ආදරයෙන් බැඳුණු හිත් දෙකක් වෙන්කරනවා තරම් පවක් මේ ලෝකේ නැති වෙද්දී නොදැන දැන දැනම කල ඒ පව ගෙවා ගන්න බැරිව විදවන හිත පසුතැවීමෙන් හෙම්බත් වෙද්දී සයෝන්ට ඕන වුනේ ඒ හැම වදරක්ම නිවැරදි කරන්න වුනත් ඒක හිතන තරම් ලේසී නොවුනේ කාලය ආපසු හරවන්න බැරි නිසයි.. ආයාන්ගෙන් අහලා දැනගන්න තරම් හිත හයිය නොවුන නිසා සයෝන් ඒ අතීත කතාවේ අගමුල දැනගන්න පිහිට පැතුවේ භාතියගෙන්...
"ඉතින් එතකොට අයියා කියන්නේ අපේ අයියා ආදරේ කලේ චූටිට කියලද...."
"චූටී....?"
"නෙෂාම්"
"හ්ම්... ඔවු... ඒක ආදරයක් නෙමි බන් ඊටත් එහා ගිය සංසාර බැදීමක්... උන් දෙන්නටම ඕන වුනේ නෑ ඒ ආදරේ අයිති කරගන්න.. දෙන්නටම ඕන වුනේ තමන්ගේ ආදරේ සතුටින් ඉන්නවා දකින්න.. කියනවට විස්වාස කරපන් ටුටූ එතකොට පොඩි කොල්ලෙක් බන් ඒත් ඌගේ ආදරේ මාරම පරිණතිය.. "
"හ්ම්... "
"උබ දන්නවද... අපි ට්‍රිප් එක ගිහින් එදා නිෂුට වුණ දේ ගැන දැනගත්තම ටුටූ නරකට වචනයක්වත් කිව්වේ නෑ.. වෙන එකෙක්නම් අරූව මරන් කනවනේ.. ඒත් ටුටූ හැමදේම අහන් ඉදලා අන්තිමට කිව්වේ(( සුදු අයියේ මම කොල්ලෙක්නේ මට කොහොම හරි මේ සමාඡේ ජීවත් වෙන්න පුලුවන්.. ඒත් ඒ අක්කා පවුනේ.. වරදක් නොවුනත් මිනිස්සූ කතා හදයි.. ඒ නිසා ඔයා එයාගේ වගකීම ගන්න ඕන කියලා)) මට තාම ඒ වචන ඇහෙනවා වගේ.. අර පොඩි කොල්ලා මහා බර වචන ගොඩක් කියලා ඌ ලග අයාන්ගෙන් කියලා ලැබිලා තිබුන එකම දේ වෙන පෝන් එක මේසේ උඩින් තියලා ((මම තරහා නෑ මගේ සුදු අයියේ ඔයා සතුටින් ඉන්න)) කියලා ඔපිස් එකෙන් එලියට බැහැලා ගියා ගියාමයි ආයේ හුලගක්වත් වදින්න ආවේ නෑ.. "
භාතිය කියන වචන ඊයම් බරු වගේ සයෝන්ගේ පපුව පසාරුකරන් යද්දී තවත් ඒ මුණ බලන්න තරම් හයියක් සයෝන්ට තිබුනේ නෑ..
"උබ හිතන්නේ උබේ අයියා හරකෙක් කියලද.. ඌ හොදටම දැනගෙන හිටියා එදා උගෙන් නිෂූගේ කෙස් ගහකටවත් වරදක් වුණේ නෑ කියලා.. ඒත් එදා හොටෙල් එක ඇතුලේ උබලා නටපු නාඩගමේ හැටියට ටුටූ කියපු වචන වලත් ඇත්තක් තියන නිසා ඌ නිෂූව බදින්න කැමති වුනා.. "
KAMU SEDANG MEMBACA
ප්‍රාණ
Nonfiksiබිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්‍රාණය ලබද්දී ඒ ලැබුණ ප්‍රාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අති...