අහම්බෙන් හරි බලහත්කාරයෙන් හරි අපේ ජීවිත වලට එන සමහර මිනිස්සු අපි ආදරය හෝ වෛර නොකලත් අපේ ජීවිත වල ඉඩක් ගන්නවා.. නිෂූ කියන්නේ තමන්ගේ ලෙයින් ජාතක වුණ දරුවගේ අම්මා වෙද්දී හිතේ වෛරයක් හෝ ආදරයක් නැතත් අයාන්ට නිෂුව නොසලකා හරින්න බැරි වෙද්දී මේ ගතවෙන පුර පෝය නිෂූගේ ආත්මයේ අවසන් දවස වෙද්දී ඒ ආත්මයේ ආයාචනයට ඉඩ නොදී ඉන්න අයාන්ට බැරිවුණා..
ප්‍රාණ පුර්ණය සඳහා කෝවිල් භූමියට ඇතුල්වෙද්දී තිබුන නිල් ඇස් පූජාව අතර තුර කලුපාට වෙද්දී අවසන් වතාවට නෙෂාම්ගේ ශරීරයේ ආදිපත්‍යය ගත් නිෂූගේ ආත්මය සියල්ල අත්හරින සුදානම් වෙලා හිටියේ කල පවු වලට හිලව් වෙන්නයි.. කරපු පවු වලට වඩා හෘද සාක්ෂියට දැනෙන බර වැඩි නිසාම නිෂූට ඕන වුනේ අයාන්ගෙන් සමාව ගන්න වෙද්දී හැගීම් පෙන්වන් නොතේරෙන නිෂූට හිතේ දහසක් දේ තිබුනත් කියන්න පුලුවන් වුනේ යාන්තමින් එකතු කරගත්ත වචන කීපයක් විතරයි.
"සමාවෙන්න... මගේ ආත්මාර්ථකාමීකම නිසා සිද්ධවුන හැමදේටම.. හිතුවේ හැමදේම හොදින් විසදෙයි කියලා.. ඒත් ඉතින්... හ්...හ්..."
ලොකූ හුස්මක් අතෑරපු නිෂූ අද දවසේ අවසන් ප්‍රාණ පූර්ණය නිසාම කෝවිලට ආව සයෝන්ගේ ඇකයේ සනීපෙට නිදාගෙන ඉන්න තේවී මැණික දිහා බලලා යාන්තමට හිනා වුනේ අතාරින්න බැරි බැදීම් කියලා දෙයක් තිබුනත් අකමැත්තෙන් වුනත් අතාරින් වෙන බව තේරුම් අරගෙනයි..
"මගේ පැටියව පරිස්සමට බලාගන්න.. එයාට මම වගේ වෙන්න දෙන්න එපා.. එයාව ඔයා වගේ හදන්න.. මම යනවා කියන්නත් බෑ.. ගිහින් එන්නම් කියන්නත් බෑ.. මොකද මට යන්නත් ආයේ එන්නත් දෙකම බෑ.. මම හිටියත් ඉන්නේ නොපවතින කෙනෙක් විදිහට.. අදින් පස්සේ නිෂූ කියලා කෙනෙක් නෑනේ.. ඉතුරු වෙන්නේ නෙෂාම්ගේ සම්පූර්ණ වුණ ආත්මය විතරයි...."
නිෂූ කියපු කිසිම දේකට අයාන් ප්‍රතිඋත්තර නොදෙද්දී... නිෂුගේ ආත්මයට කියන්න ඕන වුණ වචන නෙෂාම්ගේ කටින් පිට වෙද්දී ඒ වචන අවසන් වෙනවා එක්කම කලු ඇස් ආයේ නිලට හුරු අලු ඇස් වෙද්දී නෙෂාම් තද නින්දකට වැටුනේ ප්‍රාණ පූර්ණය ඇරඹුණ බවට ඉගිකරලයි.. නෙෂාම් තද නින්දේ ඉන්නේ අතර තුර තේවීව අතට ගත්ත අයාන් සාමී ලගට ගියේ පරණ මතකයක් අලුත් කරගන්නයි... අයාන් අතේ ඉන්න තේවී දැකපු සාමීගේ මුණට ආවේ නිවුණු හිනාවක් වෙද්දී මහ බරකින් නිදහස් වුණා හැගීමක් අයාන්ට දැණුනා..
YOU ARE READING
ප්‍රාණ
Non-Fictionබිඳුණු බඩූ ලේසියෙන් ඉවත දැම්මත් බිඳුණු මිනිසෙක් ලේසියෙන් ඉවත දාන්න බැරි වෙද්දී බිඳිලා විසිරෙන්න ඔන්න මෙන්න ඉදපු හිතක් අලුතෙන්ම ප්රාණය ලබද්දී ඒ ලැබුණ ප්රාණයේ ණය ගෙවන්න සංසාරෙම මදි වෙද්දී ආත්මයෙන් ආත්මයේ පතා ආව හිතක් කොහොම නම් අතින් අතාරින්නද... අති...