33 කොටස

1.8K 331 227
                                    

"හරි හරි.... ඒක පැත්තකින් තියමුකෝ.... මම දෙන්නටම එන්න කිව්වේ වැදගත් දෙයක් ගැන කතා කරන්න...."

අයියා අපි දෙන්නා දිහාම බලලා එහෙම කියද්දී මමයි ධාරුයි මූණට මූණ බලා ගත්තේ කුතුහලෙන්....

"මොනාද අයියේ කතා කරන්න තියෙන්නේ??"

අයියා දිහා බලලා ධාරු අහද්දී අයියා එයාගේ පුටුවට හොඳට බර උනේ මාරුවෙන් මාරුවට අපි දෙන්නා දිහාම බලන ගමන්...

"ධාරක මල්ලි මගේ පොඩි එකාට ආදරේ කරන්නේ ඇත්තටම නේද??"

තියුණු බැල්මක් ධාරු දිහාට දාන ගමන් අයියා එහෙම ඇහුවේ මමත් ධාරු දිහා බලද්දී....

"ආදරෙයි අයියේ...."

මුලින් ටිකක් විතර තිගැස්සුනත් ධාරු අයියට කෙලින් උත්තරයක් දුන්නේ මට ඒ උත්තරේට සැනසීමක් දැනෙද්දි....

"ම්....හොඳයි... මට කියන්න තියෙන්නේ මෙච්චරයි... ඔයාලා දෙන්නම තාම තාම ඉස්කෝලේ යන පොඩි ළමයි... අවුරුදු දහ අටක් උනාට මට ඔයාලා දෙන්නම දරුවෝ වගේ... ඒ නිසා දෙන්නට දෙන්නා තේරුම් ගැනීමෙන් ඉන්න ඕන... ඒ වගේම මම ධාරකට කියන්නේ මගේ මල්ලිගේ හිත මොනම විදිහකටවත් රිද්දන්න හිතන්නවත් එපා... මම ආත්මාර්ථකාමී අයියා කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්.... ඒත් මට මගේ පොඩි එකාගේ සතුට තරම් වටින කිසි දෙයක් නෑ.... මම මගේ මල්ලිව හැදුවේ මගේම දරුවෙක් වගේ.... "

අයියා කියද්දී ධාරු ඒ දේවල් අහන් හිටියේ අවධානයෙන් වෙද්දී මම අයියා දිහා බලන් හිටියේ ඇස් වල කඳුළු පිරෙද්දි......

"අම්මා තාත්තත් ළඟ නැතුව මම මගේ මල්ලිව හරි පරිස්සමට බලාගත්තේ... හරි නම් අයියා විදිහට මම ඔයාලට ඔය වයසෙදි මෙහෙම දේකට අවසර දෙන එකත් වැරදියි... මොකද ඔයාලා ඔයාලගේ අවධානේ මූලිකවම දෙන්න ඕන ඔයාලගේ අධ්‍යාපනයට... ඒත් මට මගේ මල්ලී හිනා වෙලා ඉන්නවා දකිනවා තරම් සතුටක් තවත් නෑ... "

"මට ඒක තේරෙනවා අයියේ... මම පොරොන්දු වෙනවා සේහව හොඳින් බලා ගන්න.. ඒ වගේම ස්ටඩීස් උනත් බැලන්ස් එකේ කර ගන්න... මම සේහට ආදරෙයි අයියේ...."

ධාරු කෙලින්ම කතා කරා... අයියා එයා දිහා බලන් හිටියේ ඒ කියපු දේවල් ඒ විදිහටම වෙන්න ඕන වගේ බැල්මකින්....

නුඹ ඇවිදින් ✔️Where stories live. Discover now