22nd moment

153 24 6
                                    

"අපරාදෙ ගොං සුදු ට එන්න බැරි වුනේ...අපේ හවුස් එක දින්නා... ඩී ජේ එකකුත් තිබ්බා..."

මං මේ ලෙඩ ඇඳේ ඉඳංම අහන් ඉන්නෙ සෙව්වගෙ පුරාජේරුව...දෙනියායෙ ගිහින් තෙමි තෙමි ආවත් හරි මට දැන් හුම්ම ගන්න බැරි ගානට හෙම්බිරිසාව....හචිං යනවා...හොඳටම සෙම ඇවිස්සිලා....පුදුම කරුමයක් මේක නං....රුෂි අක්කා සෙව්වාව ගෙදර එක්කන් ආවට අක්කා තාම ඉස්කෝලෙ....අද ස්පෝට් මීට් තිබිලා එතන කවුරුත් යවලා වැඩ ගොඩක් තියෙලු අක්කට ඉවර කරන්න....මං නං අද දවසට වොශ්රූම් යන්න විතරයි නැගිට්ටෙ....හරිම අමාරුයි මේ සෙම....

"උඹ නිදා ගනිං...අක්කත් එයි දැං"

මං ඔලුව වනලා ඇස් පියා ගත්තා....ඇස් පියන් ඉන්නකොට හරි සනීපයි...ඉවසන්න බැරි මේ නාහෙ එක පැත්තක් කාන්තාරයක් වෙලා අනිත් පැත්ත දියෑල්ලක් වෙන එකනෙ....තිරිසම් නාහෙ..දුක්මයි දෙන්නෙ...මං පැත්තට හැරිලා නාහෙට යටින් ලේන්සුව තියන් නිදා ගත්තා....

"සුදු කෝ නැගිටිමු......"

"ම්ම්..."

මං කෙඳිරි ගාගාම ඇස් ඇරියා...මගෙ ඉස්සරහ හිටියෙ අක්කා...එයාගෙ කොණ්ඩෙන් වතුර බිංදුවක් බේරිලා මගෙ මූණට වැටුනා...මහ රෑ නාලා මේ මනුස්සයා....

"ඔයාගෙ තාත්තා ඇවිත් වස්තු...යං බලලා එන්න..."

අක්කා මගෙ ඔලුව අතගාලා කියද්දි මං නැගිට්ටෙ සේරම අමාරු පැත්තක දාලා...

අක්කා එක්ක පහළට එද්දි තාත්තා ඇත්තටම ඇවිත්....මං තාත්තා ගාවට යද්දි එයා ඉස්සර වගේම අර ආඩම්බරකාර හිනාව දැම්මා...එකම වෙනස ඒ හිනාවෙ තැවරිච්ච ලෙංගතුකම.....

"අම්මා කෝ තාත්තා....?"

"අම්මාව බලන්න එක්ක යන්නද සුදු ව..?"

"එපා ...එයා මට කතා කරෙ නෑ එදාට පස්සෙ...."

මං මූණ ඇඹුල් කරං  තාත්තා එක්ක එළියෙ බංකුව උඩ කතා කර කර ඉද්දී තාත්තා එහෙම ඇහුවෙ...

"අම්මා කතා කරාවි ..."

එහෙම කියන ගමන් තාත්තා මගෙ උකුලෙං තිව්වෙ ෆෝන් එකක්...

"ඕක ඔයාට..."

අලුත්ම වර්ගෙ විනිවිද පේන කවරයක් දාපු සුදු පාට මගෙ අත වගේ දෙකක් විතර ලොකු ෆෝන් එකක්...

 Once(Completed)Where stories live. Discover now