27th moment

122 17 2
                                    

(edited)

"ම්හ්ක්..."

මං ඇස් අරිද්දි ඉරවත් පායලා නෑ තාම....අක්කගෙ කාමරේ ලා නිල් පාට කර්ට්න් අස්සෙන් යන්තමට පාට වුණ අහස මං දැක්කා...එහෙමම මං බැලුවෙ මගෙ පපුව අස්සෙ මූණ ඔබන් සැප නින්දක ඉන්න එයා දිහා....තැලුං පාරවල් වල මං ඊයෙ රෑ අයිස් තියලා ජෙල් එකකුත් ගෑවා වුණාට ඒවා දම් පාට වෙලා දැන්....තුවාල නං රිදෙනවා ඇති...ඇහැරුණාම එයාට අමාරු වෙයි....මං ඒ සිනිඳු කොණ්ඩෙ අතගෑවා...අක්කගෙ කොණ්ඩෙ උරහිසෙනුත් පහළට දිග් වෙලා....එයා කොණ්ඩෙ වවනවද මන්දා දැන්....මටත් ආසයි....මගෙ කොණ්ඩෙත් දැන් ටිකක් දිගයි...එත් ස්කෝලෙ යද්දි පොල් ගස් දෙකක් බැඳං යන්න වෙයි කියලා බයටම මං කොණ්ඩෙ කපනවා....

අක්කා නින්දෙම්ම චුට්ටක් ඇඹරිලා මගෙ ඉන වටේ එතුන ඒ සනීප අත් තව ටිකක් ඔතා ගත්තා....ටී සර්ට් එකට ඇතුලෙන් ගිය ඒ අත් නිසා ඇඟ පුරා දුවන අමුතු හිරියට මාව ඇකිලුනා....එයාට ගානක් නෑ...එයා නිදිනෙ....ඒ හුස්ම පපුවෙ තැවරෙද්දි රස්නෙට දැනුණා...මං ඇස් පියන් නිදාගන්න උත්සහ කරත් නින්ද යන් නෑ වගේ.....

"දොයි නැද්ද වස්තුව....?"

අක්කා ඇහැරිලා ගොරෝසු වෙච්ච කටහඬින් අහද්දි මං බලෙන් නිදි කරවන්න හදපු ඇස් ඇරියා...

"නින්ද යන් නෑ නෙ.."

"ම්ම් එන්න මෙතනට..."

මෙච්චර වෙලා මගෙ පපුවෙ හැංගිලා උන්න අක්කා මාව එයාගෙ පපුවට තුරුල් කර ගත්තා...සනීපයි....මගෙ වගේ කටු නැති මස් පිරිච්ච ඇඟක් තියන අක්කගෙ පපුව කියන්නෙ තනිකරම කුෂන් එකක් වෙද්දි මං එයාගෙ ඇඟ අස්සටම ගිහින් තුරුල් වුනා....අක්කා මගෙ වටේට අත් ඔතාගෙන හිමීට එක අතකින් මගෙ පිට පිරිමැද්දා වෙද්දි මං නිදිමත එනකන් ඒ මූණ දිහා බලන් හිටියා...

"ඇයි ම්ම්...?"

අක්කා ඇස් වලිනුත් එක්ක ඇයි ඇහුවා වෙද්දි මං මුකුත් නොකියම බලං හිටියා...කොච්චර වෙලා හිටියද මන්දා...මට නිදිමත එන් නෑ..මට නිදාගන්න අදහසක් නැති තරම් දැන්...

අක්කා තව ටිකක් තදට මාව තුරුල් කරන් මගේ නළල ඉම්බා...මං එයාගෙ බෙල්ල අස්සෙ මූණ අතුල්ල අතුල්ල මට නිදිමත නෑ කියලා මිමිණුවා...

"නැගිටිමු ඒනං...යං..."

"අනේව්..."

"පොඩ්ඩක් ෆ්‍රෙශ් වෙලා ඇවිත් ආයෙ දොයියමු....කෝ යං..."

