40 කොටස

1.5K 326 181
                                    

මහ රෑ ජාමයක් වෙනකන්ම අතීත මතක වල ගිලිලා ඉඳපු මට සෝෆා එක උඩම නින්ද ගිහින් තිබ්බේ පහුවදා උදේ හීනියට දැනෙන කොන්දේ අමාරුවකුත් එක්කම මම නැගිටිද්දියි....

මතක මතක් කරන්න ගියොත් සීමාවක් නැතුවම මතක් කර කර ඉන්න පුළුවන්....

අත පයේ හිරි අරින ගමන් මම මටම එහෙම කියා ගත්තේ සෝෆා එකෙන් නැගිටින ගමන්.....

දත් මැදලා මූණ හෝදලා ඇඳුමක් දාගෙන මම නදුන් අයියා ගෙනත් දාලා තිබ්බ බඩු වලින් කිරි එකකුත් හදාගෙන ෆෝන් එක අතට ගත්තේ උදේ වරුවේ කරන්න තරම් වැඩක් නැති වෙද්දී....

හෙට ඉඳන් ඉතිං මට මෙහෙ යුනි යන්න වෙනවා... ඉස්කෝලේ කාලේ නම් ඔහේ කට්ටි පැන පැන ඉඳලා දැන් මම එම් ඒ එකකුත් කරන්න යනවා.. ජීවිතේ ඉතිං හරි පුදුමයි... මිනිස්සු ඉතිං හැමදාම එකම විදිහට ඉන්නේ නෑනේ...

මම ජොබ් එකක් කරන්න ආස උනත් අයියා නම් කැමති උනේම නෑ මම ජොබ් එකක් කරනවට... ඒ නිසා මම ලංකාවේ ඉන්නකන් එයාට බිස්නස් වැඩ වලට උනන්දු උනේ තනියම ගේ අස්සේ ඉන්න ගියොත් මට පිස්සු හැදෙයි කියලා හිතුන නිසාමයි...

කල්පනා කර කර ඉන්න අතරේ මට එක පාරටම මතක් උනේ ඊයේ ඩිනාෂ් ගේ නම්බර් එක ඉල්ල ගන්න බැරි උනා නේද කියලා වෙද්දී මම එහෙමම නදුන් අයියට කෝල් එකක් දැම්මේ ඩිනාෂ් ගේ නම්බර් එක එවන්න කියලා වෙද්දී විනාඩි පහ දහයක් ඇතුලත නදුන් අයියා මට ඩිනාෂ් ගේ නම්බර් එක එව්වේ මම ඒ නම්බර් එක මගේ ෆෝන් එකේ සේව් කර ගනිද්දී....

දැන්මම ගන්න ඕන නෑ.. සමහර විට ඌ වැඩකද දන්නේ නෑනේ....

ඩිනාෂ් ජොබ් එකක් කරනවා කියලා කියපු නිසාම මම එහෙමම ඒ අදහස පැත්තකට දාලා චිප්ස් පැකට් එකකුත් කඩාගෙන ටී වී එක දා ගත්තේ මොනා හරි බලන්න හිතාගෙන....

එදා දවසත් කම්මැලිකමේ ගෙවිලා ගියේ මම පහුවදා ඉඳන් යුනි යන්න ලෑස්ති වෙද්දී... ඊළඟ දවසේ උදේම නැගිට්ටලා මම ලෑස්ති වෙද්දිත් නදුන් අයියා මාව එක්කන් යන්න ඇවිත් හිටියේ අලුත් බලාපොරොත්තුවක් එක්ක මම ගිහින් එයාගේ වාහනේට නගිද්දි....

"ඩොකියුමන්ට්ස් හැමදේම මම ලෑස්ති කරලා භාර දීලා තියෙන්නේ මල්ලි... අපේ චූටිත් ඇති යුනිවර්සිටි එකේ... ගිහින් කෝල් එකක් දාලා බලලා මොනා හරි කර ගන්න තියෙන දෙයක් තියෙනවා නම් එයාට කියන්න හරිද..."

නුඹ ඇවිදින් ✔️Dove le storie prendono vita. Scoprilo ora