15th moment

135 20 8
                                    

(edited)

"අහ්ම්...සුදු, අපි යමු...."

මං ගල් වෙලා බලං ඉද්දි අක්කා මට දොර ඇරලත් දීලා මං වාහනේට නගිනකං බලං ඉන්නවා...මං මේ ලෝකෙට ආව ගමන්ම දුවන් ගිහින් වාහනේට නැග්ගා...ආආආආ...මේ අක්කා මාව පිස්සු වට්ටනවා දෙයියනේ.....ඒකෙං මේකෙං මං හිටපු මූඩ් එකම කණපිට ගැහිලා ගියා....

ඊලඟට අක්කා මාවත් එක්කං ආවෙ රතු බබාව පෙන්නන්න ඩොක්ට ගාවට....බූල් රෙද්දක එතිලා උන්න රතු බබාව මං ට්‍රොලි එකෙං තිව්වම ඩොක්ට රතු බබාව බැලුවා...

"තුවාලෙ පැසවන්න දෙන්නෙපා....වේලෙනකන් පරිස්සං කරගන්න..."

වටේ ලෝම අයින් කරලා බෙහෙත් දාපු තුවාලෙ ඇඟට තද වෙන් නැති වෙන්න මං රතු බබාව අත් දෙකට අරං වාහනේට ආවා...අක්කා බෙහෙතුත් අරං එනකං මං නිදන් ඉන්න රතු බබා දිහා බලං හිටියා....මිනිස්සුන්ගෙ ප්‍රශ්න නිසා එයාලත් අසරණයි...හරියටම කිරි දරුවො වගේ....මං ඒ ලෝම පිරුන මූණ ඉඹ ගත්තා....
______________

"ඕයි හෙට ක්ලාස් පගයො... අනිද්දා ඉස්කෝලෙ....උඹ මොන ලෝකෙද ඉන්නෙ කියපං....මෙහෙ දීපං පොත...අන්ද භූත වාහෙ..."

සෙව්වා ටාං ගාලා මගෙ ඔලුවටත් එකක් දීලා මං අතේ තියන් හිටපු පොත ඇදලා ගත්තා...ඌ කියන්නෙ ඇත්ත..මං මෙලෝ වැඩක් කරලා තිබ්බෙ නෑ...මගෙ මීඩියා නෝට් ටිකත් ඌ ලියලා තිබ්බෙ...හැබැයි අර හැමදාම දෙන ඇගයීම් පරීක්ෂණේ ,ඒක මෙහෙමයි අපෙ සර් දෙනවා කොලේක කෙටි ප්‍රශ්න දහයක් හදලා හැම සතියෙම අපි ඒක කරන්න ඕන...හැබැයි මං ඒක තාම කරලා නෑ...ඌ මට ටොකු ඇන ඇන කියා දිදී ඒකට උත්තරත් ඌම ලිව්වා..මං ටොකු කන ගමන්ම  සඳුදා හවස තියරි ක්ලාස් එකේ කරන් එන්න දීපු පාස් පේපර් එක කරා...අපගමන ප්‍රස්තාර තාම කියලා දුන්නෙ නෑ...හැබැයි ඒකත් තියෙනවා...සර්ගෙම පිහිටයි තමා ඉතිං...නොදැන කරන්න බෑනෙ...

"කන්න එන්න කිව්වා දෙන්නට.."

දොර ගාව හිටියෙ රුෂි අක්කා....ඒකිත් හරිම අංකුට්ටෙක් තමයි...සෙව්ගෙ කාමරේට යද්දි මේකිගෙ හෙන මැනස්...දොරට තට්ටු කර කර,එන්නද අහ අහා මාර කැටයං එව්වා...ඇම්බැක්කෙවත් නැතුව ඇති මගෙ හිතේ...ඒකිගෙ පියවදනි ඉස්සරහ හොඳ එකා වෙන්නනෙ මේ සේරම...ඒකට මෙන්න මගෙ කාමරේට එද්දි.. සුදූ මං ආවා හොඳේ...ඔච්චරයි....කඩාගෙන බිඳගෙන ඇවිත් ඒකිගෙ ඇඳ වගේ පතබෑවිලා ඉන්නෙ...එව්ව්...කොච්චර කිව්වත් ලැජ්ජ නෑනෙ අම්මපා..

 Once(Completed)Where stories live. Discover now