"යාලුවෙක් ගේ ගෙදර ඉන්නේ සේහ......"
මට හිතුනා මොහොතකට මගේ වටේම ලෝකේ නතර උනා කියලා......
ඇයි බොරු කිව්වේ ධාරු........
මම උඩට ගත්තු හුස්ම පවා හිරකරගෙන එහෙම හිතද්දි හිතට දැනුනේ පුදුම තරමේ අසරණකමක්.....
"ඇයි සේහ හදිස්සියක්ද......."
"න්....නෑ.... මම..... මම... නිකන් ගත්තේ.... එහෙනම් පස්සේ කෝල් එකක් ගන්නම්.... ඔයා... ඔයා වැඩක්.... කර ගන්න......."
හිත තද කරගෙන ඒ ටික අමාරුවෙන් කියලා දැම්මේ කෝල් එක කට් කරලා දාන්න හිතාගෙන වෙද්දී මට ඕන වුනේ මේ දැන්මම මේ බස් එකෙන් බැහැලා කොහාට හරි දුවගෙන යන්න....
"ඒයී... ඒයී.... මෝඩ සේහ බබා... ඔහොම ඉන්නවා ටිකක්......... "
කෝල් එක කට් කරන්න හදද්දිම ධාරුගේ හඬ ආපහු කෝල් එක එහා පැත්තෙන් ඇහුනේ මම ෆෝන් එක ආයේ කණට තද කර ගනිද්දි....
"කියන්න ධාරක......"
"මෝඩ ගහ.... හැමෝම කියන දේ ඔහොම අහලා බස් වලින් බැහැලා දුවලා යන්න ගියොත් හොඳට හිටියි.... "
හිනාවක් එක්කම එයාගෙන් ඇහුන වචන එක්ක මම පුදුමෙන් ඔලුව උස්සලා එයා හිටපු සීට් එක පැත්ත බැලුවේ එයත් මම හිටපු පැත්ත බලන් ඉද්දි.....
මෝඩයා.... විනාඩි ගාණකට හරි මාව පුච්චලා දැම්මා..... මම කොච්චර දුක් උනාද..... තරහයි මම..... නපුරු මිනිහා.....
දුකයි කේන්තියයි ඔක්කොම එක පාර හිතට එද්දි මම ආයේ හැරෙන්නෙවත් නැතුව බස් එකෙන් බැස්සේ ඒ පස්සෙන්ම මට ධාරක කතා කරන සද්දෙත් ඇහෙද්දී.....
"සේහ.... ඔහොම ඉන්නවා......."
ධාරු මගේ පස්සෙන්ම එනවා.... ඒත් මම කිසි දේක ගාණක් නෑ වගේ පාර දිගේ දුවන් ආවේ ඇස් කොන් තෙත් වෙලා යද්දි.....
එයා මට විහිළුවක් කරලා තියෙන්නේ.... මාව දැක දැක බොරුවක් කියලා මගේ හිත පුච්චලා දැම්මේ එයාට හිනා වෙන්නද?? හිතට දැනුන දුක වේදනාව තාම දරා ගන්න බෑ එයා බොරුවක් කිව්වා කියලා හිතපු එක ගැන....
ඇයි ධාරු මට මෙහෙම කරන්නේ?? මාව අවුස්සලා සතුටු වෙන එක ඔයාට දැන් පුරුද්දට ගිහින්ද.... ඒක මොන විදිහේ ආතල් එකද්ද....
YOU ARE READING
නුඹ ඇවිදින් ✔️
Fanfictionඔයා මගේ ජීවිතේට ආවේ හරි අහම්බෙන්.... මම කවදාවත් හිතුවෙ නෑ මගේ හිත ඔයා ළඟ නතර වෙවී කියලවත්.... ඔයාගේ තිබ්බ මුරණ්ඩු නපුරු ගති ගුණ මාව ඔයාට ඇබ්බැහි කෙරෙව්වා... මම හිතන්නේ මට දැන් ඔයා නැතුව හුස්මක්වත් ගන්න බෑ මගේ පණ.... මම ඔයාට පුදුම තරම් ලෝභකම් කරන්න ප...