සෙනෙහසේ ඇරඹුම

1.4K 135 89
                                    


ඇතැමුන් ගෙවුන අතීතය ගැනවත් එලබෙන අනාගතය ගැනවත් මෙහොතක් තරම්වත් වද වෙන්න වැයනොකරද්දී ගතවෙන වර්තමානය උපරිම විඳිද්දී, විඳින්න තියන ජීවිතය විඳවමින් ගත නොකර හැමදේම වෙන්නේ හොදටයි කියලා හිත හදාගන්නේ  දුර්වලකමක් නිසා නෙවෙයි, ඒ ඔවුනගේ දරාගැනීම නිසා.

හැමදේම උපේක්ෂාවෙන් දරාගන්න හැමෝටම බැරි වෙද්දි යමක් කමක් තේරෙන වයසේ ඉදන්ම අයාන් හැමදේම දිහා බැලුවේ උපේක්ෂා සහගත හිතින්.. හිමිවීම් අහිමිවීම් දුක සතුට සමසේ දරාගෙන අයාන් ඒ ආව ගමන ලේසී පහසු එකක් නොවෙද්දී ඒ ගමනින් ලැබුන ප්‍රතිඵල නම් හැමෝටම සහනයක් වුනා.. මුලින් අම්මාගේ සෙනෙහස අහිමි වෙද්දී, හොදම යාලුවා වුණ දුෂ්මන්ත නිසා තාත්තත් ජීවිතයෙන් සමුගද්දී, සයොන්, දියත, නිෂූ, නිසා තමන්ගේ එකම ආදරය අත්හැරෙද්දී, මුල ඉදන්ම තමන් රැවටිලා බව දැන දැනත් අලුතින් පටන් ගත්ත ජීවිතේ සුනුවිසුණු වෙලා අවාසනාවන්ත විදිහට දරුවෙක් එක්ක ලෝකේ තනිවෙද්දී, ආයෙම තමන්ගේ ආදරේ තමන්ගේ දොතටම ආවත් ඒ හැමදේම කලින්ට වඩා වෙනස්වෙද්දී, අතුපතර විහිදුන මහා වෘක්ෂයක පොලව පතුලටම ගිලා බැහැපු මුදුන් මුලක් වගේ අයාන් ඒ හැමදේම දරාගත්තා..

ඉතාම දුශ්කර කාලයක් ගත කරලා සතුට කියන වචනේ වචනෙන් විතරක් නැතුව ක්‍රියාවෙන් පවා පෙනෙන් පටන් ගද්දී අයාන් නෙෂාම් ඒ වගේම තේවී පැටියත් ඒක පවුලක් විදිහට නීතියෙන් සහතිකයක් ගත්තේ ඒක අත්‍යවශ්‍ය වුණ නිසා නෙමි,, හිත් වලට සහනයක් ඕන වුණ නිසයි.. සයෝන්ගේ දියතගේ නිවුන් දරුවෝ දෙන්නා මේ ලොකේ එලිය දකිද්දී තේවී හයමාසේ සම්පූර්ණ කරපු නිසා අයාන් නෙෂාම්වයි තේවීවයි අරන් චිකාගෝ ගියේ අලුත ඉපදුන බබාලා බලන්න විතරක්ම නෙමි, එයාලගේ බැදීමට නීතියෙන් නමක් ගන්නත් එක්කයි.. ලියවිල්ලක අත්සන් කරලා නෙෂාම්ව තමන්ගේ කරද්දී තේවීගේ හිමිකමට නෙෂාම්ගේ නමත් ඈදගන්න අයාන්ට පුලුවන් වුණා..

මාසයක් විතර චිකාගෝ ඉන්න හිතාගෙන ආව ගමනේ පලවෙනි සතිය කාර්යබහුලව ගත වෙද්දි අයාන් අවස්ථාවක් හෙව්වේ නෙෂාම් එකක් තනිවෙන්නයි.. නෙෂාම්ව නීතියෙන් අයිතිකරගත්තත් ආත්මයෙන් තවම අයිතිකරගන්න බැරි වෙද්දී අයාන්ගේ හිතේ බයක් තිබුනේ ඒ දේ ඉක්මනින්ම සිද්ධ වෙලා පෙර භවයේ සාපය ඉක්මනට ඉවරකර ගන්න ඕන වුණ නිසයි.. සෑහෙන කලක් පිඹුරු පත් ඇදලා සයෝන්ගෙත් උදවු ඇතුව චිකාගෝ වල තියන සුන්දරම විල ලග මහ විසාල නූතත් හරිම ආකර්ශණීය නවාතැන්පලක උඩුමහල් කාමරයක නෙෂාම් එක්ක තනිවුනේ දහසකුත් බලාපොරොත්තු පොදිබැදගෙනයි..

ප්‍රාණ Tempat cerita menjadi hidup. Temukan sekarang