"කමෝන් වීර... කමෝන්....."
"ශාන්ත ශාන්ත ශාන්ත......"
"ගිය පාරත් දුන්නා බැටේ... මේ පාරත් දෙනවා වැඩේ... වීර එකේ වීරයෝ ටික... මේ පාරත් දෙනවා වැඩේ...."
"කමෝන් බෝයිස්... ශාන්ත තමයි වැඩ්ඩා අපේ... දිනන කෙනා එයයි පුතේ...."
බාස්කට් බෝල් කෝට් එක පුරාම තියෙන්නේ පුදුම සද්දයක්.... ජනවාරි මාසෙන් බාගයක්ම ගෙවිලා ගියේ ස්පෝට් මීට් එකේ වැඩ වලට වෙද්දී අද මේ යන්නේ බාස්කට් බෝල් මැච් වල ෆයිනල්ම මැච් එක වෙද්දී මුලු ඉස්කෝලේ පුරාම තිබ්බේ උණුසුම් තත්ත්වයක්...
"මියුරු මල්ලී ග්ලූකෝස් පැකට් ටිකක් අරන් දැන්මම කෝට් එක යන්න... අපේ උන්ට ඒවා ඕන...."
"හරි අයියේ.. මම යන්නම්...."
හවුස් එක ළඟ එකම කාලගෝට්ටියයි... ෆයිනල් මැච් එක සෙල්ලම් කරන්නේ අපේ හවුස් එකයි ශාන්ත හවුස් එකයි වෙද්දී මම හිටියේ පිස්සුවෙන් වගේ....
"ආ මියුරු... දෙන්න දෙන්න කට්ටියට ඔය ටික දෙන්න.... "
මම ගියපු ගමන් ජයලත් සර් කිව්වේ බ්‍රේක් එකේ ඇවිත් ඉඳපු ටීම් එකේ කට්ටියට මම ග්ලුකෝස් ටික බෙදද්දි...
මැච් එකට මිහී දෙනූ දෙන්නත් සෙල්ලම් කරද්දි ශාන්ත හවුස් එකට ධාරුත් අද ටීම් එකේ සෙල්ලම් කරා... මේ ස්පෝට් මීට් එක නිසාම අපි දෙන්නා ආදරේ කිරිල්ල කෙසේ වෙතත් හොඳට රණ්ඩු වෙන එක නම් අඩු නැතුව කරන් යද්දී අද මැච් එකට එන්න කලිනුත් රණ්ඩු වෙලා ඉඳපු අපි දෙන්නා හිටියේ මූණක්වත් බලන් නැතුව....
"කොල්ලනේ අද දිනන්නම ඕන.... තේරුණානේ... හවුස් දෙකම කරට කර ඉන්නේ... අද මැච් එක ශාන්ත එක දින්නොත් එයාලා අපිට වඩා ලකුණු දහයක් පහළොවක් ඉස්සරහට යයි... ඒ නිසා කොහොම හරි මැච් එක ගොඩ දාගන්න ට්‍රයි කරපල්ලා...."
ජයලත් සර්රුත් කොල්ලා වගේ තමයි මේ වැඩ වලදි... අපරාදේ කියන්න බෑ හවුස් එකේ ඉන්න අනිත් මැඩම්ලා සර්ලා ටිකත්... කට්ටියම ඉන්නේ හෙනම උද්යෝගයෙන්....
වැඩ වලට එහාට මෙහාට දුව දුව හිටපු මගේ ඇස් අහම්බෙන් නතර උනේ දාඩිය පෙරාගෙන ආම් කට් එකකුත් ගහගෙන ඉන්න ධාරු ළඟ... දාඩියට පෙඟිලා තියෙන එයාගේ කොණ්ඩේ නිසා අමුතුම කඩවසම් පෙනුමක් එයාට ඇවිත් තියෙද්දි මම බලන් හිටියේ එයාගේ උගුරු ගැටේ දිගේ පහළට රූටලා යන දාඩිය බිංදු දිහා....
YOU ARE READING
නුඹ ඇවිදින් ✔️
Fanfictionඔයා මගේ ජීවිතේට ආවේ හරි අහම්බෙන්.... මම කවදාවත් හිතුවෙ නෑ මගේ හිත ඔයා ළඟ නතර වෙවී කියලවත්.... ඔයාගේ තිබ්බ මුරණ්ඩු නපුරු ගති ගුණ මාව ඔයාට ඇබ්බැහි කෙරෙව්වා... මම හිතන්නේ මට දැන් ඔයා නැතුව හුස්මක්වත් ගන්න බෑ මගේ පණ.... මම ඔයාට පුදුම තරම් ලෝභකම් කරන්න ප...