3rd moment

139 21 5
                                    

(edited)

"සනුති සාරණ්‍යා ඩයස්...."

" ඒ නම ලස්සනයි...අපි ඔයාට සනු කියන්නං නේ සාරා...."

සනුති හරි ලස්සනට හිනා වුණා...ඒක ඇත්ත..ඒක මං පිළි ගන්නවා...මාත් එයාට කැමතියි...ඒ වුනාට මගෙ තියන ලොකුකම ඒක පිළි ගන් නෑ...මං නිකම්ම ඔලුව වනලා කියව කියව හිටපු පොතේ මූණ ඔබා ගත්තා...මට ඇහුනා සෙව්වා අර සනුති කෙල්ල එක්ක මොනවදෝ කියවනවා...ඌට මාවත් අමතකයි..හහ්..

එදා කෝච් ඇවිත් උගන්නලා ගියාට පස්සෙ සතියක් පහු වුනා...ඉස්කෝලෙ වොලිබෝල් ටූනමන්ට් එක්ක අපිට ආයෙ අපෙ අලුත් ඉංග්‍රීසි ටීච දකින්නවත් නැති වෙද්දි ඊලඟ දවසෙම ඉංග්‍රීසි උගන්නන්න නාරිලතා මලක් අපේ පංතියට වැඩියා...මිස් සිහිනි...චූටිම චූටි මිස් කෙනෙක්...දිග කොණ්ඩයක් තියන මාර අහිංසක මිස් කෙනෙක්...එයා පුදුම තරං ලස්සනයි..මට හිතා ගන්න බෑ අපේ වයසක සුමිත්‍රා මිස් ඇරුණම ඉංග්‍රීසි උගන්නන්න එන හැම ටීචම මෙච්චර ලස්සන ඇයි ද මන්දා...මොනවා වුනත් කෝච් පේන්නවත් නැති වුනාම හරි පාලුයි...එයා මගෙ අවදානෙ ගත්තනෙ හරීයට...නැති වුනාම පාලුයි ඉතිං...

සතියක් සිහිනි මිස් එක්ක ගෙවලා ඊලඟ සතිය වෙද්දි අපේ පංතියට අලුත් ළමයි දෙතුං දෙනෙක්ම ආවා....ඒකෙං සනුති තමයි මගෙයි සෙව්වාගෙයි පැත්තට සෙට් වුණේ..ඌත් මගෙ වගේම කොට කොණ්ඩයක් තියන එකියක්...මං වගේ නෙවෙයි හැබැයි උගේ වැඩේම ඒ බලු නට්ට ගසන එක..අහල පහළ ඉන්න වුන්ගෙ ඇස් පොට්ට වෙනො කොයි වෙලාවක හරි ඉතිං...

"යමං සිහිනි බබාව බලල එන්න...එයාගෙ එසේ එක දෙන්නෙපැයි.."

මං පුටුවෙන් නැගිට්ටා...එන සිකුරාදා ඉංග්ලිශ් ඩේ එක...මං එසේ එකක් ලිව්වා....එදාට ඩ්‍රාමා එකකුත් තියෙලු...මට රඟපාන්න බෑ..මට එහෙම හැකියාවක් කොහෙත්ම නෑනෙ..ලියන කියන වැඩක් කරොත් මිසක්...

සනුතිත් අපි එක්ක ආවා...අපි එද්දි සිහිනි මිස් ඉන්නවා ස්ටාෆ් රූම් එකේ පුටුවකට වෙලා....එයාගෙ ඉස්සරහ පුටුවෙ හිටියෙ අපෙ කෝච් අක්කා...ඒ දෙන්නා හිනා වෙවී බර... කතාවක....

"ආ ළමයි...එන්න එන්න..."

මං ගිහින් මිස්ට කොල ටික දෙද්දි මිස් කිව්වෙ මහ පපුවෙ අමාරුව හැදෙන කතාවක්....

 Once(Completed)Where stories live. Discover now