මොකද්දෝ හේතුවකට සංසාරාගෙ සිනාමුසු අහිංසක ඇස් මතක් වුන නිසාම චානක්යා තමන්ගෙ දුරකථනෙ වෝල් පේපර් එක දිහාත් බැලුවා...යන්තමට හිනාවක් මූණට නගා ගෙන අනිත් අය එක්කම උඩහට යන්න චානක්යාත් ගල් පඩියට පය තිබ්බා..
පඩි දහයක් පහලවක් නගිද්දිම පාර දිගට තිබ්බෙ හුරුපුරුදු දසුනක් වෙද්දි හිතට දැනුන නුහුරු හැඟීමට චානක්යා තමන්ගෙ පපුවට අතකින් තට්ටු කර ගත්තා...
අරලිය මල්..
ලැබීම, නොලැබීම, නිවීම, අත්හැරීම හැම තැනකම පිපුණෙ අරලිය මල්.... ගල්පඩි පෙල උඩ අරලිය මල් වැතිරිලා....එක මලක් චානක්යාගෙ ඇඟිලි අතරට හිර වුණා, අර නුහුරු හැඟිම අතරිම්ම..
පඩියෙන් පඩිය උඩට නැගලා ඈතින් පේන ගමනාන්තය වෙච්ච සුදු පාට පිරියම් කරපු පුංචි ගොඩනැගිල්ල දිහා බලපු චානක්යාගෙ ඇස් වල ලාවට තෙත පටලයක් බැඳුණා....
YOU ARE READING
Once(Completed)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...