8 කොටස

2.2K 386 265
                                    

"මියූ......."

පහළට යද්දී ඇවිත් හිටියේ දෙනුවා වෙද්දී කලින් දවසේ වෙච්ච සිද්ධියත් ඒ අස්සේ මතක් වෙද්දි හිතට හරි නැති උනත් මම දෙනූ එක්ක හිනා උනා......

"උඹ කොහොමද දන්නේ මම අද ගෙදර කියලා???"

සාලේ සෝෆා එකෙන් වාඩිවෙන අතරේ මම දෙනුවගෙන් ඇහුවේ ඒකත් මගේ දිහාම බලාගෙන ඉද්දි....

"මම උඹට මැසේජුත් දැම්මා.... ඒත් උඹ සීන් කරලා තිබ්බේ නැති නිසා නැන්දට කෝල් කරහම තමයි කිව්වේ උඹ අද ගෙදර කියලා....."

"ඉතිං ඇයි උඹ ඉස්කෝලේ නොගියේ..... උඹට යන්න තිබ්බනේ.... "

කලින් දවසේ වෙච්ච සිද්ධිය නිසා හිතේ තිබ්බ නොරිස්සුම්කමටද කොහෙදෝ මටත් කලින් මගේ කට ඉස්සර වෙද්දී මම දැක්කා දෙනුවගේ මූණ වෙනස් වෙනවා.......

"ඉස්සර නම් උඹයි මමයි ඉස්කෝලේ ගියේ ඉස්කෝලේ නොගියේ එකට කතා වෙලා මියූ.... උඹ දැන් ඒවා මතක නෑ වගේ කතා කරන්නේ නිකන් මැරිලා ඉපදිලා වගේනේ..."

මම කියපු කතාවට දෙනුවා එහෙම කියද්දී මම සන්සුන් වෙන්න හිතාගෙන ලොකු හුස්මක් ගත්තා....

මොකද මොන දේ උනත් දෙනුවන් කියන්නේ මගේ හොඳම යාළුවා.... අවුරුදු ගාණක් තිස්සේ අපි දෙන්නා ඉන්නේ එකටමයි.... කේන්ති ගියත් මට ඌ එක්ක තරහ වෙලා ඉන්න ඕන නැහැ..... ඒ නිසා මේවා දික් ගස්සන්නේ නැතුව ඉවරයක් කරලා දාන්න ඕන......

"හරි හරි දැන් ඒක අමතක කරලා දාමුකෝ.... උඹ කාලද??"

දෙනුවට හිනාවක් දාන ගමන් මම එහෙම අහද්දී ඌ ඔව් කියලා ඔලුව වැනුවේ ඒ එක්කම සාක්කුවේ තිබ්බ මගේ ෆෝන් එකත් රින්ග් වෙන්න ගද්දි.....

Dharu❤️

කෝල් එක එන නම්බර් එක දැක්ක ගමන් මගේ මූණේ ඉබේම ඇඳෙන හිනාව මට නවත්ත ගන්න බැරි වෙද්දී දෙනුවා ළඟ ඉන්නවා නේද කියලත් අමතක වෙච්ච මම කෝල් එක ආන්සර් කරේ පුදුම තරම් සතුටකින්......

"හෙලෝ......"

එකසිය ගාණට ගැහෙන පපුවත් එක්ක මම හෙලෝ කියද්දී මට එහා පැත්තෙන් ආපිට සද්දයක් නම් ඇහුනේ නෑ.....

ඒ කියන්නේ එයත් අද ඉස්කෝලේ ගිහින් නැද්ද.... අනේ ඒක නම් ලොකු දෙයක්.... නැත්නම් මම නැතුව වෙන උන් එයාව දකිනකොට මට ඒක ඉවස ගන්න බෑ....

නුඹ ඇවිදින් ✔️Donde viven las historias. Descúbrelo ahora