(edited)
ඇඳ පුරාම අත යවලා බලද්දි අක්කා ඇඳේ නෑ...බාත් රූම් එකෙත් එයා නැති වෙද්දි මං කාමරෙන් එළියට ආවා...
"නාධිහ්..."
පඩිපෙල උඩ හිටං උන්න මගෙ කටිං එයාගෙ නම විතරක් මිමිණිලා පිට වෙද්දි පහළ ටීවී එක ඉස්සරහ හිටං උන්න අක්කා පිටිපස්ස හැරුණා...ඒ ඇස් වල පිරිච්ච කඳුලක් මගෙ පපුවත් එක්ක ගලෝගෙන වගේ බිම හැලෙද්දි මං කාමරේට දුවං ඇවිත් දොර වැහුවා....
මොනවද ඒ මට ඇහුනෙ....නෑ නෑ මට ඒවා අමතක කරන්න ඕනා.....දෙයියනේ නාධීහ්....
මං පහළට යද්දි අක්කගෙ සීයා ඉස්සරහ අක්කා හිටං හිටියා වෙද්දි සීයාගෙ කටින් එළියට ආව වචන මාව එතනම ගල් කරා....
"උඹ මට අකීකරු වෙන්න ලෑස්ති වෙන්නෙපා සේනාධි....ලබන මාසෙ මැරි කරන්න ලෑස්ති වෙයන්...නැත්තං අර පොඩි එකී ගැන මං වගකීමක් ගන් නෑ තේරුණානෙ.."
ඒ වචන මගෙ කන් ඇතුලෙ දෝංකාර දෙනවා...ඒ වයසක මනුස්සයා කොහොමද තව කෙනෙක්ගෙ ජීවිතයක් ගැන එහෙම සැහැල්ලුවෙන් කියන්නෙ කියන්නකො...
මං අත් දෙකෙම්ම කන් දෙක වහ ගත්තා...මට ඒ වචන අමතක කරන්න ඕනා...එතකොට අක්කා මාව අතාරීද....එයා මාව දාලා වෙන කෙනෙක් මැරි කරනකන් මට බලා ඉන්න වෙයිද...
ඊට වඩා හොඳයි මම ම බෙල්ල මිරිකං මැරෙනවා...
"සුදු...හ්...සුදූ...මේ දොර ඇරපං සුදූ....තමුසෙ අඬනවද....මට සමාවෙලා දොර අරිනවකො....සුදූ..."
අක්කා එළියෙ ඉඳං කෑ ගහනවා....මං කඳුලු පිහන් හිටපු තැනිං නැගිට්ටා,..නැගිටලා දොර අරිද්දිම ඇතුලට කඩා වැදුනු අක්කා මගෙ දිහා බලං ඉඳලා හිමීට මගෙ ලඟට ආවා...ඒ අත් වලට මාව කිටි කිටියෙ හිර වෙලා ගියා....
"මුකුත් හිතන්නෙපා...තමුසෙට මුකුත් වෙන්න දෙන් නෑ මං.,"
අක්කගෙ වචන එක්ක මට දුක යටපත් කරන් කේන්තියක් ඉස්මතු වුණා...
මං ඒ පපුවට අත තියලා එයාව මගෙන් ඈත් කරා..
"එතකොට ඔයා හදන්නෙ වෙන කෙනෙක් මැරි කරන්නද මාව දාලා..?"
"සුදූ...?"
"ඔයාට ඊට කලින් මගෙ තාත්තා ගාවටම මාවත් යවන්න පුලූවන් නං ඒක කරලා ඉන්න ප්ලීස්....හැමදේම දරාගෙන හිටියත්,තත්පරේකට හරි මට මෙච්චර ආදරේ දීපු ඔයා එහෙම කරන එක මට බ..ලන් ඉන්න බැ..රි වෙයි අක්කේහ්....අනේ මං ආදරේ විඳින්න ගත්තා විතරයි..හ්..ඇයි.. මෙහ්..ම "
YOU ARE READING
Once(Completed)
Non-Fictionලස්සනම කතාව වුණත් එක තැනක් දුකින් ලියවුණා... පරිච්ජේද ගණනාවක්ම ලියවෙන්න තිබ්බත් මේ කතාවෙ , තවත් පරිච්ජේදයක් ගැන හිතන්න හිතක් නෑ... දුක හිතෙන කතා වලට කවුරුත් කැමති නැති නිසා.... ඉතින් යන්න කලින් එක පාරක් කියන්න, ආදරෙයි නේද?.... ⭕මෙම නිර්මාණය උපුටා...