මගෙ කකුල් එයාගෙ ඉනවටේ ඔතං මාව උස්ස ගත්ත අක්කා ටීක් බෝල වගේ විසාල වුන මගෙ ඇස් ගණං නොගෙනම මාව අරං ගිහින් කොමඩ් එක උඩින් තිව්වා.....තියලා එයා මූණ හෝදන්න ගත්තා...ඊයෙ රෑ උස්සන් ආව මගෙ බ්‍රශ් එකයි එයාගෙ බ්‍රශ් එකයි දෙකටම ටූත්පේස්ට් දාලා අපි දෙන්නම දත් මදින්න ගත්තා...

"බැල්කනියට යමුද...?"

මං අක්කගෙන් අහද්දි අක්කා මාවත් එක්කං බැල්කනියට ආවා....ඉර පායන් එද්දි පාට වැටුන අහස පුදුම ලස්සනයි...මං අක්කගෙ උකුලට වෙලා අහස දිහා බලං හිටියා...අක්කට නං අහස එක්ක කිසි ගනුදෙනුවක් තිබ්බෙ නෑ..එයාට ගනුදෙනු තියෙන්නෙ මගෙ සරීර කුඩුව එක්ක විතරයිනෙ...එයා සැරින් සැරෙ මගෙ කම්මුල්,අල්ල,උරහිස කොණ්ඩෙ,බෙල්ල ඉඹින එක තමයි කලෙ...

මං අහස මගෑරලා එයා දිහා බලද්දි පූස් පැටියෙක් වගෙ ඇසුත් ලොකු කරං මගෙ දිහා බලං ඉඳලා මගෙ නාහෙට හාද්දක් දුන්නා...ම්හ්ක්...මං හුරතලේට හිනාවෙද්දි එයා දිගටම ඒම කරලා මගෙ තොල් උඩින් කෙටි හාද්දක් තිව්වා..මං හිනාව නවත්තලා බලං ඉද්දි එයා ආයෙම මගෙ තොල් වලට නැවිලා ඒවා එයාගෙ තොල් වලින් අල්ලා ගද්දි ඉබේටම වගේ මගෙ ඇස් පියවිලා ගියා....අඩපණ වෙලා වගේ ගිය අත් අක්කගෙ බෙල්ල වටේ එතිලා තියෙද්දි වැඩි වෙන හදගැස්ම මැද්දෙන් මං අක්කගෙ හාදුවට යටත් වුනා....

මාව උස්සලා අරං එයාගෙ ඉනවටේ මගෙ කකුල් ඔතා ගත්ත අක්කා මාව කිස් කරන ගමන්ම ටී සර්ට් එක ඇතුලෙන් පිට දිගේ ඒ හීනි දිග ඇඟිලි එහෙ මෙහෙ අරං යද්දි මටත් නොදැනිම මගෙන් බර හුස්මක් එක්ක කෙඳිරියක් එළියට ඇවිත් අක්කගෙ තොල් අස්සෙ ගිලිලා ගියා....බැල්කනියෙ ඉන්නෙ කියලවත් මට අමතක වුනා...අක්කගෙ අත් මාව එයාට තද කරගෙන සිප ගද්දි ගත වෙන කාලය තත්පර ද මිනිත්තුද කියලා අපි දෙන්නටම වගේ වගක් නැති වුනා...

"ම්හ්"

අක්කා මාව හාදුවෙන් ඈත් කරලා මගෙ නළල සිප ගද්දි මං වේගෙන් හුස්ම ගත්තා....අක්කගෙ හාදුව හරිම මෘදුයි...හරිම රසයි..ඒක මාව එයාට ඇබ්බැහි කර ගන්නවා...ඒ තරං ආදරණීයයි....කලබලයක් නැති අහිංසක හාද්දක් ඒක...පිට දිගේ ගිය අත් ඊට එහා වෙන කොහෙවත් ගියෙ නැති වෙද්දි මට පුංචිම රිදවීමක් නැතුව එයා මාව රසවින්දා....

අක්කගෙ උකුලෙ ඉඳංම මං ආදරෙ පුරවගෙන හිත අස්සෙ, එයා දිහා බලං ඉද්දි අක්කා ඇස් වලින් ඇයි අහලා මගෙ නළල ආයෙ ඉම්බා...

මං මුකුත් නෑ කියන්න දෙපැත්තට ඔලුව වනලා ඒ උරහිසක ඔලුව ඔබා ගත්තා...සනීපයි....
.
.
.
.
.
.
.
________________________________

Next moment>>

🤗❤️

 Once(Completed)Where stories live. Discover now