18 කොටස

1.7K 363 201
                                    

දඩාස්...........

"අහ්ව්..........."

පිස්සු පූසෙක් වගේ දුවන් ගිය මට තරු විසික් උනේ මොකක හරි දඩස් ගාලා වැදුන පාරට වෙද්දී අත දිගේ ආපු කැක්කුමත් එක්ක නැති චූ බරකුත් ලෝඩ් උනේ රවියගේ සද්දෙත් මට ඇහෙද්දී....

"හේ.... ඔයා හොඳින්ද......"

වැදුන පාරට බිම ඉන්ඳ වෙලා හිටපු මට මීට කලින් අහලා නැති කටහඬකුත් ඒ අස්සේ ඇහෙද්දී මම ඔලුව උස්සලා බැලුවේ ඒ කවුද කියලා.....

"මියූ............. හූ@#*........."

ඒ අස්සේ බ්‍රේක් නැති කඟවේණා වගේ දුවන් ආපු රවිඳුවා බිම වැටිලා හිටපු මගේ කකුලේ පැටලිලා දඩ බරියං ගාලා පොළව බදා ගත්තේ උගේ ජාතික වාක්‍යකුත් කටින් පිට කරන ගමන් වෙද්දී අතේ අමාරුවත් අමතක වෙච්ච මට මහ සද්දෙන් හිනා ගියා අර කලින් දැකලා නැති පොරත් ඒකට හිනා වෙද්දි....

"උඹ මහ බම්ලෙක් මියූ.... පරම මිත්‍රයෙක් බිම වැටුනම ඔහොම හිනා වෙනවද යකෝ....."

දණහිස් වල තිබ්බ වැලි පිහදන ගමන් නැගිට ගත්ත රවියා එහෙම කිව්වේ මට රවන ගමන් වෙද්දී මම ඌට ඇද කරේ ඒ එක්කම මගේ ඉස්සරහට අතක් දික් වෙද්දී...

"අදික වේගය මරු කැඳවයි යාලුවා...."

මගේ ඉස්සරහට අත දික් කරපු අලුත් පොර එහෙම කියද්දී මම වමත දික් කරේ මගේ අනිත් අත බැන්ඩේජ් කරලා තිබ්බ නිසාමද කොහෙද අර කොල්ලා මාව පරිස්සමට නැගිට්ටවද්දි.....

යකඩද මන්දා මූ කන්නේ... ලයිට් කණුවක වැදුනා වගේ ෆීලිං එකක් ආවේ මට බිම වැටිලා ඔයින් බේරුනා මදැයි... අත තදේට වැදුනා නම් එහෙම ආයේ හොස්පිටල් එකේ ඉන්න වෙන්නේ.....

මට වඩා ඩිංගක් උස ඇඟ පත එහෙම හොඳට මේන් ටේන් කරන බවක් පේන අලුත් කොල්ලා දිහා බලන් මම කල්පනා කරද්දි රවිඳුවත් මගේ ළඟට ඇවිත් හිට ගත්තේ අලුත් බුවා දිහා හොඳට බලන ගමන්.....

"මේ මචං... උඹව මීට කලින් මම අපේ ඉස්කෝලෙදි දැකලා නෑනේ... උඹ අලුතෙන්ද??"

පොරට හිනාවකුත් දාලා රවිඳුවා ඇහුවේ ඒකා මගේ දිහාත් බලලා හිනා වෙද්දි...

අඩේ බලන්න එපැයි... මොනවා උනත් පොර පට්ට හැන්ඩ්සම්... හිනා වෙද්දිත් මාරම ලස්සනයි... හරිම නිවිච්ච පාටක් ඒ මූණේ තියෙන්නේ...

නුඹ ඇවිදින් ✔️Where stories live. Discover now