ප්‍රාණ ආයන්ත අතීතාවර්ජන 2

603 115 35
                                    

කැස්සයි ආදරෙයි දෙකම හංගන්න බැරි වෙද්දි කැස්ස තියන කෙනා හැමෝටම ඇහෙන්න කැස්සත්,, ආදරේ හිතේ තියන හැමෝම ඒවගේ හැමෝටම පේන්න ආදරේ කලේ නෑ.. එහෙමයි කියලා හිත්වල තිබුන ආදරේ හංගන්න ඉන්න පුලුවන් උනෙත් නෑ.. ආදරේ හිතේ තියෙද්දී ඒක ඇගේ රෝමකූපෙන් පවා පේනවා වගේ ආයාන් තමන්ගේ හිතම රවට්ට රවට්ට නෙෂාම්ට රහසින් කරන ආදරේ ඒ ඇස්වලින් හොදටම පේන්න තිබුනා..

නමෝවිත්තියෙන් ආරම්භ කරපු අලුත් ශාඛාවේ වැට කටයුතු හිතුවටත් වඩා හොදදට කරෙද්දී වෙනදා ප්‍රධාන කාර්යාලයේ කාලය ගත කල අයාන් හැමදාම දුරුකතර ගෙවාගෙන දෙනියාය කාර්යාලයට එන එක පුරුද්දක් කරගෙන තිබුණා.. කාර්යාලයේ පිරිසිදු කිරීම් වලට කියලා නෙෂාම්ව ගත්තත් අයාන්ගේ අනුදැනුම මත තවත් සේවකයෙක් දිනපතාම ඇවිත් පිරිසිදු කිරීම් කරලා යද්දී නෙෂාම්ට කලේ හැමදාම හවසට නෙස්කැපේ යන්ත්‍රය ලග වාඩිවෙලා ඉන්න එක විතරක් වුනා.. මුලදි මේදේට නෙෂාම් විරුද්ධ වුනත් අයාන්ගේ බලකිරීම නිසා පස්සේ නෙෂාම්ට ඒකට කැමති වෙන්න සිද්ධ වුනා.. තමන් ගන්න මුදලට කරන සේවය කිසිසේත්ම ප්‍රමාණවත් නොවෙන බව දන්න නෙෂාම් තමන්ට පුලුවන් විදිහට කාර්යාලයේ වැඩ වලට උදව් කරන්න පුරුදු වුණා..

අහිංසකකම හුරතලය යන දෙකම උපරිමයට තිබුන නෙෂාම්, කාර්යාලයේ හැමෝටම ටුටූ වෙද්දී මේ දේ දරාගන්න අපහසුවුණ කෙනෙකුත් ඒ අතර හිටියේ  නෙෂාම්ගේ කරුමෙට වෙද්දි ඒ කෙනා නිතරම නෙෂාම්ට ඇනුමපද කියන්න වගේම රිද්දන පටන්ගත්තේ ඉරිසියාව නිසාමයි.. කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය විදිහට සේවය කල ටෙක්ලා නවීන පන්නයේ හැඩවැඩ ඇති යුවතියක් වුණත් කාර්යාලයේ වැඩි දෙනෙක් එයාට අකමැතිය වුනේ එයාගේ අමුතු හැසිරීම නිසා වෙද්දි ටෙක්ලා තමන්ගේ පහත් ගති ගුණ පෙන්නුවේ නෙෂාම්ගේ මතිනුයි..

පුරුදු විදිහට කාර්යාලයේ වැඩකටයුතු කෙරුන දවසක අයාන් ටිකක් ප්‍රමාද වෙලා කාර්යාලයට ආවත් සෑහෙන වෙලාවක් යනකම් වෙනදා තමන් ආව ගමන්ම තමන්ගේ කාර්යාල කාමරයට දුවන් එන නෙෂාම් අද ආවේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය අයාන්ගේ හිතට වද දුන්නා.. බලන් ඉදලා බැරිම තැන ආයාන් එලියට ඇවිත් වැඩ කරන කෙනෙක්ගෙන් නෙෂාම් ගැන ඇහුවේ මීට කලින් ඒ වගේ දෙයක් සිද්ධ නොවුන නිසයි..

ප්‍රාණ Where stories live. Discover now