සුක්කානමට තද වූ දෑතත් ඉදිරියට අයාගත් වියලී ගිය දෙනතත් යුතුව සයෝන් නොසැලී බලන් හිටියේ තමන්ගේ අයියා ඇතුලු හිතවතුන් කිහිපදෙනෙක්ගේ කරමතින් රැගෙන එන දේහය දිහායි.. නෙෂාම් එහෙමත් නැත්නම් නිෂූ කියපු කතාව මුලින්ම ඇස් රතුවන විහිලුවක් කියලා හිතුවත් ඒ කියපු කරුණු කාරණා අතර මහ සාගරයෙන් වටවුන මේ දූපත ඇතුලේ කවුරුත් නොදන්න රහස් පවා නෙෂාම්ගේ කටින් එකින් එක පිට වෙද්දී සයෝන්ට ඒ කියන දේ පිලිගන්න වුනේ අවිශ්වාස කරන්න දශමයකවත් විවේකයක් නොතියමයි.. කියන්න ඕන මොනවද කියලා හිතාගන්න බැරුව අඩ පැයකට වඩා වචනයක්වත් පිට නොවුන කටින්, ඈතින් පේන නිෂූගේ දේහය තැන්පත් කල පෙට්ටය දැකපුතැන හිතේ තිබුන වචන පිටවෙන්න පටන්ගත්තා..
"ඡීවිතේ කියන්නේ මහ බොරුවක් බන්.. උබ උපන් දා ඉදන් නඩත්තුකල ශරීරේ අර ඈත පේන පෙට්ටය ඇතුලේ තියෙද්දිත් උබ මෙතන මම එක්ක කතා කර කර ඉන්නවා.. හිතපන්කෝ එතකොට අපි ජීවත් වෙනවා කියලා මොන ලබ්බක්ද බන් මේ කරන්නේ.. මුලු ලෝකයක් උබ මැරුනා කිව්වත් මැරුණ උබ දිහා බලාගෙන උබ ජීවත් වෙනවා.. මේක අපි කාටත් පොදු දෙයක්.. ඒත් මෙතන තියන වෙනස අනිත් හැමෝම මැරුණට පස්සේ හය හතර නොතේරෙන පුංචි උන් වෙලා ආයේ එද්දී උබ විතරක් අවුරුදු විස්සක කොල්ලෙක් වෙලා ආයේ ඇවිත් තියන එකයි"
සෑහෙන වෙලාවක් කල්පනා කරලා නිෂුට සිද්ධවුණ දේට සයෝන්ට දෙන්න පුලුවන් වුන උත්තරේ වුනේ ඒක වෙද්දී ජීවිතේ ගැන හොද අවබෝධයක් තිබුන නිෂුට වුනත් ඊට වඩා ඒ ගැන පැහැදිලි කරන්න පුලුවන් කමක් තිබුනේ නෑ..
"අර බලපන්, අයාන් අර කර තියන් යන්නේ මගේ මිනියට.. මට ආයේ ඒ ජීව්තේට යන්න බෑ නේද කියලා හිතෙද්දී මාව පිච්චෙනවා වගේ.."
"හ්ම්... මට උබව තේරෙනවා.. ඒත් මේ හැමදේටම හේතුවක් තියෙන්න ඕන.. අපි අන්න ඒ හේතුව හොයාගන්න ඕන.. එතකොට උබට මට මේ තියන ගොඩක් ප්‍රශ්න වලට උත්තර නිකම්ම ලැබේවී"
"ඇත්ත.. මුලින්ම මේ මම රිංගන් ඉන්නේ කාගේ ඇග ඇතුලටද කියලා හොයාගන්න ඕන.. ඊට පස්සේ මේ මගේ ලගට වෙලා තාමත් ඉන්න මේ කොල්ලට මොකද වුනේ කියලා හොයන්න ඕන"
YOU ARE READING
ප්‍රාණ
Non-Fictionබිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්රාණය ලබද්දී ඒ ලැබුණ ප්රාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අති...